රජ වාසල සුනකයා

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රජ වාසල සුනකයා

    නිධාන කතාව:

    යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් අවංක සාධාරණ රජකෙනෙකු දශරාජ ධර්මයෙන් රජකම් කරන කල්හි, එක්තරා නගරයකදී රජගෙදර සුරතලයට ඇතිකරන රජවාසල සුනඛයෝ දෙදෙනෙක් මස්කටුවකට පොරකෑමේදී එකෙක් අනෙකාගේ බෙල්ල හපා කා අනෙකා මළේය… මිය ගිය සුනඛයාගේ හපා කෑම් වලින් අනෙක් සුනඛයා ද අසාධ්‍යව පාරේ වැටී සිටීයදි රාජ සේවකයෝ ඒ සුනඛයා රාජකීය පශුවෛද්‍යවරයා වෙත ගෙනගොස් යන්තම් බේරා ගත්තේය…. පසුව ඒ සුනඛයා කෙමෙන් කෙමෙන් සුවය ලදී…. දෙදෙනාම රජගෙදර ඇතිකළ සුනඛයන් නිසා නොමැරී ඉතිරි වූ සුනඛයාට අනෙක් සුනඛයා මැරුවැයි යන වරදට නියපිටින්වත් පහරක් නොගසා නැවතත් යථාපරිදිම හැසිරෙන්නට ඉඩ දෙමින් බ්‍රහ්මදත්ත රජතෙමේ දැහැමෙන් සෙමෙන් රට පාලනය කළෝය…
    ********************************************************************************************************
    z_p01-bharatha.jpg
    ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා

    ජනතාවට සේවය කිරීම පිණිස පත් කරන නියෝජිතයන් තෝරන යුද්ධයේදී එකම පක්‍ෂයේ පාර්ශව දෙකක් වන “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා සහ “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා අතර වූ ද්වන්ධ සටනේදී මාරාන්තික වෙඩිපහරක් හේතුවෙන් “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා දෙව්ලොව බලා ගොස් ඇත. රටේත් ජනතාවගේත් වාසනාවකට සහ ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන්ගේ දක්‍ෂකම නිසා “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා දැන් සුවය ලබමින් පවතින බව නිලි-නොවන (ඒ කියන්නේ අනුන්කෙලීගේ අනුමැතියකින් තොරව නිකුත් වූ පුවත්) ආරංචිමාර්ග වලින් අපට දැනගන්නට ලැබී ඇත…
    මේ දෙදෙනාම යහපත් පැටිකිරියකින් යුතු දේශපාලන අතීතයක් ඇති පුද්ගලයෝ වෙති. දෙදෙනොම මියගියා නම් රාජ්‍ය අනුග්‍රහය ඇති මළගෙවල් දෙකක් එකලඟ බලාගැනීමේ අවස්ථාව මහජනතාවට උදාවනු ඇත… ඊට වඩා දෙයක් මට නම් හිතාගන්නට නොහැක. බොරැල්ලේ පිහිටි රාජ්‍ය මුද්‍රණාලයේ සිදු වූ අලකලංචියට සම්බන්ධ වූයේ මෙතුමා බව සමහරක් නොදන්නවා ඇත.. නමුත් මේ මහතා ජනතාවට බොහෝ සේ උපකාර කළ බවට නම් බොහෝ දෙනා පවසති. “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මුලින්ම කරළියට පැමිණියේ සිය පැරණි පෙම්වතියගේ ලාබාල නැගණිය අතවරයට ලක්කළා යැයි නැඟුනු අයුතු චෝදනා නිසාත්, දකුණු පලාත් පලාත්-සභා මන්ත්‍රිනී අනුන්කෙලී මැතිණිය හා සම්බන්ධ හුටපටයක් සම්බන්ධව එලිලවුන අභූත චෝදනා නිසාත්ය… ඒ මැතිතුමා ආණ්ඩුවට එක් වූයේ සිය සහෝදරයාගේ මාධ්‍ය සමාගම බේරාගන්නට යැයි විපක්‍ෂයේ ඇතැමුන් චෝදනා නැගුවද, ඇත්තෙන්ම කොළඹ ජනතාවට සේවය කිරීමට විපක්‍ෂයේ තැනක් නැතිවීම නිසා බව සැවොම දන්නා කරුණකි.
    mrds107.jpg
    ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති දුමින්ද සිල්වා මැතිතුමා - ජනපතිතුමාගේ දෑත් ශක්තිමත් කරමින්...

    “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා අනතුරුදායක තත්ත්‍වයෙන් මිදී ඇති බව දැනගන්නට ලැබීම සාමය අගයන සැමදෙනාටම සතුටු වියහැකි කරුණකි. අප සැම දෙනා දැන්ම ළඟම ඇති පන්සල් කරා ගොස් ඒ මහතාට ඉක්මන් සුව පතා බෝධිපූජා පැවැත්වීමත්, “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාට නිවන්සුව පතා දාන-මාන පිංකම් ආදියත් සිදු කළ යුතුය…
    “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරා ගැනීමට හේතු කිහිපයක් ඇත. පළමු වැන්න මිනිස් ජීවිතයක වටිනාකම හොඳින්ම දන්නා ඒ මහතා ඒ නිසාම බේරා ගත යුතුය. දෙවැන්න වන්නේ කොළඹ නගරයට සේවය කිරීමකට සිටින “දේශපාලන නායකයෙකු” (Political Leader) අකාලයේ මෙසේ මිය යාම සිදු නොවිය යුත්තක් නිසාය… (මේ කතාව කිවුවේ බොර දියෙහි මාළු බැම පිළිබඳ ආචාර්ය උපාධියක් ඇති ආචාර්ය දයාසොරි ජයසේකර මැතිතුමාය ) තෙවැනි කාරණය වන්නේ සිදු වූ සිදුවීම පිළිබඳ ප්‍රථම ගණයේ සාක්‍ෂියක් වන “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ සහායෙන් “ජනාධිපති උපදේශක” අතිගරු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා සාහසික ලෙස ඝාතනය කළ අපරාධකරුවන් පිළිබඳ පැහැදිලි තොරතුරු ලබාගැනීමට හැකි වීමයි… මෙයට පෙර ද රත්නපුරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නැගී එන තරුණ මන්ත්‍රීවරයෙකු වූ නාලන්ද එල්ලාවල මහතා සියදිවි නසා ගැනීම පිළිබඳ සාක්‍ෂි ලබා ගත්තේ එතැන සිටි එකළ විපක්‍ෂ මන්ත්‍රී සහ විපක්‍ෂ පලාත්සභා මන්ත්‍රී – දැන් ඇමති වරු වන සුසන්ත පුංචිනිලමේ සහ මහින්ද රත්නතිලක මැතිතුමන්ලාගේ සහයෙන් සහ එතැන හැංගී (සමහරු නම් කියන්නේ සරමේ චූ ගොස් ) සිටි ඩිලාන් පෙරේරා මැතිතුමන්ලාගේ සාක්‍ෂිවලින් වීම නිසා… මෙවැනි සිදුවීමකදී එවන් ප්‍රභූවරුන්ගේ සාක්‍ෂි අපරාධකරුවන් ඇල්ලීමට හෝ සිදු වූ සියදිවි නසාගැනීම පිළිබඳ පැහැදිලි සාක්‍ෂි ලබා ගැනීමට ඇති හැකියාව ගැන සලකා බැලීමේදී “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරා ගැනීමට යෙදිය යුතු සෑම බලයක්ම ශක්තියක්ම යොදවා ගත යුතු බව මගේ හැඟීමයි..
    ***************************************************************************************************
    duminda-silva-brain.jpg
    දුමින්ද සිල්වා මැතිතුමාගේ හිසෙහි ස්කෑන් ඡායාරූපය

    “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා සැත්කම් කිහිපයකට භාජනය කළ බව සැළයි.. මේ අතර හිසට වැදුන වෙඩි පහරකින් මොළයට හානි වූවා දැයි සොයාගැනීමට කළ ස්කෑන් පරීක්‍ෂණයේ ප්‍රතිඵල අපට ලැබී තිබේ.. ඒ අනුව ඒ මැතිතුමාගේ හිසට වැදුන උණ්ඩයෙන් ඒ මැතිතුමාගේ මොළය බේරී ඇත්තේ අනූ නවයෙන් බව ස්කෑන් පරීක්‍ෂණය සිදු කළ වෛද්‍යවරයා අප සමග පැවසුවේය… වැරදීමකින් හෝ එම උණ්ඩය “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ මොළයට හානි පැමිණවූවා නම් සියළු මතකයන් සහ සිතීමේ ශක්තිය ආදිය මැකී යන්නට ඉඩකඩ ඇති බවද අපට ප්‍රකාෂ කළේය… එක් වෙඩි උණ්ඩයක් ඉවත් කළද, තවත් උණ්ඩයක් ඉතිරිව ඇති බව කියැවේ. මේ ඒ මැතිතුමාගේ මොළයේ සීටී ස්කෑන් ඡායාරූපයයි… නිල් පැහැයෙන් දැක්වෙන්නේ හිසෙහි සිරවී ඇති වෙඩි උණ්ඩයයි.
    කවුරු කෙසේ කීවත්, වටිනා ජීවිතයක් මරණයෙන් බේරා ගැනීමට හැකි වීම පිළිබඳ අප සැවොම සතුටු විය යුතුය… ඒ මහතා ඉක්මනින් සුවය ලබා එනු ඇතැයි සියළුදෙනාගේ අපේක්‍ෂාවයි. භද්‍රකාලි දේවාලයේ බිලි පූජාවෙන් තම ජාතිය බේරාගත් ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට සෙත් පතා රට වටා බෝධි පූජා පැවැත්වූවා සේම, කළ හැකි අපමණ කුසල් රැස්කර පින් දී අප සැම “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරාගත යුතුය. අනාගතයේ රට භාර ගැනීමට, රට සංවර්ධනය කිරීමට ඇති මේ මැතිතුමාගේ චින්තන ශක්තිය රැකදේවායි අප සැම ප්‍රාර්ථනා කල යුතුය. මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා මාර්ගයෙන් නාථ දෙවියන්ගේ සහ අප රටට අධිගෘහිත සියළුම සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආනුභාවයෙන් අඥාවෙන් හෝ ලක්මවගේ අනර්ඝ පුත් රුවනක් වන “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මරණයෙන් බේරා ගත යුතුය. එතුමාගේ සැත්කම් කළ වෛද්‍යවරුන්ට උසස්වීම් ලබා දී දේශමාමක භූමිපුත්‍ර සම්මාන පුද පඬුරු වලින් සුම්පූජිත කළ යුතුය…..
    ඇත්තෙන්ම සිදු වන්නට ඇත්තේ මැතිවරණයේ ආරක්‍ෂක කටයුතු අධීක්‍ෂණයට පැමිණි දුමින්ද සිල්වා මැතිතුමාට සැඟවී සිටි ත්‍රස්තවාදියෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම වන්නට පුළුවන.. මේ දුටු භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා ඒ ත්‍රස්තවාදියා පිටුපස හඹා යත්දී ඔහු දිගට හරට වෙඩි තබා කිහිප දෙනෙකු ඝාතනය කරන්නට ඇත…. එසේ නැතහොත් ත්‍රස්තවාදියා සොයාගත නොහැකිව හිස් අතින් ආපසු පැමිණි භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා සිය මිතුරා මිය යන්නට ඇති බව සිතා දුකින් සහ කෝපයෙන් දුමින්ද සිල්වා මැතිතුමා බේරා ගැනීමට නොහැකි වූ තමන්ගේ ආරක්‍ෂකයින් දෙදෙනාටත් වෙඩි තබා තමන් ද සියදිවි හානි කරගන්නට ඇත….
    නාථ දෙවියනි… ඔබවහන්සේ රට ජාතිය ආගම අනතුරට පත් වූ අවස්ථාවල (ඔබවහන්සේට අමතක නම් – මාවිල් ආරුවට රුදුරු ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙත්දී එයට එරෙහිව සැලසුම් සකස් කිරීමට උදවු දීම – පානීය ජලයේ ආසනික් ඇති බවට මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට පෙන්වා දීම වැනි මහා ප්‍රාතිහාර්යයන් කළාක් මෙන්), “ආරක්‍ෂක අධීක්‍ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ සිරුරේ ඉතිරිව ඇති උණ්ඩ කොටස් ඇති ස්ථාන පෙන්වා දී, එතුමාට සිදුකළ යුතු සියළු ශල්‍යකර්ම ආදියට උපදෙස් දී එතුමා මේ අභාග්‍ය සම්පන්න තත්ත්‍වයෙන් මුදවාගනු ලබනු මැනවි..
    ප:ලි: මේ සටහන දේශපාලන වාසි තකා තමතමන්ගේ වෙබ් අඩවි වල මාගේ අවසරයකින් තොරව පළකිරීමෙන් වලකින්න…
    ඊටත් ප:ලි: ඇත්තෙන්ම දුමින්ද සිල්වා මැතිතුමාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු… ! කවුරු වුනත් මනුස්සයෙක් නේ

    අනවසරයෙන් උපුටා ගන්නා ලඩ්ඩකි
     
    • Like
    Reactions: rab and ucakila

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මේක පැහැදිලිවම විදේශ බලවේග වල කුමන්තරනයක්
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔච්චර මොකටද බන් මුහුණවල්ටික බලද්දී කියන්න පුළුවං කවුද හොද මනුස්සය, කවුද අපිට කෙලින්නේ කියලා, මානව වුනත් ලගදීම ලොකු වෙනසක් බලාගන්න පුළුවං.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Meka blog ekakin neda lokka gaththe?
    narakada original eka liyapu buwata poddak credit eka dunna nam?