රජ කාලේ වී යළි උපදී
ඖෂධ වටිනාකමකින් යුත් ඉපැරැණි වී වර්ග 3000ක් සිංහල රජ දවසේ සිට පැවැති බවත් ඉන් වර්ග 1487ක් පේරාදෙණිය ජාන සම්පත් මධ්‍යස්ථානය මගින් මේ වනවිටත් සොයාගෙන ඇති බවත් එයින් ද වී වර්ග 160ක් දඹුල්ල, දෙහිඅත්තකණ්ඩිය, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, කොළඹ, කළුතර ආදි ප‍්‍රදේශවල වගා කැර ඇති බවත් දේශීය බීජ හා කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනයේ සභාපති පී. ගුරුසිංහ මහතා කියයි. දියවැඩියා, ස්නායු රෝග, පිළිකා, මුත‍්‍රා රෝග සහ කාය ශක්තිය වඩන මාවී, සුවඳැල්, කළු හිනැටි, රත්දැල්, පොක්කලි, දහනල, කුරුළුතුඩ, හැට දා වී සහ මඩතවාලූ වගා කර ඇති මෙම ගොවිපොළවල තවත් ඇතැම් වී වර්ග පර්යේෂණ මට්ටමින් වගා කැර තිබේ.
මේ වී වර්ග අතරින් ‘‘ පොක්කලි’’ නම් වී වර්ග යොදා ගනිමින් ලවන සාන්ද්‍රණය අධික වූ බූන්දල ප‍්‍රදේශයේ පවා වී වගාව පිළිබඳ පර්යේෂණ කරමින් සිටින බවත් ‘‘ගිරෙක්ස්’’ සහ සූදුරු යන වී වර්ගය හෝමාගම ප‍්‍රදේශයේ පර්යේෂණය සඳහා රෝපණය කර ඇති බවත් ගුරුසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

Code:
http://www.lankadeepa.lk/index.php/articles/5725