රටකට ඕන අපමන යුගයක්-very funny

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
රටකට ඕන අපමන යුගයක්-very funny


එජාපය හදන්නේ ශ‍්‍රීලනිපය දෙකඩ කර ජනපති මෛත‍්‍රී, විලියම් ගොපල්ලව කෙනෙක් කරන්නයි..
March 24, 2015 at 9:41 am | lanka C news
එජාපය හදන්නේ ශ‍්‍රීලනිපය දෙකඩ කර ජනපති මෛත‍්‍රී, විලියම් ගොපල්ලව කෙනෙක් කරන්නයි..
එක්සත් ජාතික පක්‍ෂයේ බලාපොරොත්තුව වී ඇත්තේ ශ්‍රීලනිප දෙකඩ කිරීම බව ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය වටා සිටිය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ වැරදි දූෂණ අක්‍රමිකතාවලට එජාපය දඬුවම් ලබා නොදෙන බවයි.

ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ මෙම වැඩපිලිවෙල එම පක්‍සයේ ප්‍රබුද්ධ අය හඳුනාගෙන ඇතත් සමහරුන් එය හඳුනාගෙන නැතැයිද උන් වහන්සේ කියා සිටියහ.

විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල අයින් කරනු වෙනුවට විලියම් ගොපල්ලව වැනි ජනාධිපති කෙනෙක් පත්කිරීමට තම පක්‍සය එකඟ නැති බවත් එහිමියෝ පැවසුහ.

1,666 Viewers
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
දැන් එස් බී ග්‍රාමීය ආර්ථික ඇමති ලෙස පත් කරේ රනිල්ද? මෛත්‍රී පියසේන ගමගේ සහ සෙ.ස් බී පත් කරලා ශ්‍රිලනිප චන්ද්‍රිකා සහ හිරුනිකා දෙන්නම කිචො කරලා.
හොරු අල්ලන්න ගෙම්බො අල්ලනවා වගේ බෑ.ඒවාට සාක්ෂි හොයාගෙන හරියටම කරන්න ඕන.
 

logo

Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    රාජගිරියේ පිපිරීමක්
    ගොසිප්Mar 23, 2015 0 2420

    රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි පිහිටි හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ නිවෙසේදී පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මේ සඳහා මෛත්‍රිපාල ෆයිසර්ගේ නිවෙසට පැමිණ සිටින අතරවාරයේ ඊට යාබද අනෙක් නිවෙසෙහිද තවත් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්වෙන ආකාරයක් දැකගන්නට තිබිණි.

    එහි විශේෂ ආරාධිත අමුත්තා වී තිබුණේ වෙන කවුරුවත් නොව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. මේ ආකාරයට ජනාධිපති මෛත්‍රිත්ත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂත් එක ළඟ පිහිටි ගෙවල් දෙකේ රාත්‍රි කෑම ගනිද්දී ඉකුත් යුද සමයේදී සිදුවූ බෝම්බ පිපිරීම් සිහිගන්වමින් එක්වරම “ඩෝං” යන හඩින් පිපිරීමක් සිදුවිය. ඒ සමඟම පළාතම එක්වරම කළුවර වී ගිය අතර දෙදෙනාගේම ආරක්‍ෂක නිලධාරීන් වහාම දෙදෙනාටම ආරක්‍ෂාව දීමට කටයුතු කළේ කිසියම් අනතුරක් සිදුවනු ඇති බව ඔළුවේ තබාගෙනය. ඒ සමඟම වහාම සෝදිසි මෙහෙයුමක් ආරම්භ කෙරුණු අතර පසුව ඔවුන්ට දැනගන්නට ලැබුණේ ඒ අසල තිබූ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරී යෑමෙන් එම හඬ නිකුත්ව ඇතැයි කියාය.

    කෙසේ වෙතත් මෛත්‍රිත්, ගෝඨාභයත් යාබද ගෙවල් දෙකෙහි රාත්‍රි ආහාරය ගත්තද දෙදෙනාගේ හමුවක් සිදුනොවීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අතුරලියේ රතන කියන එක ඕන හරකෙකුට තේරෙනවා.විධායක ජනපති ක්‍රමය දැන්ම ආහෝසි කරන්න බෑ.ඒකට හේතුව ඒක ආහෝසි කරපු ගමන් මෛත්‍රීපාල අනාථයි.ඕක ආහෝසි කරලා පැය 24ක් යන්න කලින් මෛත්‍රීට ශ්‍රිලනිප නායකත්වය අහිමි වෙනවා.මහින්දට විධායක ජනපතිකම නැතිවෙලා දවස් 7න් ශ්‍රිලනිප නායකත්වය නැති වුනා.මෛත්‍රීට ඒක පැය කීපයකින් වෙන්න පුලුවනි.
    අනිවා ඕක අහෝසි කරන්න ඕන මීලඟ ජනාධිපතිට.ඊලඟට ආපහු සල්ලි කන ජනාධිපතිවරනයක් එන්නේ නෑ.ඒක නිසා මීලග ජනපතිට බලපාන විහිහට ඕක කරන්න ඕන.මෛත්‍රීගේ බලය අඩු කරන්න ඕන.අහෝසි කරන්න බෑ.
     

    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    එදා කාන්තාවන් වෙනුවෙන් පෙනි සිටිනවායැයි පවසා කිබුල් කදුලු හෙලු හිරැණිකා ප්රේමකුඩුචන්ද්‍ර අද පුවත්පත් නිවේදනයක් මගින් ජහපාලන රජයේ අමාත්‍යදූර ලබාගත් සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සුභ පතා තිබුනා !.

    ඒ අතර ඇය SB දිසානයකටත් සුභ පැතිමට අමතක කර තිබුනේ නෑ !.

    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට යැයි කිව්වත් දැන් එලි වී කාගෙ කාගෙත් නාට්‍ය එළි වීමට පටන් ගෙන තිබෙනවා !. ලැජ්ජානැති කම හිරැණිකාගෙ බිකිනියටත් වඩා ලොකුයි ලූ.


     

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    11071096_779333668831394_1297264798841703369_n.png
     

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    නවාරි 8 වෙනිදා රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු වටා හිටපු සහචර කණ්ඩායමක් තමයි මේ රටේ ජනතාව විසින් පරාජයට පත්කළේ. චන්ද්‍රිකා කුමාරණතුංගව නිර්වස්ත්‍රයෙන් පාරේ ඇවිද්දන්න කතා කරපු එස්. බී. දිසානායක මේ අයට එරෙහිව තමයි මේ ජන වරම තියෙන්නේ. 8 වෙනිදා පරාජයට පත්කරන ලද ඒ පුද්ගලයන්ට යළි තනතුරු වරප්‍රසාද අත්පත් කරමින් ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත්කරමින් තිබෙනවා. මෙය මුළුමනින්ම ජනවාරි 8 වෙනිදා ජනතාව ලබා දුන් ජනවරම පාවා දීමක්. අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 79 දක්වා වැඩිවී තිබෙනවා. මේක ජාතික ආණ්ඩුවක් නම් මේ රටේ ජනතාව කිසිසේත්ම වරම් දීලා නැහැ එ.ජා.පයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එකතුවෙලා ආණ්ඩුව පාලනය කරන්න. අපිට පැහැදිලියි මෙතන හැංගිච්ච අරමුණු කිහිපයක් තියෙනවා. වංචාවේ දූෂණයේ යෙදුණු අයට දඩුවම ලබා දීම වැළැක්වීම වෙනුවෙන් ජාතික ආණ්ඩුව කියන ප්‍රෝඩාව උපයෝගී කරගෙන තිබෙනවා.