රටක් නැති කර දමන්නේ මෙහෙමයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රටක් නැති කර දමන්නේ මෙහෙමයි

    පාලකයන් රට නැතිකර දැම්මේ මෙහෙමයි

    image_74c9ae3931.jpg


    දරිද්‍රතාවයේ පත්ලටම කිඳාබැස ඇති රටවල් අතර මුලින්ම ඇති රටකි සෝමාලියාව. මීට පෙර ලිපියෙන් මා කරුණු දැක්වූයේ මිහිපිට අපායක් බදු වූ හයිටිය ගැනය. හයිටිය මේ තත්ත්වයට වැටුණේ කට්ටි පැනල වෙට්ටු දමන කට්ට කයිරාටික දේශපාලකයින්ගේ කෙරුවාව නිසාය. සෝමාලියාව ගැනත් කියන්න තිබෙන්නේ ඒ ටිකමයි. සෝමාලියාව කබලෙන් ලිපට වැටී අවසන්ය. මෙහි සිටින්නේද අත්පිට මුදලට කහින දේශපාලකයින්ය. ​සෝමාලියාවේ ඇත්තේද කැපිලි කෙටිලි සහිත බල අරගලයකි. මේ රටේ සිටින්නේද මුදල් පසුම්බිය පිරෙනතෙක් ඇඟිලි ගණන් කරන දේශපාලකයින්ය. රට කන රජයේ නිලධාරීන්ය. මොවුන් යන්නේ නොහික්මුණු ගමනකි.






    ශෝකාලාපය


    මෙහි එක් කෝටි හතළිස් තුන් ලක්‍ෂයක් වූ (1,43,17,996) මුළු ජනගහනයෙන් එක් කෝටියකට වැඩි පිරිසක් අන්ත දුගී අසරණයින්ය. ලෝක ආහාර සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතන මගින් සපයන ආහාර සලාකවලින් දිවි ගැට ගසා ගන්නා සෝමාලියාවේ රටවැසියන්ගේ ශෝකාලාපය එරට පාලකයින්ට හෝ බලය ලබා ගැනීමට පොරකන දේශපාලකයින්ට නොපෙනේ. මොනවා හරි ගිලලා බඩ පුරවාගන්න වලිකන මෙහි රටවැසියන්ට සෝමාලියාව මරුකතරක් වී අවසානය. මෙවැනි රටවල් හා මේ තත්ත්වයට පත් වෙමින් පවතින රටවල් මේ පෘථිවිය මත තව කොතරම් තිබේද? මේවා පාපයේ දේශයන්ය. වළපල්ලට යන මේ රටවල දේශපාලකයින් සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජීවිත අතේ තියාගෙනය.


    මෙන්න සෝමාලියාව


    සෝමාලියාව පිහිටා ඇත්තේ ඉතියෝපියාව ජිබුටි, කෙන්යා යන රටවල්වලට මායිම්වය. අප්‍රිකානු රටක් වූ සෝමාලියාව මුහුදු කොල්ලකරුවන්ගේ නිජබිමකි. මුහුදු කොල්ලකරුවන් මැඩපවත්වා ගැනීමට නොහැකි මෙහි පාලකයෝ රටට හෙණ ගහන්නට ඉඩදී සුර සැප විඳිති. මෙවැනි රටවල් මකර කටට ඔබා ඇත්​ෙත් දේශපාළුවන් විසිනි.


    කොරේ පිටට මරේ කිව්වාක් මෙන් සෝමාලියාව ත්‍රස්තවාදී උවදුරට ගොදුරු වී ඇති රටකි. මීට දින කීපයකට පෙර එනම් මාර්තු 25 වැනිද‌ා මොගදිෂු (MOGADISHU) අගනුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 20 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලැබූ අතර ගොඩනැගිලි රාශියක් විනාශ වී ගියේය. කාලයක් තිස්සේ සෝමාලියාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙමින් පවතී. අල්ෂබාබ් (AL SHABAB) යන අල්කයිඩා ත්‍රස්ත කල්ලි සෝමාලියාවට මහා විනාශයක් සිදු කරනු ලබයි.


    තවත් අසමත් රාජ්‍යයක්


    සෝමාලියාවේ මුළු ජනගහනයෙන් සියයට 60කට වැඩි පිරිසක් දිනකට ලබන ආද‌ායම ඇමරිකානු ​ෙඩාලර් 1කට අඩුය. අතීතයේ මාළු, ගල් අඟුරු, කෙසෙල්, සීනි, බඩ ඉරිඟු ආදිය විදේශ රටවලට අපනයනය කළ සෝමාලියාව අද ඒ කිසිවක් පිටරට පැටවීමට අපො​ෙහාසත් වී සිටී. ප්‍රධාන හේතුව වී ඇත්තේ පාලකයින්ගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතයි. ලෝකයේ ​ඔටුවන් වැඩි වශයෙන්ම සිටින්නේ මේ කියන සෝමාලියාවේය. එය අසමත් හෙවත් අසාර්ථක රාජ්‍යයකි.


    සෝමාලියාවේ සිදුවෙන්නේ ලොව බොහෝ අසමත් රාජ්‍යයන්හි පරිදිම දේශපාලන පක්‍ෂ අතර බල අරගලයකි. මෙහි දේශපාලන පක්‍ෂ 18ක් පිහිටුවා ඇත. රට ගොඩනැගීම නොව බලය ලබා තම අවශ්‍යතාවන් ඉටු කර ගැනීම මෙම පක්‍ෂවල දේශපාලකයින්ගේ මූලික අරමුණය. රට වළපල්ලට ගොස් ඇත්තේ මේ නිසාය.


    වර්ග කිලෝමීටර 6,37,657ක් විශාල සෝමාලියාව ඈත අතීතයේ පාලනය කළේ බ්‍රිතාන්‍යය සහ ඉතාලිය යන රටවල් මගිනි. බ්‍රිතාන්‍ය පාලකයින් සෝමාලියාව හැර ගියේ 1960දීය. මෙය ස්වාධීන රාජ්‍යයක් බවට පත්වුණේ 1969 දීය. විදේශ පාලකයින් ඉතිරි කර ගිය ‘‘හපය’’ පසුගිය වසර 49ක කාල සීමාව තුළදී දේශපාලකයින් විසින් සූරාකන ලදී. රටවැසියන්ගේ සුබ සෙත තකා විදේශීය ආයතන හා විදේශ රටවල් සැපයූ ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් යුත් ආධාර මුදල් යටි මඩි ගසා ගත් දේශපාලකයින්ගෙන් පිරුණ සෝමාලියාව හඳුන්වනු ලබන්නේ කුසගිනි දේශය (STARVING LAND) වශයෙනි.


    ජනාධිපතිවරුන්ගේ පැටිකිරිය


    මේ දක්වා ජනාධිපතිවරුන් 9 දෙනෙකු සෝමාලියාව පාලනය කර තිබේ. මොවුන්ගෙන් කීප දෙනෙකුටම ජනපති තනතුර දැරීමට හැකි වූයේ ඉතා සුළු කාල පරිච්ඡේදයකි. 2008 දෙසැ. 29 වැනිද‌ා සිට 2009 ජනවාරි 31ද‌ා දක්වා එනම් දින 33ක් ජනපති පදවිය දැරුවේ නවුර් මඩොමේය. 2012 අගෝස්තු 20ද‌ා සිට 2012 අගෝස්තු 28ද‌ා තෙක් දින 8ක් පමණක් ජනපති පදවිය හෙබවීමට ෂීක් සෙයිඩ් අබ්දුල්ලාට හැකිවිය. 2012 අ​ගෝස්තු 28ද‌ා සිට 2012 සැප්තැම්බර් 16ද‌ා තෙක් එනම් දින 18ක් පමණක් පාලන බලය දැරීමට ඔස්මන් ජවාරිට හැකි විය. මේ ජනපතිවරුන් තිදෙනාටම දූෂණ චෝදනා එල්ලවිය. ඔවුන්ට තනතුරු අතහැර ගෙදර යාමට සිදුවූයේ ඒ නිසාය.


    මේ සෝමාලියාවේ දේශපාලකයන්ගේ කෙරුවාවෙන් බිඳක් පමණකි. මෙහි මුදලට පක්‍ෂ මාරු කරන දේශපාලකයින් සුලබය. රට ආගාදයට තල්ලු වී ඇත්තේ මෙවැනි ප්‍රතිපත්තියක් නැති දේශපාලකයින් නිසාය. කැලෑ නීතිය රජ කරන රටක් වශයෙන් මෙය හැඳින්විය හැක. මෙහි සාමය හා නීතිය ස්ථාපනය කිරීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුද‌ාවේ 22,000කට අධික විදේශ රටවල යුද භටයින් සංඛ්‍යාවක් සේවයට යොදවා ඇත. මිනීමැරුම්, පැහැරගැනීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, කුඩු ජාවාරම් බහුල වශයෙන් ​ෙසා්මාලියාවේ සිදුවෙයි.

    සෝමාලියාව කන දේශපාලකයෝ


    අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලිය, ජලය, මංමාවත් ආදී අවශ්‍යතා ජනතාව වෙනුවෙන් සැපයීමට මෙහි පාලකයින් අසමත්ය. රට පුරා කුණු කානුය. ලිංගික රෝග පැතිරී හමාරය. එච්.අයි.වී (HIV) වයිරසයෙන් මියයන සංඛ්‍යාව අධිකය. විවිධ ලෙඩ රෝග රට පුරා පැතිරී ඇත. මෙහි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 276කි. ජනගහනය එක් කෝටියකට මදක් වැඩිය. මෙම මන්ත්‍රීවරුන්ගෙන් සියයට 55ක්ම විදේශීය ගමන් බලපත්‍ර (පාස්පෝට්) ලබාගෙන සිටින ධනවත් පුද්ගලයින්ය. මොවුන් බොහෝ දෙනා බ්‍රිතාන්‍ය හෝ ඇමෙරිකා පුරවැසියන්ය. මේ රට ධනය හා බලය වෙනුවෙන් අසික්කිත වැඩ කරන දේශපාලකයින්ගෙන් පිරිලාය. සෝමාලියාවට මේ ඉරණම අත්වුණේ එහි ජනතාව විසින් ඔළුව තිබෙන අයට බලය දුන්නේ නැති නිසාය. මෙවැනි වළපල්ලට ගිය රටවලට මා ගිය විට දුටුවේ සුන්දර රටවල් ඇතුළේ සිටින අසුන්දර මිනිසුන්ය.


    මෙවැනි රටවල දේශපාලකයන් හැසිරෙන්නේ වළං කඩේට පැන්න හරක් වගේය. මේ දේශපාලකයන්ට, ඔවුන්ගේ පවුල්වල අයට, ඔවුන්ගෙන් යැපෙන ව්‍යාපාරිකයින්ට සහ රජයේ ඉහළ නිලධාරීන්ට සෝමාලියාවේ ජනතාව විඳින දුක නොපෙනේ. රටේ සාරය උරා බොන්නේ මොවුන්ය.


    වසංගත ලෙඩ රෝගවලින් ජනතාව දස දහස් ගණනින් මියයති. ඇවිදින ඇටසැකිලි හැමතැනය. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට පාලකයින්ද සම්බන්ධය. හැම කෙනෙකුම වෙර දරන්නේ මේ නරකාදියෙන් ගොඩ වීම සඳහා පිටරටකට පැනීමටය. එය අද ලොව දූෂිතම රාජ්‍යයක් බවට පත් වී හමාරය.


    විදේශ ආධාර යටිමඩි ගැසූ හැටි


    විදේශ ආධාර වශයෙන් ලැබුණු ඩොලර් මිලියන 130කට වැඩි මුදලකට සිදුවුණු දෙයක් නැති නිසා දැනටම හිටපු පාලකයින් කීප දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. රටේ ප්‍රශ්න කොතෙකුත් තිබියදී සෝමාලියාවේ පාලකයින් විසින් එහි පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 276 සිට 550 දක්වා වැඩි කිරීමට දරන උත්සාහය තවමත් නවතා නැහැ. රටට හෙණ ගැහුවාට කමක් නැහැයි සිතමින් විදේශ ආධාරවලින් සියයට 70කට අධික ප්‍රමාණයක් යටිමඩි ගසා ගැනීමට සෝමාලියාවේ දේශපාලකයින් කටයුතු කර ඇතැයි ජාත්‍යන්තර ජනමාධ්‍යයන් පවසයි.


    කඩා වැටෙන අටවාගත් ආණ්ඩු


    ලොව දූෂිතම රටවල් ලැයිස්තුවේ මුලටම සිටින්නේ සෝමාලියාව, දකුණු සුඩානය සහ සිරියාවය. නවසීලන්තය සහ ඩෙන්මාර්කය දූෂණයෙන් තොර රටවල් අතර මුල්තැන ලබා ගෙන තිබේ. අද මුළු ලෝකයේ රටවලින් තුනෙන් එකක් (1/3) පමණ දූෂිත දේශපාලකයින්ගෙන් පිරුණ රාජ්‍යයන්ය.


    සෝමාලියාවේ නිරාහාරව මිය යන අයගේ සංඛ්‍යාව අධිකය. වසංගත රෝගවලින් මියයන සංඛ්‍යාවද එන්න එන්නම වැඩි වී ඇත්තේ සෞඛ්‍ය සේවය අන්තයටම පිරිහී ඇති නිසාය. නයිජීරියාවේ තත්ත්වය මීට වඩා අන්තය. සෝමාලියාවේ නිතරම බලයට පත්වෙන්නේ අටවා ගත් ආණ්ඩුය. මේ ආණ්ඩු පවතින්නේ සුළු කාලයකි. මේ හේතුවෙන් නිතරම රට ආපස්සට යයි. සෝමාලියාවේ දේශපාලකයින් 50කට වැඩි සංඛ්‍යාවකට දූෂණ චෝදනා එල්ල වී ඇතත් එම නඩු එකතැන පල්වෙමින් ඇත.


    රටක් වළපල්ලට යන්නේ ඒ රටේ පාලකයින්ගේ වරදිනි. ඒ රටේ දේශපාලකයින්ගේ හොරකම් නිසාය. එම රටවල සිටිනුයේ හොඳ ප්‍රතිපත්ති හදන දේශපාලකයින් නෙවේ. බාහු බලය තිබෙන අයට පාලන බලය ලැබීම නිසා මේ රටවල් මකර කටට වැටේ. මේ විදියට ගියොත් ලංකාවත් වළපල්ලට යාමට බොහෝ දුරට ඉඩ ඇත.


    දීර්ඝ කාලයක් තිස්සේ මම මෙවැනි කණකොකා හැඬූ රටවලට ගොස් ඇත්තෙමි. මට කීමට ඇත්තේ ‘‘වියෝ ගිනි මැද දැවෙන ජීවිත අද වගේ හෙට හමු නොවේවා’’ කියන එකය.



    image_04a2851633.jpg



    (තවත් කොටසක් ලබන සතියේ)


     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ලොව බොහෝ අසමත් රාජ්‍යයන්හි පරිදිම දේශපාලන පක්‍ෂ අතර බල අරගලයකි
    ape rateth wenne me tikamane.thamange balaya rakaganna dagalanawa witharayi.rate diyunuwata karanna one dewal gana wagak na.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලන්කාවට අමුතුවෙන් ඉස්සරහට වෙන්න කියලා දෙයක් ඉතුරු වෙලා නෑ.අපිට සොමාලියාව ගැන හිහෙන විදියටම හමයි යුරෝපා රටවල එවුන අපි ගැන හිතෙනවා ඇත්තේ සෝමාලියාවට වඩා ලකුනක් දෙකක් විතර වෑඩි වුනාට. අපේ පාලකයෝත් රෑ මෙච්චර ප්‍රශ්නතියෙද්දි කලේ ප්‍රදේශිය සබාමන්ත්‍රිවරු ගාන වැඩි කරපු එකනේ.

    හැබැයි ඉතින් දේශපාලකයින්ටම බැනලා වැඩක් නෑ.උන්ම පත්කරන්නේ "බුද්ධිමත්" ජන්දදායකයෝනේ. ජොන්ස්ටන්,අලුත්ගමගේ වගේ එවුන් උසාවි යනකොට වටකරගෙන ඉන්න, රවි අස්වෙලා ගෙදර යනකොට පිලිගන්න යන රනිල් විශ්වාසබන්ගයෙන් දිනුවාම රතිඤ්ඤා දාන මිනිස්සු ඉන්න රටකට එහෙම නොවෙඉද?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ලංකාවේ අනාගතයත් මේකම වෙයිද? :no::no::no::no::(:(:(
    :yes::yes::yes:
    හොදම විසදුම වෙන රටකට යන එක තමා දැන් එකට ගොඩ යන ඒවා හරියන් නැ
    පුළු පුළුවන් විදිහට තනියම ගොඩ යන එක තමා හොද
    අපිට අවුලක් නැති වෙයි එත් අපේ ළමයින්ට හොද අනාගතයක් තියෙන්ඩ ඕන
    මුන් මේක දවසක සෝමලියාවක් කරනවා නැත්තම් තම්බි අරාබියක් කරනවා

    වයස තියන උන් දැන්වත් මොකක් හරි degree එකක් open එකේ හරි කරපල්ලා
    වෙන රටක PR ගන්ඩ පුළුවන්

    ලින් ගෙම්බෝ ටික මේකම හොදයි ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා හිටපල්ලා
    හිත රිදුනනම් රේප් ටිකක් කපපල්ලා මම මේ අවුරුද්දට රේප් ටික දීල ඇදුම් ගන්ඩ ඉන්නේ

    :lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    :yes::yes::yes:
    හොදම විසදුම වෙන රටකට යන එක තමා දැන් එකට ගොඩ යන ඒවා හරියන් නැ
    පුළු පුළුවන් විදිහට තනියම ගොඩ යන එක තමා හොද
    අපිට අවුලක් නැති වෙයි එත් අපේ ළමයින්ට හොද අනාගතයක් තියෙන්ඩ ඕන
    මුන් මේක දවසක සෝමලියාවක් කරනවා නැත්තම් තම්බි අරාබියක් කරනවා

    වයස තියන උන් දැන්වත් මොකක් හරි degree එකක් open එකේ හරි කරපල්ලා
    වෙන රටක PR ගන්ඩ පුළුවන්

    ලින් ගෙම්බෝ ටික මේකම හොදයි ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා හිටපල්ලා
    හිත රිදුනනම් රේප් ටිකක් කපපල්ලා මම මේ අවුරුද්දට රේප් ටික දීල ඇදුම් ගන්ඩ ඉන්නේ

    :lol::lol::lol:
    :sorry::sorry:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :yes::yes::yes:
    හොදම විසදුම වෙන රටකට යන එක තමා දැන් එකට ගොඩ යන ඒවා හරියන් නැ
    පුළු පුළුවන් විදිහට තනියම ගොඩ යන එක තමා හොද
    අපිට අවුලක් නැති වෙයි එත් අපේ ළමයින්ට හොද අනාගතයක් තියෙන්ඩ ඕන
    මුන් මේක දවසක සෝමලියාවක් කරනවා නැත්තම් තම්බි අරාබියක් කරනවා

    වයස තියන උන් දැන්වත් මොකක් හරි degree එකක් open එකේ හරි කරපල්ලා
    වෙන රටක PR ගන්ඩ පුළුවන්

    ලින් ගෙම්බෝ ටික මේකම හොදයි ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා හිටපල්ලා
    හිත රිදුනනම් රේප් ටිකක් කපපල්ලා මම මේ අවුරුද්දට රේප් ටික දීල ඇදුම් ගන්ඩ ඉන්නේ

    :lol::lol::lol:

    සහතික ඇත්ත.දේශපාලනඥයින් ටම හරියන පුරවැසියො ඉන්නෙ...