රටට මොකද උනේ ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    මේක ලංකාදීපයේ පලවෙච්ච ටිකක් දිග ලිපියක්. මෙතන ඉන්න ගොඩක් දෙනෙක් කොහෙන් හරි කැල්ලක් දෙකක් අරගෙන තර්ක කරනවා මිසක් මේවගේ පුළුල් ලෙස ඉදිරිපත් කරන්න තරම් දැනුමක් නැහැ. ටිකක් දිග උනත් දේශපාලනය ගැන උනන්දුවක් දක්වන හැමෝම කියවන්න වටිනා ලිපියක්. බුම්ප් එකක්වත් දාලා යන්න

    (කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර විසිනි)


    ජයේ ණය ප‍්‍රමාණය පිළිබඳ විවිධ ප‍්‍රකාශ පසුගිය කාලපරිච්‍ජේදය පුරාම අසන්නට ලැබුණු අතර රටේ මූලික ගැටලූව බවට පත්ව ඇත්තේත් මෑත කාලයේ රටේ ආර්ථික සංවර්ධනය පසුබෑමකට ලක්ව ඇත්තේත් ණය ප‍්‍රශ්නය නිසා බව එම ප‍්‍රකාශවලින් හැඟ වේ. එබැවින් එම ප‍්‍රකාශවලින් ඉදිරිපත්ව ඇති කරුණු සහ පසුගිය කාලපරිච්ජේදය තුළ ණය ප‍්‍රමාණයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කිරීම මගින් සැබෑ තත්ත්වය පිළිබඳව නිගමනයකට එළඹීමට අවස්ථාව සැලසේ.

    ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මුහුණදෙන ප‍්‍රධාන ආර්ථික ගැටලූවක් වන්නේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ආයෝජන ප‍්‍රමාණය දේශීය වශයෙන් සම්පාදනයකර ගැනීමට නොහැකි වීමයි. දේශීය ඉතුරුම් අඩු මට්ටමක පැවතීම නිසා ආයෝජනය සඳහා යොදාගත හැකි අරමුදල්වල හිඟයක් පවතී.


    එවැනි තත්ත්වයක් තුළ විදේශ ආධාර සහ ණය මඟින් ආයෝජනය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට සිදුවේ. සංවර්ධනය වූ රටවල් පවා දේශීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ණය යොදාගන්නා ආකාරය කොතෙකුත් දැකිය හැකිය. සංවර්ධනය වූ සෑම රටක්ම පාහේ සංවර්ධනයේ මුල් අවස්ථාවේදී ආර්ථික සංවර්ධන සඳහා විදේශීය ණය ආධාර කරගෙන ඇත.


    මේ ආකාරයටම රජයේ වර්තන සහ ප‍්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් ප‍්‍රමාණවත් නොවනවිට, විශේෂයෙන්ම රජයේ ආදායම සහ වියදම අතර පවත්නා පරතරය පියවාගැනීම සඳහා දේශීය වශයෙන් ණය ලබාගැනීමටද රජයන් කටයුතු කරනු ලබයි. දේශීය බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය විසින් බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මඟින් දේශීය වශයෙන් ණය ලබාගැනීම සිදු කෙරේ.


    සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මෙන්ම සංවර්ධනය වූ රටවල් ද අරමුදල් අවශ්‍යතා පියවාගැනීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගැනීමට පෙළඹී ඇත. ලෝකයේ වැඩියෙන්ම ණය ලබාගෙන ඇති රජය වන්නේ ජපන් රජයයි. ජපන් රජය මේ වන විට එරට දළදේශීය නිෂ්පාදිතය මෙන් සියයට 250.40 ක ණය ලබාගෙන ඇති අතර ඉතාලියේ එම ප‍්‍රමාණය සියයට 132.6කි. සිංගප්පූරුවේ සියයට 112 ක් ද ඇමරිකා එක්සත් ජනපදයේ සියයට 106.10 ක් ද වේ. ලොකු කුඩා සෑම රටකම පාහේ රජයන් තම කටයුතු සඳහා දේශීය සහ විදේශීය ණය ලබා ගැනීම පුරුද්දක් කරගෙන ඇති බව ඉන් පැහැදිලි වේ.


    ශ‍්‍රී ලංකාව සංවර්ධන කටයුතු සඳහා දේශීය සහ විදේශීය ණය මහාපරිමාණ වශයෙන් යොදාගැනීමට යොමු වූයේ 1977 වසරේදී නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති හදුන්වාදීමෙන් පසුවය. 1976 වසරේදී රටේ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 12.6 ක් විය. විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 4.9 ක් විය. රටේ මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 17. 6 ක් විය. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 58.5 පමණක් විය.


    නිදහස් ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වූ මුල් වසර වූ 1978 දී දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 16.3 ක් ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 14.5 ක් ද මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 30.9 ක් වූ අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත්විට සියයට 72.5 ක් විය. නිදහස ලබාගැනීමේ සිට ඒ දක්වා කාලපරිච්ජේදය තුළ වාර්තා වූ ඉහළම ණය අනුපාතය එය විය.
    ඉන් වසර 11 කට පසු 1989 දී දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 117.5 ක් දක්වා ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 156.2 ක් දක්වාද ඉහළ ගොස් මුළු ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 273. 8ක් දක්වා ඉහළ ගියේය. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත්විට සියයට 108.7 ක් විය. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස වාර්තා වූ ඉහළම මට්ටම එයයි.

    නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වාදීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන රජය විසින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති රැසක් දීයත්කරනු ලැබීය. කඩිනම් මහවැලි ව්‍යාපාරය, නිදහස් වෙළෙඳ කලාප සහ නිවාස සංවර්ධන ව්‍යාපෘති ආදිය වෙනුවෙන් අතිවිශාල ආයෝජන ප‍්‍රමාණයක් යෙදවීමට සිදුවූ අතර ඒ සඳහා රජය සතුව මුදල් නොතිබීම හේතුවෙන් මේ ආකාරයට දේශීය සහ විදේශීය සැපයුම් මාර්ග ඔස්සේ ණය ලබාගෙන එම අඩුපාඩුව සම්පූර්ණ කරගැනීමට සිදු විය.

    රජයේ වියදම් සඳහා ප‍්‍රමාණවත් ආදායමක් නොලැබෙන විට රජයේ අයවැය ලේඛනයේ හිඟය එන්න එන්නම වැඩි වෙයි. ඒ සඳහා සමහර රාජ්‍ය නායකයන් කදිම උපාය මාර්ගයක් ලෙස සැලකුවේ රාජ්‍ය සම්පත් සහ ආයතන පෞද්ගලීකරණය කර ආදායම ලබා ගැනීමයි. 1991 දී එය ආරම්භ කළ අතර එය හඳුන්වාදෙනු ලැබුයේ ජනතාකරණය වශයෙනි. 1991 සිට 2005 දක්වා වසර 15 තුළ සෑම වසරකදීම රාජ්‍ය ආයතන අලෙවිකර රජයේ වියදම් ද පියවා ගැනීමට කටයුතු කරනු ලැබීය.


    චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය සිය පාලන කාලය තුළ සෑම වසරකදීම රාජ්‍ය ආයතන අලෙවිකර අයවැය සඳහා මුදල් සොයාගනු ලැබීය. 1997 වසරේ දී එමගින් ලැබුණු ආදායම රුපියල් මිලියන 22,499ක් විය. එම වසරේ අයවැය හිඟය රුපියල් මිලියන 62,732 ක් වූ අතර ඉන් තුනෙන් එකක්ම රාජ්‍ය දේපළ විකිණීම මඟින් සපයා ගැනීමට හැකිවිය. ජාත්‍යත්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන රජයට බලකර සිටියේ තවදුරටත් ණය ලබාදීමට නම් රජයේ දේපළ පෞද්ගලික අංශයට අලෙවි කිරීම අනිවාර්යය කොන්දේසියක් වියයුතු බවයි.
    රාජ්‍ය දේපළ අලෙවිකර රජයට ආදායම ලබා ගත්තද 1990 සිට 1995 දක්වා කාලපරිච්ජේදය පිරික්සීමේදී පැහැදිලි වන්නේ එම මුළු කාල පරිච්ජේදය තුළදීම රාජ්‍ය ණය ප‍්‍රමාණයේ අඩුවක් සිදුව නැති බවයි. 1990 දී මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුයියල් බිලියන 310.7 ක් වූ අතර එය සෑම වසරකදීම අඛණ්ඩව වැඩි වී ගොස් 1995 දී රුපියල් බිලියන 635.6 ක් දක්වා ඉහළ ගියේය. ඉන් පැහැදිලි වන්නේ රාජ්‍ය දේපළ අලෙවිකරමින් ආදායම ලබා ගනිද්දී පවා සෑම රජයකටම සෑම වසරකදීම රජයේ වියදම් සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ණය ගැනීමටද සිදු වූ බවයි.
    2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය දේපළ අලෙවිය සම්පූර්ණයෙන්ම නවතා දැමුවේය. එනිසා රජයේ ආදායම් - වියදම් පරතරය පියවාගැනීමට තිබූ එකම මාර්ගය වූයේ දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගැනීමය. එම රජයට මුල් කාලපරිච්ජේදය තුළ යුද්ධය වෙනුවෙන් මෙන්ම යුද්ධයෙන් සිදු වූ අලාභහානි වෙනුවෙන්ද අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් වැය කිරීමට සිදු විය.

    ඒ අතරම යුද්ධය පවතිද්දීම පොහොර සහනාධාරය වැනි සහනාධාර ක‍්‍රම, ග‍්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති වැනි සංවර්ධන ව්‍යාපෘතිද ක‍්‍රියාත්මක කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ දෙවන යුගයේදී උතුරු නැගෙනහිර සංවර්ධනය ඇතුළු වරාය, ගුවන්තොටුපළ සහ අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රාශියක් දියත් කරනු ලැබීය. මෙම කාලපරිච්ජේදය පුරාම ඊට පෙර යුගවලදී පැවතියාක් මෙන්ම රාජ්‍ය ණය ප‍්‍රමාණයද ඉහළ ගියේය.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    කෙසේ වුවද මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ රාජ්‍ය ණය ප‍්‍රමාණය වැඩිවීම පිළිබඳ කෙරෙන විවිධ ප‍්‍රකාශවල සත්‍යතාව පිළිබඳව නිගමනයකට එළඹීම සඳහා එම යුගය සහ වත්මන් යුගය තුළ ණය ගැනීම් සිදුව ඇති ආකාරය පිළිබඳව සැසඳීමක් කළ හැකිය. 2010 දී රුපියල් බිලියන 2565 ක් වූ දේශීය ණය ප‍්‍රමාණය 2014 දක්වා අවුරුදු පහ තුළදී රුපියල් බිලියන 4277 ක් දක්වා රුපියල් බිලියන 1712 කින් වැඩි විය. 2010 දී රුපියල් බිලියන 4590 ක් වූ විදේශීය ණය ප‍්‍රමාණය 2014 දී රුපියල් බිලියන 7390 දක්වා බිලියන 2800 කින් වැඩි විය. එම වසර පහ තුළදී දේශීය ණය සියයට 66 කින්ද විදේශීය ණය සියයට 61 කින්ද වැඩි වී ඇත.


    2014 දී රටේ මුුළු ණය ප‍්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.2 ක් විය. 2004 දී සියයට 102.3 ක් වූ එම අනුපාතය මේ ආකාරයට පහළ මට්ටමකට ගෙන ඒම තුළ පැහැදිලි වූයේ රාජ්‍ය ණය ප‍්‍රමාණය පාලනය කරගත හැකි මට්ටමකට පත්කර තිබූ බවය.


    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නිල වාර්තා අනුව වර්තමාන රජයේ වසර දෙකක කාලය තුළ එනම් 2015 සිට 2016 අවසානය දක්වා කාලය තුළ රටේ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1064 කින්ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1997 කින්ද ඉහළ ගොස් ඇත. මෙම වසර දෙක තුළ දේශීය ණය සියයට 24 කින්ද විදේශීය ණය සියයට 27 කින්ද ඉහළ ගොස් ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 79.3 දක්වා ඉහළ ගොස් ඇත.


    කෙසේ වුවද මෙම නිල සංඛ්‍යාලේඛන පිළිබඳව ද ගැටලූවක් පවතී. රජයේ විගණකාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට අදාළව නිකුත්කළ සිය වාර්තාවේ දක්වා ඇත්තේ රජයේ ණය පිළිබද සමහර සංඛ්‍යා පිළිගත නොහැකි බවයි. මුදල් අමාත්‍යාංශය රජයේ ණය ප‍්‍රමාණය අඩුකර පෙන්වා ඇතැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට දන්වා ඇත. මෙය අතිශය බරපතළ තත්ත්වයකි.:shocked::shocked: රටේ ණය තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු විකෘතිකර ඇති බවක්ද නියම තත්ත්වය වසන්කර ඇති බවක්ද විගණකාධිපති වාර්තාවෙන් පැහැදිලි වේ.


    වත්මන් රජය ගතවූ වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති විදේශ ණය ප‍්‍රමාණය මෙරට ඉතිහාසයේ දැවැන්තම විදේශීය ණය ප‍්‍රමාණය බව පෙනී යයි. 2015 වසරේදී රජය සංවර්ධන බැඳුම්කර මගින් ඩොලර් මිලියන 2491.4 ක ණයක් ලබා ගත්තේය. 2016 වසරේදී සංවර්ධන බැඳුම්කර මගින් තවත් ඩොලර් මිලියන 1365 ක ණයක් ලබා ගත්තේය.


    2015 වසරේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් රුපියල් බිලියන 2150 ක ණයක් ද 2016 දී රුපියල් බිලියන 1500 ක ණයක්ද ලබා ගත්තේය. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 1500 ක ණය මුදලක් ද ලබාගෙන ඇත. ඉන්දියාව සමඟ ඇතිකරගත් මුදල් හුවමාරු වැඩසටහන යටතේ 2015 වසරේදී ඩොලර් මිලියන 400 ක්ද පසුව ඩොලර් මිලියන 1100 ක්ද ලබා ගත්තේය. 2017 ජුනි මාසයේදී ඩොලර් මිලියන 515 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කළේය. 2017 වසර තුළ ඩොලර් බිලියන 1500 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.


    මේ වසරේදී රජය විදේශ ණය වලට අදාළව තවත් තීරණයක් ගෙන ඇත. ඒ රජයට සංවර්ධන බැඳුම්කර මඟින් ලබාගත හැකි ණය ප‍්‍රමාණය පිළිබඳ මෙතෙක් පැවති සීමාව වූ ඩොලර් මිලියන 1500, ඩොලර් මිලියන 3000 දක්වා ඉහළ දැමීමයි.


    ඉහත සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ රජය විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති මුළු විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 8000 කට ආසන්න වන බවයි. එසේ වුවද නව රජය විසින් මේ දක්වා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.


    රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප‍්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප‍්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටිකලක් තුළ ලබාගත් ඉහළම ණය ප‍්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන තිබීමයි.


    මහින්ද ණය ගැනත් මහින්ද ණය බෝම්බය පින් එක ගලවා විසිකර තිබියදී මෙම රජය මඟින් නිෂ්ක‍්‍රීය කරනු ලැබූ බවටත් ගෙන යන ප‍්‍රචාර කෙසේ වෙතත් රජයේ ණය ප‍්‍රමාණය ගතවූ වසර දෙක හමාරක කාලය තුළ මේසා විශාල ආකාරයෙන් ඉහළ යෑමට හේතු කිහිපයක් ආධාර වී ඇති බව රජයේම නිල වාර්තාවන්ගෙන් පැහැදිලි වේ.


    මූල්ම හේතුව වන්නේ රජය විසින් මැතිවරණය ඉලක්ක කරගෙන දුන් පොරොන්දුව අනුව රජයේ සේවක වැටුප් වැඩි කිරීමයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්තාවේ 191 පිටුවේ සඳහන් කර ඇති පරිදි වැටුප් වැඩි කිරීම සඳහා ඒ වසරේදී පමණක් රජයට දැරීමට සිදු වූ අමතර වියදම රුපියල් මිලියන 160,000 ක් විය. 2016 දී අමතර වියදම රුපියල් මිලියන 135,489 ක් වූ අතර2017 දී අමතර වියදම රුපියල් 140,359 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වසර තුන සදහා අමතර වියදම රුපියල් මිලියන 435,848 කි. මේසා විශාල මුදලක් රජයට අවුරුදු පතා වැටුප් වෙනුවෙන් අමතරව වැය කිරීමට එම දේශපාලන තීන්දුව නිසා සිදු වී තිබේ. රජයට ඒ අමතර වියදම දැරීම සදහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නැත.


    දෙවන හේතුව වන්නේ රජයේ මූල්‍ය කළමනාකරණය අසාර්ථකවීම හේතුවෙන් රටේ පොලී අනුපාත දිගින් දිගටම ඉළයාම නිසා රජයේ ණය ප‍්‍රමාණය ද දිගින් දිගමට ඉහළ යාමයි. 2014 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට හයකටත් වඩා අඩු මට්ටමක පැවතුණි. එහෙත් 2016 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය සියයට 10.17 දක්වා වැඩි වූ අතර මේ වසරේදී සමහර බැඳුම්කර සඳහා පොලී අනුපාතය සියයට 12.91 දක්වා ඉහළ ගොස් තිබේ. පොලී ගෙවීම සඳහා 2014 දී වැය වූයේ රුපියල් මිලියන 436,000 කි. එය 2015 දී රුපියල් මිලියන 509,000 ක් දක්වා සියයට 16.5 කින්ද 2016 දී මිලියන 610,000 දක්වා සියයට 19.9 කින්ද ඉහළ ගියේය. (2016 මහ බැංකු වාර්තාව, පිටු අංක 217)


    තුන්වන හේතුව වන්නේ රටේ විනිමය අනුපාතිකය පසුගිය වසර දෙක තුළම දිගින් දිගටම අවප‍්‍රමාණ වීමයි. මේ නිසා ඩොලර්වලින් ලබාගෙන ඇති ණයවල රුපියල් අගය දිගටම ඉහළ යයි. 2014 වසරේදී ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 131.05 ක් වූ අතර මේ වන විට එය රුපියල් 155.02 වී තිබේ. ඒ අනුව රුපියල අවප‍්‍රමාණ වී ඩොලරයේ අගය රුපියල් 23.97 කින් වැඩි වී තිබේ. 2015 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව (පිටු අංක 202) අවප‍්‍රමාණය නිසා සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 285,100 කින්ද 2016 බැංකු වාර්තාව අනුව (පිටු අංක 224) එම වසරේ ණය ප‍්‍රමාණය රුපියල අවප‍්‍රමාණයවීම නිසා රුපියල් මිලියන 186,600 කින්ද වැඩි විය.


    හතරවන කාරණය වන්නේ බැඳුම්කර වංචාවයි. බැඳුම්කර වංචාව සිදු වූ අවස්ථාවේදීම රජයට සිදු වූ පාඩුව සහ ඉන් පසු දිගින් දිගටම රටට මුහුණ දීමට සිදුවන පාඩුව පිළිබඳව විවිධ අවස්ථාවලදී තොරතුරු හෙළි වී තිබේ. ඒවා එසේ තිබියදී රජය විසින් බැඳුම්කර වංචාව අවස්ථාවේදී ඉහළ පොලී අනුපාතයන්ට මුදල් ණයට ලබාගැනීම නිසා රටේ පොලී අනුපාත ඉතා ඉහළ මට්ටමකට පත්ව තිබේ. තවත් තිස් අවුරුද්දක් යන තුරුම එම බැඳුම්කර වෙනුවෙන් ඉතා ඉහළ පොලියක් ගෙවීමට රටට සිදු වී තිබේ.


    වැටුප් වැඩි කිරීම, පොලී අනුපාත ඉහළ දැමීම, විනිමය අනුපාත අවප‍්‍රමාණය සහ බැඳුම්කර වංචාව යන මේ කරුණු සතර රටේ මූල්‍ය ආර්ථිකයේ සතර ව්‍යාධීන් බවට පත්ව තිබේ. මේ එකක්වත් ආපසු නැවතීමට නොහැකි වන අයුරින් ආර්ථිකය ඔඩු ගිය තත්ත්වයකට පත්ව ඇත. එහි ප‍්‍රතිඵලය වන්නේ රටේ දේශීය සහ විදේශීය ණය ගැනීම් ආර්ථිකය තුළ මහා ව්‍යසනයක් බවට පත්ව තිබීමත් මහා ණය උගුලක් නිර්මාණය වී තිබීමත්ය. එනිසා සතයක හෝ අලූතින් ණය ගැනීමක් සිදු නොකළද රටේ ණය ප‍්‍රමාණය දිනෙන් දින, අඛණ්ඩව ඉහළ යන මරු වැලක් නිර්මාණය වී තිබේ.
    මහින්ද ණය සහ පින් ගලවා විසිකර ඇති බෝම්බ වැනි ජනතාව මුලාකරන ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම තුළින් වර්තමාන පාලනයේ අවිධිමත් ආර්ථික කළමණාකරණය හේතුවෙන් ගොඩනැඟී ඇති ණය අර්බුදය ජනතාවගෙන් වසන් කිරීමට නොහැකි වේ. රජය විසින් සැබෑ තත්ත්වය අවංකව විශ්ලේෂණය කර ඊට පිළියම් යෙදීම සහ අවධිමත් ආර්ථික කළමනාකරණ ක‍්‍රියාවලිය නිසි මඟට ගෙන ඒමට වහා කටයුතු කිරීමට පියවර ගතයුතුව ඇත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..:dull:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    නිවටයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..:dull:

    rata iwarayi me yana widiyata

    මුන් මොන මගුලක් කරනවද මන්ද
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rata iwarayi me yana widiyata

    මම දැක්ක ඩොලර් එක 155ට ගිහින් තිබ්බ...ආයෙ මොනාද කතා කරන්නෙ බන්...රනිල කියුවෙනම් ආර්තික ඔස්තාර් කියල...කෙරුවාව කොහොමද කියල හැමෝටම දැන් පේනවනෙ...නොහැකියාවෙ පෙලෙන මීහරක් බානකට රටක් බාරදුන්නම මොකද වෙන්නෙ කියල ලකාවෙ උන්දලට දැන් නම් හොදටම තේරෙනව ඇති...තව ඉස්සරට තව තේරෙයි...ඩොලර් එක 180-200 ගියාම වෙනස උදාවෙයි කට්ටියටම...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    මම දැක්ක ඩොලර් එක 155ට ගිහින් තිබ්බ...ආයෙ මොනාද කතා කරන්නෙ බන්...රනිල කියුවෙනම් ආර්තික ඔස්තාර් කියල...කෙරුවාව කොහොමද කියල හැමෝටම දැන් පේනවනෙ...නොහැකියාවෙ පෙලෙන මීහරක් බානකට රටක් බාරදුන්නම මොකද වෙන්නෙ කියල ලකාවෙ උන්දලට දැන් නම් හොදටම තේරෙනව ඇති...තව ඉස්සරට තව තේරෙයි...ඩොලර් එක 180-200 ගියාම වෙනස උදාවෙයි කට්ටියටම...

    අවුරුදු විස්සක් තිස්සේ පැරදී පැරදී අසාර්ථක වෙච්ච නායකයෙකුට, පක්ෂයක වියවස්ථාවෙන් ලැබී ඇති අසීමිත බලතල උපයෝගී කරගෙන පක්ෂ නායකත්වයේ දිගටම හිටපු නායකයෙකුට රට බර දුන්නම මීට වඩා වැඩි දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,332
    113

    (කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර විසිනි)

    කැලණියේ උපකුලපති තමන්ගේම අත්සනින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෙයි :lol::lol::lol:

    නිලන්ත මදුරාවල

    කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්‌ඩාර මහතා තමන් විසින්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරට උසස්‌වීමක්‌ ලැබ සිටියි.

    මහාචාර්යවරයා තමන් විසින්ම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුරට පත්කර ගනු ලැබීමේ ලිපිය නිකුත් කර ඇත්තේ පසුගිය මාර්තු මස 19 වැනි දාතමිනි. ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස 2011 වසරේ අප්‍රියෙල් මස 25 වැනිදා සිට තමන් වැඩ භාරගත් බවට මද්දුමබණ්‌ඩාර මහතා තමන් වෙතම ලිපිය නිකුත් කර ඇත්තේ වසර හතරකට පෙර දිනයක්‌ යොදමිනි.

    තවද මහාචාර්යවරයා උපකුලපති ධුරයට පත්වීමට පෙර එනම් පසුගිය 2012 වසරේ ජුනි මස 01 වැනිදා සිට ඒ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් තනතුර සඳහා එවකට උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා විසින් නිදහස්‌ කරනු ලැබ සිටි අතර එලෙස විශ්වවිද්‍යාලයෙන් නිදහස්‌ව සිටි කාලය සඳහාත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරය වලංගු කරගැනීම තවත් විශේෂත්වයකි.


    - http://www.divaina.com/2015/05/06/news31.html
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු විස්සක් තිස්සේ පැරදී පැරදී අසාර්ථක වෙච්ච නායකයෙකුට, පක්ෂයක වියවස්ථාවෙන් ලැබී ඇති අසීමිත බලතල උපයෝගී කරගෙන පක්ෂ නායකත්වයේ දිගටම හිටපු නායකයෙකුට රට බර දුන්නම මීට වඩා වැඩි දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැ

    :yes::yes::yes:මහින්දගෙ කාලෙ ඩොලර් එක 132-135 අතර...ආර්තික ඔස්තාර් කියන මීහරක් නාම්බ ආව ගමන් ඩොලර් එක 155ක් උනා...මොලයක් කලදක් හරි තියෙන ඔනම එකෙක්ට තේරුම් ගන්ඩ ඔය උදාහරනය හොදටම ඇති රනිල් කියන්නෙ මොන වගේ පොල් බූරුවෙක්ද කියල දැන ගන්ඩ....
     
    • Like
    Reactions: clearsky

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sadarana lesa balamu.-------Lankave danata pavathina , Profit ena , projects monavadha kiyala.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,674
    1
    57,785
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටට මොකක්ද වුනේ, වෙන්න යන්නෙ කියල අහන ප්‍රශ්නය නිතරම අහන තේරුමක් නැති ප්‍රශ්නයක්.

    ඔය ප්‍රශ්නය අහන කාලවකවානුව අනුව උත්තරය තෝරාබේරාගන්න පුලුවන්.

    උදා: 1948දි ඇහුවොත් උත්තරය "සුද්දා කෙලෙව්වා" කියා කියන්න පුලුවන්.
    1952දි ඇහුවොත් ඩී ඇස් කෙලෙව්වාය. 1956 දි බණ්ඩා කෙලෙව්වාය....... 2015දි මහින්ද,...... ඊළඟට රනිල්/හිටං යුවල. ඊට පස්සෙ චතුර වෙයිද මන්ද!
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේවා දැක්කම හිනාත් යනවා. මට නම් කියන්න තියෙන්නේ රටට කෙලවෙලත් නැ. කෙලවෙලා තියෙන්නේ දේශපාලුවො පස්සේ වෙනසක් බලාපොරොත්තුවෙන් ගිය උන්ට. අපි නම් කාලා බිලා හම්බ කරගත්ත එක වියදම් කරලා ඉන්නවා. මහින්දගේ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නිවටයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..:dull:

    rata iwarayi me yana widiyata

    මුන් මොන මගුලක් කරනවද මන්ද

    :rofl:පල් හෑල්ලක් දානකොට මම හිතුවා මහින්ද පල් හොරාට කඩේ යෑමක් තමා කියලා.හොඳ වෙලාවට කියෙව්වේ නැත්තේ..:lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    :rofl:පල් හෑල්ලක් දානකොට මම හිතුවා මහින්ද පල් හොරාට කඩේ යෑමක් තමා කියලා.හොඳ වෙලාවට කියෙව්වේ නැත්තේ..:lol:

    :rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    මේවා දැක්කම හිනාත් යනවා. මට නම් කියන්න තියෙන්නේ රටට කෙලවෙලත් නැ. කෙලවෙලා තියෙන්නේ දේශපාලුවො පස්සේ වෙනසක් බලාපොරොත්තුවෙන් ගිය උන්ට. අපි නම් කාලා බිලා හම්බ කරගත්ත එක වියදම් කරලා ඉන්නවා. මහින්දගේ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි.

    :rofl::rofl:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :rofl:පල් හෑල්ලක් දානකොට මම හිතුවා මහින්ද පල් හොරාට කඩේ යෑමක් තමා කියලා.හොඳ වෙලාවට කියෙව්වේ නැත්තේ..:lol:
    kiyewwath therenawa kiyalada?:P