මේක ලංකාදීපයේ පලවෙච්ච ටිකක් දිග ලිපියක්. මෙතන ඉන්න ගොඩක් දෙනෙක් කොහෙන් හරි කැල්ලක් දෙකක් අරගෙන තර්ක කරනවා මිසක් මේවගේ පුළුල් ලෙස ඉදිරිපත් කරන්න තරම් දැනුමක් නැහැ. ටිකක් දිග උනත් දේශපාලනය ගැන උනන්දුවක් දක්වන හැමෝම කියවන්න වටිනා ලිපියක්. බුම්ප් එකක්වත් දාලා යන්න
(කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර විසිනි)
රජයේ ණය ප‍්‍රමාණය පිළිබඳ විවිධ ප‍්‍රකාශ පසුගිය කාලපරිච්‍ජේදය පුරාම අසන්නට ලැබුණු අතර රටේ මූලික ගැටලූව බවට පත්ව ඇත්තේත් මෑත කාලයේ රටේ ආර්ථික සංවර්ධනය පසුබෑමකට ලක්ව ඇත්තේත් ණය ප‍්‍රශ්නය නිසා බව එම ප‍්‍රකාශවලින් හැඟ වේ. එබැවින් එම ප‍්‍රකාශවලින් ඉදිරිපත්ව ඇති කරුණු සහ පසුගිය කාලපරිච්ජේදය තුළ ණය ප‍්‍රමාණයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කිරීම මගින් සැබෑ තත්ත්වය පිළිබඳව නිගමනයකට එළඹීමට අවස්ථාව සැලසේ.
ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මුහුණදෙන ප‍්‍රධාන ආර්ථික ගැටලූවක් වන්නේ රටේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ආයෝජන ප‍්‍රමාණය දේශීය වශයෙන් සම්පාදනයකර ගැනීමට නොහැකි වීමයි. දේශීය ඉතුරුම් අඩු මට්ටමක පැවතීම නිසා ආයෝජනය සඳහා යොදාගත හැකි අරමුදල්වල හිඟයක් පවතී.
එවැනි තත්ත්වයක් තුළ විදේශ ආධාර සහ ණය මඟින් ආයෝජනය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට සිදුවේ. සංවර්ධනය වූ රටවල් පවා දේශීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ණය යොදාගන්නා ආකාරය කොතෙකුත් දැකිය හැකිය. සංවර්ධනය වූ සෑම රටක්ම පාහේ සංවර්ධනයේ මුල් අවස්ථාවේදී ආර්ථික සංවර්ධන සඳහා විදේශීය ණය ආධාර කරගෙන ඇත.
මේ ආකාරයටම රජයේ වර්තන සහ ප‍්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් ප‍්‍රමාණවත් නොවනවිට, විශේෂයෙන්ම රජයේ ආදායම සහ වියදම අතර පවත්නා පරතරය පියවාගැනීම සඳහා දේශීය වශයෙන් ණය ලබාගැනීමටද රජයන් කටයුතු කරනු ලබයි. දේශීය බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය විසින් බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මඟින් දේශීය වශයෙන් ණය ලබාගැනීම සිදු කෙරේ.
සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මෙන්ම සංවර්ධනය වූ රටවල් ද අරමුදල් අවශ්‍යතා පියවාගැනීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගැනීමට පෙළඹී ඇත. ලෝකයේ වැඩියෙන්ම ණය ලබාගෙන ඇති රජය වන්නේ ජපන් රජයයි. ජපන් රජය මේ වන විට එරට දළදේශීය නිෂ්පාදිතය මෙන් සියයට 250.40 ක ණය ලබාගෙන ඇති අතර ඉතාලියේ එම ප‍්‍රමාණය සියයට 132.6කි. සිංගප්පූරුවේ සියයට 112 ක් ද ඇමරිකා එක්සත් ජනපදයේ සියයට 106.10 ක් ද වේ. ලොකු කුඩා සෑම රටකම පාහේ රජයන් තම කටයුතු සඳහා දේශීය සහ විදේශීය ණය ලබා ගැනීම පුරුද්දක් කරගෙන ඇති බව ඉන් පැහැදිලි වේ.
ශ‍්‍රී ලංකාව සංවර්ධන කටයුතු සඳහා දේශීය සහ විදේශීය ණය මහාපරිමාණ වශයෙන් යොදාගැනීමට යොමු වූයේ 1977 වසරේදී නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති හදුන්වාදීමෙන් පසුවය. 1976 වසරේදී රටේ දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 12.6 ක් විය. විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 4.9 ක් විය. රටේ මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 17. 6 ක් විය. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 58.5 පමණක් විය.
නිදහස් ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වූ මුල් වසර වූ 1978 දී දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 16.3 ක් ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 14.5 ක් ද මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 30.9 ක් වූ අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත්විට සියයට 72.5 ක් විය. නිදහස ලබාගැනීමේ සිට ඒ දක්වා කාලපරිච්ජේදය තුළ වාර්තා වූ ඉහළම ණය අනුපාතය එය විය.
ඉන් වසර 11 කට පසු 1989 දී දේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 117.5 ක් දක්වා ද විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 156.2 ක් දක්වාද ඉහළ ගොස් මුළු ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 273. 8ක් දක්වා ඉහළ ගියේය. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත්විට සියයට 108.7 ක් විය. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස වාර්තා වූ ඉහළම මට්ටම එයයි.
නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වාදීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන රජය විසින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති රැසක් දීයත්කරනු ලැබීය. කඩිනම් මහවැලි ව්‍යාපාරය, නිදහස් වෙළෙඳ කලාප සහ නිවාස සංවර්ධන ව්‍යාපෘති ආදිය වෙනුවෙන් අතිවිශාල ආයෝජන ප‍්‍රමාණයක් යෙදවීමට සිදුවූ අතර ඒ සඳහා රජය සතුව මුදල් නොතිබීම හේතුවෙන් මේ ආකාරයට දේශීය සහ විදේශීය සැපයුම් මාර්ග ඔස්සේ ණය ලබාගෙන එම අඩුපාඩුව සම්පූර්ණ කරගැනීමට සිදු විය.
රජයේ වියදම් සඳහා ප‍්‍රමාණවත් ආදායමක් නොලැබෙන විට රජයේ අයවැය ලේඛනයේ හිඟය එන්න එන්නම වැඩි වෙයි. ඒ සඳහා සමහර රාජ්‍ය නායකයන් කදිම උපාය මාර්ගයක් ලෙස සැලකුවේ රාජ්‍ය සම්පත් සහ ආයතන පෞද්ගලීකරණය කර ආදායම ලබා ගැනීමයි. 1991 දී එය ආරම්භ කළ අතර එය හඳුන්වාදෙනු ලැබුයේ ජනතාකරණය වශයෙනි. 1991 සිට 2005 දක්වා වසර 15 තුළ සෑම වසරකදීම රාජ්‍ය ආයතන අලෙවිකර රජයේ වියදම් ද පියවා ගැනීමට කටයුතු කරනු ලැබීය.
චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය සිය පාලන කාලය තුළ සෑම වසරකදීම රාජ්‍ය ආයතන අලෙවිකර අයවැය සඳහා මුදල් සොයාගනු ලැබීය. 1997 වසරේ දී එමගින් ලැබුණු ආදායම රුපියල් මිලියන 22,499ක් විය. එම වසරේ අයවැය හිඟය රුපියල් මිලියන 62,732 ක් වූ අතර ඉන් තුනෙන් එකක්ම රාජ්‍ය දේපළ විකිණීම මඟින් සපයා ගැනීමට හැකිවිය. ජාත්‍යත්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන රජයට බලකර සිටියේ තවදුරටත් ණය ලබාදීමට නම් රජයේ දේපළ පෞද්ගලික අංශයට අලෙවි කිරීම අනිවාර්යය කොන්දේසියක් වියයුතු බවයි.
රාජ්‍ය දේපළ අලෙවිකර රජයට ආදායම ලබා ගත්තද 1990 සිට 1995 දක්වා කාලපරිච්ජේදය පිරික්සීමේදී පැහැදිලි වන්නේ එම මුළු කාල පරිච්ජේදය තුළදීම රාජ්‍ය ණය ප‍්‍රමාණයේ අඩුවක් සිදුව නැති බවයි. 1990 දී මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුයියල් බිලියන 310.7 ක් වූ අතර එය සෑම වසරකදීම අඛණ්ඩව වැඩි වී ගොස් 1995 දී රුපියල් බිලියන 635.6 ක් දක්වා ඉහළ ගියේය. ඉන් පැහැදිලි වන්නේ රාජ්‍ය දේපළ අලෙවිකරමින් ආදායම ලබා ගනිද්දී පවා සෑම රජයකටම සෑම වසරකදීම රජයේ වියදම් සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ණය ගැනීමටද සිදු වූ බවයි.
2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය දේපළ අලෙවිය සම්පූර්ණයෙන්ම නවතා දැමුවේය. එනිසා රජයේ ආදායම් - වියදම් පරතරය පියවාගැනීමට තිබූ එකම මාර්ගය වූයේ දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබාගැනීමය. එම රජයට මුල් කාලපරිච්ජේදය තුළ යුද්ධය වෙනුවෙන් මෙන්ම යුද්ධයෙන් සිදු වූ අලාභහානි වෙනුවෙන්ද අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් වැය කිරීමට සිදු විය.
ඒ අතරම යුද්ධය පවතිද්දීම පොහොර සහනාධාරය වැනි සහනාධාර ක‍්‍රම, ග‍්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති වැනි සංවර්ධන ව්‍යාපෘතිද ක‍්‍රියාත්මක කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ දෙවන යුගයේදී උතුරු නැගෙනහිර සංවර්ධනය ඇතුළු වරාය, ගුවන්තොටුපළ සහ අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රාශියක් දියත් කරනු ලැබීය. මෙම කාලපරිච්ජේදය පුරාම ඊට පෙර යුගවලදී පැවතියාක් මෙන්ම රාජ්‍ය ණය ප‍්‍රමාණයද ඉහළ ගියේය.

Last edited:

පල් හෑල්ලක් දානකොට මම හිතුවා මහින්ද පල් හොරාට කඩේ යෑමක් තමා කියලා.හොඳ වෙලාවට කියෙව්වේ නැත්තේ..