රටට ‘නිවුස් එකක් වෙන්න‘ කැබිනට් මණ්ඩලය අස්වූ හැටි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    ඊයේ (03) අගමැති මහින්ද රාජපක්ෂ සමග කැබිනට් ඇමතිවරුන් පැවැත්වූ සාකච්ඡාවේදී මේ වනවිට රට තුළ මෙන්ම ලෝකය පුරා ශ්‍රී ලාංකියන්ගෙන් ආණ්ඩුව කෙරෙහි එල්ලවී ඇති බරපතල අප්‍රසාදය ගැන සාකච්ඡාවට ලක්විය.
    බොහෝ අය දන්වා සිටියේ තමන්ට ‘පාරේ බැහැලා යන්නට බැරි‘ තත්වයක් දැන් උද්ගතව ඇති බවයි.දේශපාලනික වශයෙන් වෙන කවර ආණ්ඩුවක්වත් නොලද අප්‍රසාදයක් ගෝඨාභය රජය මේ වනවිට අත්කරගෙන ඇති බව ඔවුන් කරුණු දක්වන ලදි. මෙයට ගෑස් හිඟය,ඉන්ධන හිඟය බඩුමිල ඉහළ යාම මෙන්ම රාත්‍රී කාලයේ පවා ජනජීවිතය පීඩාවට ලක්කරමින් සිදුවන නිමක් නැති විදුලි කැපිල්ල හේතුවී ඇති බවට කරුණු පළ විය.

    ‘ගෝටා ගෝ හෝම්‘ යනුවෙන් රැල්ලක් පැනනැගී ඇත්තේ දේශපාලන උවමනාවන් මත නොව සැබෑ ජනතා අප්‍රසාදය මත බව එහිදී අවධාරණය වූ අතර බැසිල්,චමල්,නාමල් හා මහින්ද යන කැබිනට්ටුවේ රාජපක්ෂවරුන්ද එය අඩුවැඩි වශයෙන් පිළිගත් බව වාර්තාවේ.
    3 වනදා සංවිධානය කළ උද්ඝෝෂණය වෙනුවට වෙනත් ඕනෑම දිනයක ඊටත් වඩා බරපතල උද්ඝෝෂණ මතුවිය හැකි බවත් මේ වනවිට තීරණයක් නොගෙන බැරි තැනකට ගැටලුව පත්ව ඇති බවත් අවසානයේ කථාබහට ලක්විය.
    ඒ අනුව ඊට විසඳුම් මොනවාදැයි විමසිල්ලට ලක්වූ අතර විසඳුම් කිහිපයක් ඇති බවත් එකක් වනුයේ ආණ්ඩුව එහෙම්ම තබාගෙන එහි හැඩය වෙනස් කිරීම බවට බැසිල් උපායශීලී යෝජනාවක් ගෙනාවේය.
    හැඩය වෙනස් කරන්නේ කෙසේද යන්නට ආ එක් විකල්පයක් වූයේ ඇමතිවරුන්ගේ ඔලුගෙඩි මාරු කිරීමය.
    කෙසේ වෙතත් මෙයින් ජනතාව සෑහීමකට පත්වේද යන්න ගැන ගැටළු මතු කෙරිණි.
    ‘ඕවට දැන් කට්ටිය රැවටෙන්නෙ නැහැ‘ යයිද අදහස් පළව තිබේ. එසේ නම් ජනතාව මතු කළේ රාජපක්ෂ විරෝධයක් බැවින් රාජපක්ෂවරුන් ඉවත්විය යුතුය යන්න කතාබහට ලක්විය.
    මෙහිදී මුලින්ම යෝජනා වූ පරිදි මහින්ද රාජපක්ෂ අගමැති තනතුරින් ඉවත්ව විශ්‍රාම සුවය ලබා ගෙදර යාම සුදුසු බව එක් ඇමතිවරයෙකු පැවසුවත් ඒ අවස්ථාවේ ජොන්ස්ටන් ඇතුළු ඇමතිවරු කිහිපදෙනෙකු ඊට තදබල විරෝධයක් මතු කර තිබේ. ‘මහින්ද යනවා කියන්නෙ අපට ඉදිරියට කවදාවත් ඡන්දයක් දිනන්න බැහැ. මහින්ද ඇක්ටිව් තියාගන්න ඕන‘ ඊට විරෝධය මතු කළ අයගේ අදහස විය.

    එසේ නම් කවුද රාජපක්ෂවරුන්ගෙන් ඉවත්වන්නේ මං තමයි නාමල් මුලින්ම නැගිට්ටෙය. ‘මං කලිනුත් කිව්වා මට පුළුවන් මේ වෙලාවෙ පසුබැසීමක් කරන්න.ඒක ඉස්සරහට ප්‍රශ්නයක් නොවෙන විදිහට හරිගස්ස ගන්න මට පුළුවන්‘ ඔහු ඉල්ලා අස්වන බව මුලින්ම කිව්වේ එලෙසිනි. ඒ සමගම අලි සබ්‍රිද තමාට තනතුර අත්හළ හැකි බව කියා සිටියේය.
    ශ්‍රීලනිපයේ මහින්ද අමරවීර කියා සිටියේ අපි මෙතැන්දි සම්පූර්ණ හැඩය හරවන්න නං එහෙනං මහින්ද මහත්තය ඉතුරු කරලා ඔක්කොම අස්වෙමු ලෙසිනි.
    මෙම යෝජනාවට බැසිල්,ජීඑල් පීරිස් හා දිනේෂ් එතරම් කැමැත්තක් දක්වා නැත. නෑ අපි විකල්ප ගැන හිතල බලමු ඔවුන් පස්සට අදින්නට විය. කෙසේ වෙතත් සාකච්ඡාව දීර්ඝ වශයෙන් යද්දී පවසා ඇත්තේ කාටත් ඉල්ලා අස්වන එක හොඳයි ‘ඒක රටට නිවුස් එකක්‘ වෙනවා. එතකොට ඇඳිරි නීති දාගෙන වහගෙන ඉන්න ඕන නැහැ පීඩනය ටිකක් අඩුවෙයි.
    කොහොමහරි අපිටමනෙ ආයිත් ඔය තනතුරු ලැබෙන්නෙ ඒ නිසා ගාණක් නැහැ අපි ඔක්කොම දැන් ඉල්ලා අස්වෙමු. ටිකක් ‘කූල්‘ වෙනකං ඉඳල ‘ෂෆල් කරලා ‘ අලුත් විදිහට හැඩේ වෙනස් කරගන්න එක ජනාධිපතිතුමායි අගමැතිතුමාටයි භාර දෙමු ලෙසිනි.
    ඒ අනුව සියලු දෙනාම ඉල්ලා අස්වීමේ ලිපි ලියා අගමැතිවරයාට භාර දුන්නේ අවිනිශ්චිත විසඳුමක් වෙනුවෙනි.

    මේ අනුව අද (04) දිනයේ දී අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. ඉදිරියේදී සැලසුම් කෙරෙන නව රජයේ නව කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරනු ඇත.
    මේ අතර, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිදීමක් ‘කැබිනට් මන්ඩලය විසුරුවීමක්‘ ලෙස අදහස් නොවන බවයි. එසේ ඉල්ලා අස් වීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවා නොමැති බවත්
    අමාත්‍යවරයෙකු සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය භාරදිය යුත්තේ අගමැතිවරයා වෙත නොව ජනාධිපතිවරයා වෙත බවද ඔවුන් පෙන්වා දී තිබේ.
    පවතින ගැටලුවට හරි විසඳුමක් තවම රජයට නොමැති අතර ජනතා විරෝධය යටපත් කිරීමේ තාවකාලික විසඳුම් සෙවීමක් ලෙස මෙම කැබිනට් ඉල්ලා අස්වීම් පෙන්නුම් කර ඇත.
    ඊළග පාර්ලිමේන්තුවේදී සිදුවන බල වෙනස අනුව රජයේ අනාගතය තීරණය වන ස්වරූපයක්ද මේ වනවිට හඳුනාගන්නට ලැබේ. යම් හෙයකින් 50 කට වැඩි පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගතහොත් සරල බහුතරය නැතිවී ආණ්ඩුව විසුරුවා හැරීමට ජනපතිට සිදුවේ.

    https://www.gossiplankanews.com/2022/04/cabinet-news.html
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මට හිතෙනවා ‘ගෝටා ගෝ හෝම්‘ එකත් මුන්ගේම නිර්මාණයක්ද කියලත්, ස්ක්‍රිප්ට් එකේ හැටියටද කොහෙද මුන් ඉල්ලා අස් උනේ.
     
    • Haha
    Reactions: Die-hard

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka

    up
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    991
    93
    මට හිතෙනවා ‘ගෝටා ගෝ හෝම්‘ එකත් මුන්ගේම නිර්මාණයක්ද කියලත්, ස්ක්‍රිප්ට් එකේ හැටියටද කොහෙද මුන් ඉල්ලා අස් උනේ.
    ඔහොම ලොකු සක්‍රිප්ට් මුන්ට නෑ බන්. :rofl::rofl:
     
    • Like
    Reactions: navinnuwan

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Screenshot_20220404-105715_Drive.jpg
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ආණ්ඩුව එහෙම්ම තබාගෙන එහි හැඩය වෙනස් කිරීම බවට බැසිල් උපායශීලී යෝජනාවක් ගෙනාවේය.
    හැඩය වෙනස් කරන්නේ කෙසේද යන්නට ආ එක් විකල්පයක් වූයේ ඇමතිවරුන්ගේ ඔලුගෙඩි මාරු කිරීමය.
    කෙසේ වෙතත් මෙයින් ජනතාව සෑහීමකට පත්වේද යන්න ගැන ගැටළු මතු කෙරිණි.

    ‘ඕවට දැන් කට්ටිය රැවටෙන්නෙ නැහැ‘ යයිද අදහස් පළව තිබේ. එසේ නම්

    🤓 it is comming baby
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මුන්ට වෙන දෙන්න එකෙක් නෑ
    අනිත් පක්ශ නන්දෙ එක්ක බෑ කියන නිසා :D
     
    Similar threads