88/89 කාලෙ වධ කඳවුරු වල කරපු දේවල් කියවල බලද්දි
දැන් උනත් පොලිස් අත්තඩංගුවෙදි මැරෙන මිනිස්සුන්ගෙ කථා බලද්දි මිනිස්සුන්ගෙ මානසික මට්ටම් තේරුම් ගන්න පුලුවන්
විශේශයෙන්ම මිනිස්සුන්ට බලය ලැබෙද්දි හැසිරීම වෙනස් වෙනවා මේක ගැන වෙන රටක කරපු පරීක්ෂණයක් ගැනත් කියෙව්ව මතකයි
පහල තියෙන්නෙ ඒ වගේ වධ කඳවුරක ඉඳපු කෙනෙක් ගිය සතියෙ ලියපු කථාවක පොඩි කොටසක් අඩයාලම FB group එකේ
"මට උදය කුමාර (සෙබලෙක්) දවසක් කී කතාවක් සිහිවේ.
සර් මම දැනට කෙල්ලො දහතුන් දෙනෙක් දූෂණය කරල තියෙනවා. මට ඒව නිතරම මතක් වෙනවා. මට මගේ නංගිත් මතක් වෙනවා. මට දැන් ඒව දරා ගන්න බෑ සර්.එක වෙලාවකට මට පිස්සු හැදෙයි ද කියලත් හිතෙනව සර් . ඔහු උරමින් සිටි දුම් වැටියෙන් දිග දුම් උගුරක් ඇද්ද ඔහූ එයින් පපුව පුරෝගත්තේය.
අපිදවල්ට රේඩ් වලට යද්දි ලස්සන කෙල්ලො දැක්කොත් රෑට උන් ඉස්සුව සර්. ගෙනැල්ල අපේ වැඩේ කරගෙන කොහාට හරි ගෙනිහින් මරල පුච්චල දැම්ම සර්.මට ඒව මතක් වෙනව දැන් නිතරම.හුඟක් දවස් වලට රෑට මට නින්ද යන්න නෑ. ඒකයි මං හවසට කුනුවෙන්න ගහන්නෙ. දැන් බීල ඉඳල දෙසැරයක් මාට්ටු වුනා. මට වෝනින් කල්ල තියෙන්නෙ. ඊළඟ සැරේ අහු වොනොත් මම ඉන්ටර් ඩික්. එහෙම වුනොත් මම ගෙදර යන්නෙ නෑ සර්. ඔහු බිම බලාගෙන කල්පනා කරන්නට විය. ඔහු අත වූ සිගරට්ටුව ඇඟිලි තුඩින් ගිලිහී බ්ම වැටෙනු මම දුටිමි."
එළියකඳ වධ කඳවුර පොතෙත් තියෙනවා ඒ වගෙ කථා ගොඩක්
මට මේ මිනිස්සුන්ගෙ දේශපාලනෙ අදාල නෑ
මිනිස්සුන්ගෙ හැසිරීම ගැනයි කරන්නෙ මම මිනිහෙක්ට සතෙක් වෙන්න යන්නෙ පොඩි වෙලාවයි
උතුරේ යුද්දෙදිත් මේ වගෙ දේවල් ගොඩක් වෙන්න ඇති කොටි සහ හමුදාව දෙපැත්තෙන්ම මැරෙන්න කලින් තමන්ගෙ ළමයව බලන්න ඕනි කියපු බඩ දරු අම්මලව කපල කොටල ළමයි එළියට අරගත්තු කථා කියන්නෙ (කොටි කරපුවා )
මේකත් අඩයාලම group එකෙන් ගත්තු කොටසක්
"
ජිප් රියේ මා අසල අවිදැරූ භටයෙක් රඳවා SI යළි පොලීසිය දෙසට ගියේය.
විනාඩි කීපයකින් පැමිණි ඔහු ජිප් රිය
පණ ගැන්වීය.මා පොලිසියෙන් පිටතට එනවිට අම්මා(බිරිඳගේ මව)පොලිසියට ඇතුල්වනු දුටිමි. එහෙත් ඈ මා නොදුටුවාය. රෝහල දෙසට පැමිණි රිය
සේනානායක පිටිය දෙසින් පහළට හරවන ගමන් SI මා දෙසට හැරී
උඹ දන්නවද උඹ මේ කොහාටද ගෙනියන්නෙ කියලා. හරවපු විදිහෙන් මම දන්නවා මස්කඩයට කියලා.ඒත් මම නිහඬ වීමි.
මස්කඩයට.උඹ දන්නවනෙ මෙහාට ගෙනාපු එකෙක් ආපහු පනපිටින් ගියේ නෑ කියලා.
ඒ වනවිටත් ජිප් රිය මස්කඩය තුළය.එය පොලිසිය පේන මානයේ පිහිටි හාලි ඇල මෝටර්ස් ගරාජයයි. බැහැපන් තරමක් මිදුලක්. දෙපස කාමර සහිත විවෘත ආලින්දයක්.මා බිමට බහිනවාත් සමගම
කීප දෙනෙක් අසලට පැමිණියහ.
උඹල ඕනි නෑ මං කරගන්නම්.SI ඔවුනට කීය. ඔහු මා මේසයක් සහිත එළිමහන් තැනකට රැගෙන ගියේය.
අඟල් බාගයේ පමණ හෝස් බටයක් අතට තදින් මිරිකා ගත් ඔහු ගලවපිය ෂර්ට් එක යී කීවේය මම කමිසය ගැල වීමී. ගලවපිය සරම.
මම අදිමදි කළෙමි.චටාස් ගා හෝස් බටපාරක් හිසමත පතිත විය මගේ ඇස් දෙකෙන් ගින්දර පිටවිය.ඒ සමගම දෙවන පහරද වැදුනි .එය හිස කෙළවර කණද රත්කරමින් බෙල්ල ළ ඟ නතර විය. ගලවපිය ප....
තව පහරක් පිටදිගට වැදුනි. මට දැනුනේ හම ගැලවී හෝස් බටයේ පැටලී ගිය බවකි.
නැගපිය මේක උඩට ඔහු මේසය ළඟට මා තල්ලු කළේය. මම මේසය උඩට නැගීමි. ඔහු මගේ සරමෙන් අල්ලා පහලට ඇද්දේය. මම දෑතින්ම සරම අල්ලා ගතිමි. පිටි අල්ල දෙසට තවත් වේගවත් පහරක්.මුලු අතම හිරිවැටී ගියේය. මම සරම අත නොහැරීමි පිටුපසට පහර කීපයක්
උස්සපිය අත් දෙක. ඔහු බයිකල් චේන් එකක් අතට ගත්තේය. ඔහු සරමඇද ගලවා දැම්මේය.මෙතෙක් වැදුනු පහරවලට වඩා මට එය රිදුනේය.මතක ඇති කාලයක මා නිරුවතින් හිඳ නැත.මම නැමී සරම ගන්නට උත්සාහ කළෙමි.කළවා පෙදෙසින් ඔහු හම ගලවා ගත්තේය.තව දුරටත් හිත වා වා ගැනීමට මට නො හැකිවිය.මම හයියෙන් හැඩුවෙමි.
දැන් ඉතින් කියපිය ඇත්ත.තෝ මෙච්චර කල් සේරම හංගගෙන හිටිය.මේ මස්කඩේ.තොගේ මයිල් ගහක් ගානෙ පට්ට ගහනවා. ඔහු මගේ වෘෂණයට පහර දෙකක් එල්ල කළේය. මට සිහිසන් නැතිවන තරමේ වෙද නාවක් ඇතිවිය.වචනයක් වත් කතා නොකරන්නට මම සිත දැඩි කර ගතිමි.
තවත් පහර කීපයක් මොනවාදෝ අසමින් ඔහු කැමති තැන්වලට එල්ල කළ ඔහු හෝස් බටය විසි කළේය.
හරි හොදින් කියපන් උබ මොකක්ද පක්ෂයේ දරපු තනතුර උඹ කී දෙනෙක් මරන්න ගියාද?
මම මේ අවට ඉස්කෝල හතරක වැඩ කරල තියෙනවා.හැම පාසලකම විදුහල්පතිවරු අදුරණව.දෙමාපියො ළමයි දන්නවා.ඒ කාගෙන් හරි අහල බලන්න. නැත්නම් සර්ල අල්ලන් ඉන්න අයගෙන් අහල බලන්න.මම දැඩි හඬින් කීවෙමි. මද වේලාවක් මා දෙසත් මගේ මුහුණ දෙසත් බලා සිටි ඔහූ
ඇඳගනින් සරම.
බැහැපන් බිමට.
සරම කමිසය තුවාලවල ගෑවෙන විට මට තරු විසිවන්නට විය.මෙතෙක් ඇති නොවූ විශාල වෛරයක් මොවූන් ගැන දැන් මට ඇති වේ. මුළු සිරුරම පුපුරු ගසමින් ඇවිලෙන්නා සේ මට දැනේ. සරමේ කමිසයේ තැනින් තැන ලේ බිඳු මතුවී එයි. අසල කාමරයකට ගිය SI කා සමග හෝ කිසියම් කතා බහක යෙදේ.
මොනාට මේ අහිංසකයො ගෙනල්ල තලන්න කියනවද මන්ද.එළියට එමින් ඔහු කියනු මට ඇසිනි.
වරෙන්
ඔහු යළි මා ජිප් රියට කැඳවා ගෙන ගියේය.මට අඩියක් තියා අඩියක් ගත නොහැක තුවල නොවූ තැනක් නැති ගානට දැවිල්ලක් හා වේදනාවක් දැනේ.
නැගපන්
ඔහු කීය.රියට නැග්ග මම බිම
ඉඳ ගතිමි.
සීට් එකේ ඉඳ ගන්නව.තමුසෙ පිනක් කරල තියෙනවා ආපහු යන්න.
යළි පොලීසිය ගෙනයන විට ආරිද එහි සිටියේය. උඹ කොහේද ගෙනිච්චෙ
මස් කඩේට.
මමවත් දන්නෙ නෑ ඔහු කීය.
පැයකට පමණ පසු අම්මා දොරටුව අසලට පැමිණියාය. දැන් පහර වැදුනු තැන් නිල්පාටවී උඩට මතුවී ඇත.තුවාල වූතැන් වලින් ඉස්ම මතුවෙමින් දියරයක් ගලයි.
පොලිස් නිළධාරියෙකු පැමිණ සිර මැදිරියේ දොර හැර
සිරිපාල....? මමඅසලට ආමි.
එන්න.
අමුතු
ඇමතුමක්. ඔහු දොර වැසීය
ඔයා නිදහස් කරලා.
මම මැදිරිය තුළ සිටි යහලුවන්ට කතා කර ඔවුන්ගෙන් සමු ගතිමි.

Last edited: