රටම මහණකර ප්‍රජනනය පාඩම තහනම් කරමුද?
පොලෝසිය උඩ පැන පැන ලව් කරන, අත් අල්ලගෙන යන කෙල්ලන් කොල්ලන් අල්ලාගෙන යයි. ඒ අසීලාචාරලෙස හැසිරීමේ චෝදනාව උඩය.
ආදරය කිරීම අසීලාචාර නම් ආදරයට පසුව අනිවාර්යයෙන් එන ලිංගිකත්වයද තහනම් කළ යුතුමය.
සීලාචාර රටක් ගොඩ නැගිය හැක්කේ එවිටය.
වඩාත් ඉදිරිපියවර කීපයක් ද ඒ සමග ක්‍රියාත්මක කිරීමට අපි යෝජනා කරමු.
ගෙවල්වල පිරිමි සමාජිකයින් සදහා එක පැත්තකුත් කාන්තා පාර්ශවය සදහා තව පැත්තකුත් දමා වෙන් කරන්නට නීති ද මේ සමග ගෙනා යුතු ය. අම්මලා තාත්තාලා එකට සිටීම නිසා ද දරුවන් නරක් වන්නට ඉඩ ඇති බැවිනි.
ගැහැණුන්ගේ කටයුතු සදහා වෙනම ආයතනත් පිරිමින්ගේ කටයුතු සදහා වෙනම ආයතනත් ඇති කළ හැකි ය. මේ දෙගොල්ලන් එකට ඉන්නා විට නරක් වන්නට ඉඩ වැඩිය. බොහෝ කතන්දර ඇතිවීමට මේ එකට හැසිරීම හේතු සාධක වී තිබේ. මේ තත්වය තහවුරු කරනු පිණිස නපුංසක හමුදාවක් හා පොලිසියක් වහා ගොඩ නැගිය යුතු ය.
ගැහැණුන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා පොත්තවත් පෙනෙන්නේ නැතිවන්නට වසා දමන්නට ද නීති ගෙනා හැකි ය. කාන්තා සිරුරේ බොහෝ අංග ලිංගික ආසාවන් උද්දීපනය වන ආකාරයට සකස් වී ඇති බැවිනි.
පුවත්පත්වල හා මාධ්‍යවල රූමත් කාන්තාවන්ට පෙනී සිටීම තහනම් කරමින් ද ආච්චිලා පමණක් වැඩසටහන්වලට සහභාගි කරගත හැකි වන පරිදි නීති සකස් කළ යුතු ය.
අමුඩය තහනම් කොට දිග සරමක් ඇද ගෙන කුඹුරු කොටන ලෙස අණ කළ යුතු ය.
මින් මත්තට ටියුබ්වල දරුවන් ඇති කරන දරු ගොවිපලවල් ඇති කර සංසර්ගය නීති විරෝධී කළ යුතු ය. පොලීසියේ ලිංගික අංශයක් ඇති කොට ලිංගික කටයුතු වැළැක්වීමට පියවර ගත යුතු ය.
කාමේසු මිච්චාචාරා වෙනුවට අභ්රමචාරියා සිල්පදය පන්සිල්වලට ඇතුළු කළ යුතු ය.
ජීව විද්‍යාව පොත්වලින් ප්‍රජනනය පාඩම ඉවත් කළ යුතු ය.
බල්ලන් හා බැල්ලියන් මෙන්ම බළලුන් හා බැළලියන් ද අශ්ශීල ලෙස හැසීරීම නීතියෙන් තහනම් කොට බලු-බළල් පොලිසියක වාරණයකට ඒ සංසිද්ධිය යටත් කළ යුතු ය.
ජාතියටම සිවුරු පෙරවා මහණ කරවීමේ ඉඩකඩ වහාම සොයා බැලීම සදහ ත්‍රෛයිනිකායික මහා සංඝ සභාවක් වහා කැදවිය යුතු ය.
එතකොට රජතුමාත්, නෝනාත් පුතාලාත්, උන්ගේ ගර්ල්ෆ්රෙන්ඩ්ස්ලාත් ගෝල රොත්තත් උන්ගේ ගෑනු, හොර ගෑනු හා වහල්ලුත් හැරෙන්න අනෙක් ඔක්කොම ශ්‍රමණයන්ය.
එතකොට මහරජතුමාට හැමදාම දන්සැල් දෙන්නට පුලුවන්ය.....අනේ සාදු.....
ආසියාවේ ආස්චර්යය.
http://beyondframe.wordpress.com/2009/07/30/9jl30/