අවුරුදු කිහිපයක පටන් රාවණ ඉතිහාසය හෙළිකරනවා යයි කියමින් අමුලික බේගල් පතුරවන මිඩියා කරුවන් හා ෆේස්බුක් කරුවන් ලංකාවෙන් ගෙන ගිය රාවණ පිළිමයක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති බව කියමින් මෙම රාවණ පිළිමයේ චායාරුපය නිතර පලකරන ලදී. එම මත පිළිගත් පිරිස් විසින් රාවණ රජුගේ නියම පිළිමය මෙය යයි කියමින් එයට සමාන පිළිම නිර්මාණය කිරීමද සිදුකරන ලදී.
ගයාන් සඳකැළුම් නම් අන්ත ප්‍රෝඩාකරුවා තමන්ගේ සියත රේඩියෝ වැඩ සටහනකදී මෙම පිළිමය ලංකාවේ භූගත දේවාලයකින් ගෙන ගිය බවත් එය ලංකාවට නැවත රැගෙන ආ විට ලංකාව සශ්‍රික වෙන බවත් පවසමින් තවත් අමුලික බේගල් රාශියක් ප්‍රචාරය කළා.
නමුත් මෙම පිළිමය සත්‍ය වශයෙන්ම ලංකාවට කිසිම සම්බන්ධයක් නැති දකුණු ඉන්දියාවෙන් ලබාගත් රාවණ පිළිමයක්. මෙම පිළිමය Augustus William Henry ( 1826 - 1902) නම් හමුදා නිලධාරියා තවත් ආසියානු, ග්‍රීක, ඊජිප්තු වස්තු සමග බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට 1878දී ප්‍රධානය කල කෞතුක වස්තුවක්. එය එම පිළිමය ප්‍රදර්ශනය කරන ස්ථානයේ දක්වා තිබෙනවා මෙන්ම කෞතුක වස්තු පිළිබඳ british museum වෙබ් අඩවියේ තොරතුරු වලත් ඉතා පැහැදිලිව සදහන් වෙනවා.
( කියවීමට :- https://research.britishmuseum.org/.../collection_object... )
මේ ආකාරයටම රාවණ ඉතිහාසය හෙළි කරනවා යයි කියමින් සමාජයේ පතුරවන අමුලික බේගල් රාශියක් සාක්ෂි සාධක සහිතව මිට පෙර ලිපි කීපයකින්ම හෙළි කළා. එම ලිපි කියවීමට :-
ශිව සිව බොරැව
https://rawanakingg.blogspot.com/2018/08/blog-post_10.html
සුර්ය නමස්කාර බොරැව
https://rawanakingg.blogspot.com/2016/12/blog-post.html
දෙවියන් හා බුදුදහම පිලිබද බොරැ
https://rawanakingg.blogspot.com/2019/04/blog-post_11.html
නාලන්දා ගෙඩි ගෙය ගැන බොරු
https://www.facebook.com/photo.php?fbid=2331612667109390&set=pb.100007820371011.-2207520000..&type=3&theater
වජ්‍ර බොරැව
https://rawanakingg.blogspot.com/2018/08/1_17.html
කතරගම දෙවියන් ගැන බොරු
https://rawanakingg.blogspot.com/2019/07/blog-post_16.html
සීගිරියේ සිංහපාද පිළිබඳ බොරුව
https://www.facebook.com/photo.php?fbid=2389013188036004&set=a.1659676337636363&type=3&theater&ifg=1
රාවණ ඉතිහාසය හෙළි කරනවා යයි කියමින් පට්ටපල් බේගල් කරුවන් ප්‍රචාරය කල අමුලික අසත්‍ය එකින් එක දැන් හෙළිවෙමින් යනවා. මොවුන් වටා අන්ධ භක්තියෙක් එකතු වූ විචාර බුද්ධියක් නැති ශ්‍රාවක පිරිස වන්දනා මාන කරමින් සිටි ෆැන්ටසි සියල්ලම දියවී යනවා. මෙම බේගල් කරුවන් බොරු බේගල් ගසා තමන්ගේ චරිතය පුම්බාගැනීමට යාමෙන් පටන්ගත් බොරුකිමේ රැල්ල නිසා රාවණ නාමය ගෑවී හෝ තිබෙන ඕනෑම දෙයක් අමුලික බොරුවක් බවටත් රාවණ නාමය ගාවාගත් ඕනෑම අයෙක් පට්ටපල් බේගල් කරුවෙක් බවටත් පත්වී තිබෙනවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පොදු කමෙන්ට් වලට උත්තර
1. රාවණාගේ පිළිම ඉන්දියාවේ උන් හදන්නේ ඇයි? රාවණා ඉන්දියාවට හතුරෙක්නේ?
* ඉන්දියාවේ රාවණ පිළිම තියෙන්නේ මේක විතරක් නෙවෙයි රාවණ පිළිම ප්‍රතිමා සියදහස් ගණනක් තියෙනවා අවුරුදු දහස් ගණන් පරණ. ඒවා උන් හදල තියෙන්නේ රාමායානයේ අයිතිහාසික සිද්දිය නිසා.
රාවණා කෛලාශය ඔසවාගෙන ඉන්න මුර්ති වෙනම වර්ගයක් තියෙනවා රාවනානුග්‍රහ කියලා.
* ඉන්දියාවේ රාවණා අදහන කෝවිල් ඕනතරම් තියෙනවා වගේම රාවනා අදහන මිනිස්සු ඕනතරම් ඉන්නවා.
* රාමට විරුද්ධ වුන නිසා හතුරෙක් වුනා මිසක් ඉන්දියාවේ රාවන පහත් කර සලකලා නෑ. ඉන්දියාවේ ආයුර්වේද ග්‍රන්ථ වල හිමාලේ තිබුන ආයුර්වේද ඍෂි වරුන්ගේ සම්මේලනයකට රාවණාත් සහභාගී වුනා කියලා තියෙනවා.
2. මේ පිළිමයේ උඩරට ඇදුමක් තියෙන්නේ කොහොමද?
මේ පිළිමයේ තියෙන්නේ උඩරට ඇදුම කියල කියන්නේ මේ රටේ උඩරට සමාන පෙනුම තියෙන නිසා එක උඩරට ඇදුම කියලා හිතාගෙන. මේ විදියේ ඇදුම් නිර්මාණය කල ප්‍රතිමා ඔනිතරම් ඉන්දියාවේත් තියෙනවා නේපාලය, චීනය, තායිලන්තය වගේ රටවල් ගොඩක තියෙනවා.
3. සුද්දෝ මේක ලංකාවෙන් ගෙනිහින් පස්සේ ඉන්දියාවෙන් ගත්තා කියලා වෙනස් කරලා ?
සුද්ද වෙනස් කරනවා නම් මේ පිළිමය විතරක් වෙනස් කරනවද? බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඉන්දියාවෙන් ගෙන ගිය තවත් පුරාවස්තු තියෙනවා ලංකාවෙන් ගෙන ගිය පුරාවස්තු තියෙනවා. මිට වඩා ගුප්ත ඊජිප්තු පිළිම වගේ වස්තු වෙනම තියෙනවා. ඒවා එකක්වත් තොරතුරු වෙනස් කරලා දාලා නෑ. ඒ ඒ පුරාවස්තුවල ඒ ඒ රටවල ලක්ෂණ හොදට දකින්න තියෙනවා.
මේක ගෙනිච්චේ ඉන්දියාවෙන් කියලා ඒ කාලේ ගෙනිච්ච මිනිහාම වාර්තා කරපු එක තමයි අද වෙනකන් තියෙන්නේ. එතකොට එක ඉන්දියාවෙන් ගෙනිච්ච බවට එතනම සාක්ෂියක් තියෙනවා.
මේක ලංකාවේ කියන්න මොනවද තියෙන සාක්ෂි? අවුරුදු කීපයකට කලින් රාවණ රැල්ල පටන්ගන්න කලින් වෙනකන් ලංකාවේ උන් මෙහෙම පිළිමයක් තියෙනවද කියල දන්නෙත් නැත්තේ ඇයි? මේක මේ ඊයේ පෙරේදා නෙට් එකෙන් ෆොටෝ එක දැකලා කතාවක් ගොතලා කියනකන් මේ පිළිමේ ගැන ලංකාවේ කොහේ හෝ කවුරු හෝ කතා කරලා නෑ. ලංකාවේ මෙහෙම පිළිමයක් තිබ්බා කියලා හෝ මෙහෙම එකක් තිබිලා සුද්දෝ ගෙනිච්චා කියලා එක සාක්ෂියක් සාධකයක් තියෙනවද? අඩුමගානේ ජනකතාවක් වත් නෑ.
4. මේ පිළිමය මාරගල කන්දේ ගුහාවකින් ගෙනිච්ච එකක්?
මාරගල කන්දේ රහස් ගුහාව කොහෙද තියෙන්නේ? කවුද එකට ගිහින් තියෙන්නේ? ඒක දැකපු කෙනෙක් ගිය කෙනෙක් නෑ . කිවුලේගෙදර පරම්පරාවේ දැන් ජිවත් වෙන කවුද ඉන්නේ? එහෙම කෙනෙක් ඔහොම එකක් කියල තියෙනවද? කිවුලේගෙදර පරම්පරාවේ කවුරුන් හෝ ඔහොම දෙයක් වුන බවක් මේ පිළිමය ප්‍රසිද්ද වීමට පෙර කවදාවත් කියලත් නෑ. කිවුලේගෙදර පරම්පරාවක කෙනෙක් දැන් හොයාගන්නත් නෑ.
ඔහොම දෙයක් උනානම් මරගල කන්ද අවට ගම් වල ජනප්‍රවාදයක් විදියට අනිවාර්යෙන් මේ කතාව තියෙන්න ඕනි. මරගල කන්දේ කතාව ලිඛිත ඉතිහාසෙක තියෙනවද? නැත්තන් ජනකතාවක තියෙනවද? නැත්තන් පාරම්පරික විස්තරේක තියෙනවද?
එහෙම එකක් තියෙනවා නම් ඔය කියන්නේ මේ පිළිමය කියන්න විදියක් තියෙනවද?
මේක ගත්ත ජෙනරාල්ගේ නම ගම ඉදපු කාලය තියෙනවා වෙබ්සයිට් එකේ. මරගල කන්ද සම්බන්ධ ඔහොම කතාවක් තියෙනවා නම් ඒ කාලය මේ පිළිමය ලබාදුන් කෙනාගේ කාලයට ගැලපෙනවද?
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පිළිමේ ගැන ඇත්ත රටට එළිකලාට පස්සේ රාවණ සෙට් එක ඒක වහගන්න තව බොරුවක් හදලා.
" 1818 මේජර් මැක්ඩොවල්ගේ සේනාව මාරගල කන්දේ රාවණ දෙවොල වනසන ලදි. එම ප්‍රථිමාව ඉන්පසු ජෝන් ඩොයිලි භාරගෙන ලංකාවේ අනෙකුත් පුරාවස්තු සමඟ ඉන්දියාවේ පිහිටවූ එංගලන්ත සමාගමේ මූලාස්ථානට යවන ලදි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පවා වෙල්ලෝර් වල රඳවන ලද අතර අපගේ බොහෝ දකුණු ඉන්දියානු නාවික තොටුපළවල් වලින්නැව් ගත කරන ලදි.1826 ඉපදුණු ලුතිනන් ජෙනරාල් ඔගස්ටස් මෙම රාවණ ප්‍රථිමාව දකුණු ඉන්දියාවෙන් ගෙන ගොස් 1878 බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට භාර දෙන ලදි. ඔහු පුරාවස්තු එකතු කර විකුණා ඇත. 1902 දි ඔහු මියගියහ.අද ඉන්දියානු පුරාවස්තු තබන ස්ථානයක මෙය තබා ඇත."
ඔය ටික කිවුවේ හැබැයි පිළිමේ ඉන්දියාවේ එකක් කියලා සමාජගත උනාට පස්සේ. ඕවා ඇත්තනම් කලින් ඉදන්ම කියන්න තිබ්බනේ. ඒ කාලේ නම් කිවුවේ සුද්දා කලින්ම ගෙනිච්චා කියලා.
