අද වනවිට මේ රට ටිකෙන් ටික අස්ථාවර තත්ත්වයට, අර්බුදකාරී තත්ත්වයට ගමන් කරමින් සිටින බව පිටින් සිට බලන්නකුට පෙනෙන ස්වරූපයයි. මේ පරිසරය යටතේ පොඩි පොඩි කාරණා ගැන අපි කතා කර ඇත්තෙමු. එහෙත් අද වනවිට ප්‍රධාන අර්බුද කීපයක් ගොඩනැඟී තිබේ. ඒවා එකිනෙකට සම්බන්ධය. වෙන් කිරීම අපහසුය. ඩෙංගු උවදුර එක් උදාහරණයකි. අද මෙය උච්ඡුතම ස්ථානයකට පැමිණ තිබේ. මේ ප්‍රශ්නයට කිසිදු විසඳුමක් පසුගිය දශක කීපයේදී සොයා ගැනීමට හැකිවී නැත. නොයෙක් සාකච්ඡා කතාබහ දශක කීපයක සිට පැවතියද තිරසාර විසඳුමක් හදා ගැනීමට හැකියාවක් ලැබී නැත.
අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්රශ්නය දෙවැනි කාරණයයි. මෙයද පසුගිය වසර තිහක් තිස්සේ දකින ප්රශ්නයකි. කුණු කඳු ආරක්ෂා කරමින් ඒවා ටිකෙන් ටික ගොඩනගා ගෙන ආවා මිස මේ ප්රශ්නය විසඳීමට පුළුල් වැඩ පිළිවෙළක් හදාගැනීමට හැකිවී නැත. ආපදා පිළිබඳ ප්රශ්නය තෙවැනි කරුණය. සුනාමියෙන් පසුව මේ රට ආපදාවලට ලක්වීමේ අවස්ථාව තිබෙන බව තේරුම් ගත් කරුණකි. එහෙත් එදා සිට අද දක්වාම අපදාවලට සාර්ථකව මුහුණදීමේ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් යාන්ත්‍රණයක් සකසා ගැනීමට හැකිවී නැති බව පැහැදිලිය.
වසර 1983 සිට ජාතීන් අතර ප්රශ්නය සහ විවිධ අවස්ථාවල විවිධ ප්‍රශ්න තිබුණි. තිස් වසරක යුද්ධයක් තිබුණි. ජාතීන් අතර සැකය වර්ධනයවී තිබුණි. යුද්ධය කෙසේ හෝ නවතා ගැනීමට හැකියාව ලැබීම ජයග්‍රහණයකි. එහෙත් මේ දක්වාම ජාතික එකඟතාවක් මත තිරසාර විසඳුමක් ඇතිකරගෙන සාමකාමී පරිසරයක් ගොඩනගා ගැනීමට හැකිවී තිබේද? ජාතික එකඟතාවක් ගොඩනගා ගැනීමට කැපවී කටයුතු කිරීමට පාලකයන්ට වුවමනාවක් තිබේද යන්න සමාජය හමුවේ තිබෙන ප්රශ්නයකි. මේවා කොතරම් දුරට මේ සමාජයේ කැකෑරෙමින් පැවතියද ඒවා කෙරෙහි අවධානය යොමුකිරීමට අදාළ පුද්ගලයන් උනන්දු වෙනවාද?
මේ අතර ආර්ථිකය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබේ. මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම සේවා ආර්ථිකයකට යොමුකර තිබේ. මේ නිසා කෘෂි අංශය කාර්මික අංශය යම් පසුබෑමක තිබෙනවා විය හැකිය. සේවාමත ආර්ථිකය රඳා පැවැතීම නිසා ඇතිවන ආර්ථීක පීඩනය නැති කිරීමේ හැකියාවක් නැත. නිෂ්පාදනය අඩු වීම නිසා තිබෙන භාණ්ඩවලට ඇති ඉල්ලූම වැඩිවනු ඇති. මේ නිසා මිල ගණන්ද ඉහළ යනු ඇත. මෙහි පීඩනය අවසන් වශයෙන් දරන්නේ ජනතාවමය. ආර්ථිකයේ තව බොහෝ ප්‍රශ්න පවතින බව අමුතුවෙන් කිවයුතු කාරණයක් නොවේ.
මේ පීඩාකාරී වාතාවරණය යටතේ තරුණයන් පිළිබඳ ප්‍රශ්නයද සමාජයේ තිබේ. තරුණ ප්‍රශ්න සම්බන්ධයෙන් 1971 සිට කතා කර තිබේ. තරුණ අසහනය පිළිබඳව නොයෙක් අංශ ඔස්සේ පරීක්ෂාකර බලා ඇති බවද මතකය. මේ රටේ තරුණයන්ගේ අනාගතය ස්ථාවර කිරීමට අවශ්‍ය කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමටද තවම හැකියාවක් ලැබී නැත. ආර්ථිකය සහ අධ්‍යාපනය අතර සම්බන්ධයක් නැති බව 1972 දී හඳුනාගත් කරුණකි. මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන අය ආර්ථිකයේදී ප්‍රතික්ෂේප වන බව එදා සිටම අත්දකින තත්ත්වයකි. මේ නිසා තරුණ කොටස් පලදායී රැකියාවලට යොමුවීම අඩුය. එය රටේ ආර්ථික පලදායීතාව නැංවීමේදී අහිතකරව බලපාන සාධකයකි. අදවනවිට මේ තත්ත්වය රටේ අනාගතය කෙරෙහි ඉතාමත් නරක ලෙස බලපාන බවද කිවයුතුය. ප්රශ්නය වන්නේ මේ දක්වාම මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජාතික මට්ටමේ එකඟතාවක් ගොඩනඟා ගැනීමට නොහැකිවීමය. මේ සියල්ල කවුරු හෝ සංකල්පීය වශයෙන් කියාදෙන කරුණු හෝ න්‍යායික කාරණා නොවේ. මේ රටේ පොළොවේ පය ගසා ජිවත්වූ සහ ජීවත්වන අයගේ අත්දැකීම්ය.