රටේ ආරක්‍ෂාව අප සතුමයි

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    රටේ ආරක්‍ෂාව අප සතුමයි

    මුස්ලිම් ක්‍රිස්තියානි සභ්‍යත්ව ගැටුම, පොරපිටිය හා රටේ ආරක්‍ෂාව

    2U24ESf.png


    සිදු වූයේ කුමක් ද යන්න දැන් ටික ටික පැහැදිලි වෙනවා. ඒ සිදු වූදේ ගැන අප සියලු දෙනා ම කණගාටු විය යුතුයි. ලජ්ජා විය යුතුයි. අවුරුදු තිහක පමණ දෙමළ ත්‍රස්තවාදයකින් පසු, එය පරාජය කිරීමෙන් පසු, අප සියලු දෙනා ම පරාජය වූයේ කොහොම ද? අපට ජාතියක් ලෙස කටයුතු කිරීමට තේරෙන්නේ නැහැ. එය තරමක කාලයක සිට එන ප්‍රශ්නයක්. එයට පිළිතුරු සෙවීමට තව කල් යාවි. එහෙත් අඩුම තරමෙන් යම් යම් දේ තේරුම් ගැනීමට උත්සාහ කරන්න ඕන. තරු පහේ හතරේ හොාටල්වල පහර දීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ විදේශිකයන් යම් ප්‍රමාණයක් ඝාතනය කිරීමයි. ඒ විදේශිකයන් බහුතරය ක්‍රිස්තියානි බව දැනගෙන කළ වැඩක් වෙන්න ඇති.

    අප ලෝකයේ ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුමක සටන් බිම නොවිය යුතුයි. බටහිර රටවල මේ සිද්ධියට විශාල ප්‍රචාරයක් ලැබෙනවා. ඒ අපට පක්‍ෂපාත ව නොවන බව නම් පැහැදිලියි. ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුම වෙන තැනක කරගන්න කියා මේ තත්වය නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් අවස්ථාවේ දී අප බුද්ධිමත් ව, එකිනෙකාට දොස් නොපවරවමින්, දේශපාලන වාසි ලබා ගැනීමට තැත් නොකරමින් ක්‍රියා කළ යුතුයි. අපට දේශපාලනයෙන් තොරව ප්‍රශ්න දෙස බලන්න බැහැ. එහෙත් අපේ දේශපාලන මතිමතාන්තර අප භේද නොකළ යුතුයි.

    මේ සිදුවීම එතරම් දක්‍ෂ ලෙස කෙරී ඇතැයිි මා හිතන්නේ නැහැ. ඔවුන් කර ඇති එකම දේ එක්විට තැන් කිහිපයක බොම්බ පිපිරවීමයි. දැනටමත් අදාළ පුද්ගලයන් යම් ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. මා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අය සම්පූර්ණයෙන් ම ප්‍රශ්නයෙන් ඉවත් කරන්නේ නැහැ. එහෙත් අප සියලු මුස්ලිම් ජනයා මෙයට සම්බන්ධ යැයි නොසිතිය යුතුයි . මෙරට එක්තරා සංවිධානයක් බොහෝ විට ජාත්‍යන්තර සම්බන්ධකම් ඇතිව ක්‍රියාත්මක වෙනවා. ඒ මෙරට වෙන ම රාජ්‍යයක් ඇති කිරීමට නොවන බව අප තේරම් ගන්න ඕන.

    මේ සංවිධානය ආගමික අන්තවාදී සංවිධානයක්. ඔවුන් වඩාත් ම විරුද්ධ වන්නේ ක්‍රිස්තියානි සභ්‍යත්වයට. එහෙත් ඇතැම් අවස්ථාවල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව කටයුතු කරනවා. මේ ක්‍රියා විස්තර කිරීමටවත් ඒ පිටුපස ඇති ආගමික මතිමතාන්තරවත් විස්තර කිරීමටවත් මා මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ නැහැ. මෙරට මුස්ලිමුන් හැකිතාක් මෙරට සංස්කෘතියට ගැලපෙන ලෙස ජීවත් වන්නේ නම් හොඳයි කියා පමණක් කියන්න ඕන.

    අපේ බුද්ධි අංශ දුර්වල කෙරිලා. එයට මේ ආණ්ඩුව වග කියන්න ඕන. එසේ තිබියදීත් මේ සිද්ධියේ දී බුද්ධි අංශ කාර්යක්‍ෂම ව ක්‍රියා කර තියෙනවා. මේ සිද්ධි පිළිබඳ ව හමුදා බුද්ධි අංශ කර ඇති අනාවැකි අගය කරන්න ඕන. එසේ දක්‍ෂ ලෙස ක්‍රියා කර තිබියදීත් මේ සිද්ධි වළක්වා ගැනීමට නොහැකි වූයේ ඇයි?

    මට හමුදා ක්‍රියාකාරකම් ගැන දැනුමක් නැහැ. බුද්ධි අංශ ලබා ගන්නා තොරතුරු දැනුම් දෙන්නේ කාට ද? ආරක්‍ෂක අමාත්‍යාංශයට ද නැත්නම් පොලීසියට ද? ආරක්‍ෂක ඇමතිවරයාට ද? ඇතැම් තොරතුරු පොලීසියටත් තවත් ඇතැම් තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශයටත් දැනුම් දෙනවා ද? මේ පිළිබඳ විස්තර අප දන්නේ නැහැ. එය රටේ ආරක්‍ෂාව පිළිබඳ කරුණක් නම් මට එය දැන ගන්න ඕන කමකුත් නැහැ.

    හමුදා බුද්ධි අංශ ලබා ගත් තොරතුරු නිසි තැනට නොගිය බව නම් පැහැදිලියි. නියෝජ්‍ය පොලිස්පතිවරයකු යම් යම් ආරක්‍ෂක කොට්ඨාශ භාර පොලිස් නිලධාරීන්ට ඇතැම් ප්‍රභූන්ගේ ආරක්‍ෂාව සපයන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ අතර ඔහු බුද්ධි අංශ තොරතුරු රැගත් පිටු හතරක වාර්තාවක පිටපත් ද අදාළ නිලධාරීන්ට යොමු කර තිබෙනවා. ඒ අදාළ නිලධාරීන් ඒ වාර්තාව කියෙව්වා ද යන්න ප්‍රශ්නයක්. එහෙත් ඔවුන් තමන්ට නියමිත වූ පරිදි තම රාජකාරි කර තිබෙන බව පැහැදිලියි.

    අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද තමන් යටතේ ඉන්න පොලිස් නිලධාරීන්ට ප්‍රභූන්ට ආරක්‍ෂාව සපයන ලෙස උපදෙස් දී තිබෙනවා. එහෙත් හමුදා බුද්ධි අංශයේ අර කතෝලික පල්ලි හා ඉන්දීය තානාපති කාර්යාලය ගැන කියා ඇති කරුණු අනුව ඒ ස්ථානවලට ආරක්‍ෂාව නොසැපයූයේ ඇයි? ඒ සම්බන්ධයෙන් වග කිව යුත්තේ කවු ද?

    මට නම් සිහියට නැගෙන්නේ නිලධාරීන් දෙදෙනකු පමණයි. මා වැරදි වෙන්න පුළුවන්. හමුදා බුද්ධි අංශ තොරතුරු පොලීසියට යවා ඇති බව පැහැදිලියි. ප්‍රභූ අංශ භාර අදාළ නියෝජ්‍ය පොලිස්පතිට ඒ තොරතුරු ලැබෙන්න පොලිස්පතිට ලැබෙන්න ඕන. පොලිස්පති වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් එ ගැන දැනුවත් නො කෙළේ ද? එසේ නැත්නම් ආරක්‍ෂක ලේකම්ට දැනුම් දී ඔහු ක්‍රියාත්මක නො වී ද? ආරක්‍ෂක ලේකම් විදේශීය ජනමාධ්‍යවේදියකුට දුන් පිළිතුරු නම් ඔහුටවත් රටටවත් ගෞරවයක් ගෙන දෙන්නේ නැහැ.

    මේ සිද්ධි ගැන විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. ඒ කොමිසමෙන් මේ කරුණ ද සොයා බැලෙනු ඇතයි කියා හිතනවා. හමුදා බුද්ධි අංශ සැපයූ තොරතුරු අනුව කටයුතු කර නැත්තේ ඇයි? සන්නිවේදන මාර්ගවල ප්‍රශ්නයක් ද? එසේත් නැත්නම් යම් පෞද්ගලික මතභේද නිසා තොරතුරු නිසි තැන්වලට නො ගියේ ද? අවශ්‍ය උපදෙස් නොදුන්නේ ද? පෞද්ගලික පළිගැනීමක් සිදු විණි ද? ඒ පළිගැනීම නිසා අහිංසක ජීවිත ගණනක් රටටත් ලෝකයටත් නැති විණි ද?

    අප මේ ප්‍රශ්න වහා විසඳා ගත යුතුයි. ඒ අතර අප රට මුස්ලිම් හා ක්‍රිස්තියානි සභ්‍යත්ව අතර ගැටුමේ පොරපිටියක් බවට පත් නොකිරීමට වග බලා ගත යුතුයි. අදාළ මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයේ වැල ගිය මුල ගිය තැන් සොයා ඒ නැති කළ යුතුයි. එහෙත් ජනතාව, විශේෂයෙන් සිංහලයන් ප්‍රශ්නය විසඳීමට නීතිය අතට නොගත යුතුයි


    FytLzMl.png
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    what kind of questions :baffled:

    There was no capable person to understand the intelligence report at the defence committee. As SF said, mi3 joked with the country. Incapable Administration. Bukipaala was the defence commander
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒ මෙරට වෙන ම රාජ්‍යයක් ඇති කිරීමට නොවන බව අප තේරම් ගන්න ඕන.

    :rofl::rofl::rofl::P