නැහැ. 56/71/83/89 ට මේක සමාන කරන්න එපා. හොදට බලන්න. ගිණි ගන්නේ දේශපාලකයන්ගේ ගෙවල් මිසක්, අපේ අසල්වාසියාගේ ගෙවල් නෙවෙයි. අන්‍ය ජාතිකයෙක්ගේ ගෙවල් නෙවෙයි. ගුටි වදින්නෙත් අද කොළඹ ගිහිල්ලා එතන සාමකාමීව විරෝධයක් කරන් හිටපු අයට අතින් පයින් සළකපු අයට මිසක්, අනෙක් අයට නෙවෙයි.
මේකෙන් දැන් මෙහෙම හැසිරෙන අයව කිසිම ආකායකින් සාධාරණීකරණය කරන්නේ නැහැ. හැබැයි, මේ ඔක්කොටම මුල මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නඩේ බව නම් කියන්නම ඔ්නෙ. අද උදේ හයිකාරකම් පෙන්වන්නේ නැතිව නම්බු පිට ඉල්ලා අස්වුනා නම්, මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් ඔඩු දිව්වට පස්සේ මිනිස්සුන්ට බැණලා, අනේ අපොයි කියලා පසුතැවිලා වැඩක් නැහැ.
නිකන් හිතලා බලන්න. මේ ගෙවිච්ච මාස ටිකට අපි වද වුනේ වද වෙන්න වුවමනා ප්‍රශ්නවලට ද, කියලා? මේ අයට කිසිම ගාණක් තිබ්බේ නැහැ ඒ ගැන. රජයක ඉතාම සරල වගකීම වෙන එදිනෙදා සේවාවන් පවත්වාගෙන යාම ගැන.
ගෝඨාභය මේ වෙලාවේ එක්කෝ ජාතිය අමතලා ප්‍රකාශයක් කරන්න ඔ්නේ මිනිස්සුන්ගෙන් සාමකාමීව ඉන්නය කියලා ඉල්ලලා. ඊට පස්සේ එයත් යන්න ඔ්නෙ. එයා තවත් ප්‍රමාද වෙනවා නම් දෙවනි විකල්පය තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට, පොලිසිය මැදිහත්වෙලා කාගේවත් දේශපාලකයෙකුගේ බලපෑම නැතිව නීතිය හා සාමය ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඔ්නේ.
විපක්ෂයේ මැදිහත්වීමත් දැන් නම් වුවමනාමයි. මිනිස්සු පාලනය කරගන්න පුලුවන් වෙන්නේ එතකොට.