රටේ නම කන මලල ක්‍රීඩක ක්‍රීඩිකාව

Raeez

Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    kreeda222
    ශ‍්‍රී ලංකාවේ මීටර් 800 සහ 1500 කාන්තා ජාතික වාර්තාවට හිමිකම් කියන නිමාලි ලියනාරච්චිට ගුවන් හමුදාවෙන් නිවසක් ලබාදී තිබියදී වත්මන් ක‍්‍රීඩා ඇමැතිවරයාව මුලාවේ දමමින් සුරියවැව ප‍්‍රදේශයේ ඇය විසින් ඉදිකරන නිවසේ වැඩකටයුතු අවසන් කර ගැනීමටද උත්සාහ කිරීම විමතිය දනවන කරුණක් බව තතු දත් උදවිය මාර්ගයෙන් ‘දිවයින’ ට අනාවරණය විය.

    පසුගියදා පැවැති හම්බන්තොට දිස්ත‍්‍රික් කමිටු රැුස්වීමේදී ජාතික වාර්තාවකට හිමිකම් කියන ක‍්‍රීඩිකාවක් වන නිමාලි ලියනාරච්චි විසින් සූරියවැව ප‍්‍රදේශයේ අඩක් නිමකර ඇති නිවසේ වැඩකටයුතු අවසන් කර ගැනීම සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් විය. ඒ අනූව ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වහාම එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට ගොස් ඇයගේ නිවස සාදා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළද මීට සිව් වසරකට පෙර ඇයට කොට්ටාව ප‍්‍රදේශයෙන් නිවසක් ලබාදීමට ගුවන් හමුදාව කටයුතු යොදා තිබුණි.

    ක‍්‍රීඩා ඇමැතිවරයාවද අන්දවමින් රටේ සෑම පළාතකින්ම නිවාස ලබා ගැනීමට යම් කිසි ක‍්‍රීඩකයකු හෝ කී‍්‍රඩිකාවක් උත්සහ කරන්නේ නම් එය ජාතික අපරාධයකි. ජාතියේ නම්බුව ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට හැකි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සොයන යුගයක එවැනි දක්ෂතා ඇති යමෙක් මෙවැනි මුලාවේ දැමීම් කරන්නේ නම් ඒ සඳහා විනය ක‍්‍රියාමාර්ග ගැනීමට අදාළ බලධාරීන් කි‍්‍රයා කළ යුතුවේ.

    නිමාලි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන අතර ඇයට අවශ්‍ය බොහෝ උපකාර ගුවන් හමුදාවෙන් සහ කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් පසුගිය කාලයේදී ලබාදී ඇති බව වාර්තා වේ. එවැනි මොහොතක තවත් දුප්පත් ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට ලබාදිය හැකි ආධාරයක් යම්කිසි බළධාරියෙක් මුලාවේ දමමින් ලබා ගැනීමට ඇය උත්සහ කළේ නම් එය ලජ්ජාවට කරුණකි. මීට පෙරද ක‍්‍රීඩා ඇමැතිවරයාව මුලා දමමින් එක්තරා පාසලක පුහුණුකරුවකු යැයි සඳහන් පුද්ගලයකු ක‍්‍රිකට් බඩු භාණ්ඩ රැගෙන ගිය බවද අපි අනාවරණය කළේය.

    කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන ලණු පැදුර හෙවත් මැටින් එක යම් කිසි පුද්ගලයකු විසින් ගිනි තබා ඇති බව සඳහන් පුවතට ප‍්‍රතිචාර දැක්වූ ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ පැය 48 ක් යෑමටත් මත්තෙන් ඒ වෙනුවෙන් පෙනී සිටියේය. අවසානයේ රණජයපුර විදුහලේ විදුහල්පතිවරයාවත් නොදැන යම්කිසි පුද්ගලයකු ඇවිත් ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් ලබාදුන් බඩු භාණ්ඩ රැුගෙන ගියේය. මෙවැනි මුලාවේදී දැමීම් වහාම නැවැත්වීමට ආදර්ශවත් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට වගකිව යුතු බළධාරීන් යුහුසුළුව කටයුතු කළ යුතු වේ.

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ‘ගුවන් ලක් සෙවණ’ ව්‍යාපෘතිය අනුව සාදන ලද 16 වැනි නිවස නිමාලි ලියනආරච්චි ක‍්‍රීඩිකාව වෙත 2016 ඔක්තෝබර් මස 06 වැනිදා භාරදෙන ලදී. කොට්ටාව රුක්මල්ගම ප‍්‍රදේශයේ සාදන ලද එම නිවස කෝප‍්‍රල් නිමාලි ලියනාරච්චිට පිළිගැන්වීමට ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ. එෆ්. ආර්. ප‍්‍රනාන්දු මහතා විසින් සිදු කළ අවස්ථාවද ඡුායාරූප සහිතව මාධ්‍යයේ එකල පළ විය. මේ වන විට 31 වැනි වියේ පසුවන නිමාලි 2016 සහ 2017 ආසියානු ශූරතාවයේදී මී.800 රන් පදක්කම දිනා ගැනීමටද සමත් වූවාය.
     
    • Like
    Reactions: Janithsl88

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    අම්ම අප්ප වැටිල ඉන්න තැන, තමන් හැදුනු වැඩුනු ගේ හදල දෙන එකනම් හොදයි..........
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me rate minissunta samajawadaya pennala Tamange lamaya wa danawadi nayakayanta wada la mihin air dagattu deshapalakayonta iddi owa nawatanna ba.. ☺️
     
    • Haha
    Reactions: 2osama

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අම්ම අප්ප වැටිල ඉන්න තැන, තමන් හැදුනු වැඩුනු ගේ හදල දෙන එකනම් හොදයි..........
    ඒවා හදලා දෙන්න ඕන ඒකිගෙපඩියෙන්, එහෙම නැත්තන් මහ එවුන් තමන්ගෙ ගෙදර නවත්තන්න ඕන. නැත්තන් උබ සල්ලි දෘයන් හදාගන්න
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ඒවා හදලා දෙන්න ඕන ඒකිගෙපඩියෙන්, එහෙම නැත්තන් මහ එවුන් තමන්ගෙ ගෙදර නවත්තන්න ඕන. නැත්තන් උබ සල්ලි දෘයන් හදාගන්න
    Demaupiyange sohonkoth, sihivatana vagey deval hadannanam rajayen illanna puluvan 😊 .
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඒවා හදලා දෙන්න ඕන ඒකිගෙපඩියෙන්, එහෙම නැත්තන් මහ එවුන් තමන්ගෙ ගෙදර නවත්තන්න ඕන. නැත්තන් උබ සල්ලි දෘයන් හදාගන්න
    IMG_20200718_211732.jpg
     
    • Haha
    Reactions: silentsahan

    Raeez

    Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    මේ වගේ වැඩ කරන්නේ් ඉහළ පෙලේ අය විතරයි දේශපාලනය රජයේ නිලධාරීන් එතකොට එතැනින් පහළම තැනට වෙනකන් මේ අවාසි වැඩ වෙනවානේ එතකොට අහනවානේ මට මොකටද කියලා මට නම් කොහොමත් වැඩක් නැහැ එත් තව ක්‍රිඩකයෙක්ට දෙන්න පුළුවන් අවස්ථාව නැති වෙන එක විතරයි තමන් හම්බ කරගෙන ඕන දෙයක් කරගත්තාට කමක් නැහැ මෙකේ එහෙම කරන අය ගැන උඩම මම ලියලා තියෙනවා ඒ තත්ත්වයට වැටෙන්න ඕන අය නෙවෙයි ක්‍රිඩකයන් කියන්නේ ක්‍රිඩාව කියන්නේ සාමුහිකව තමන්ගේ ජයග්‍රහණය සදහා යන පිරිසක් මෙහෙම අය ඒ පිරිස අතර ඉන්න එක දුකක්
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    ඔන්න ඔහේ දීපුවාවේ ... කොළඹින් දෙන්නේ කුලී ගෙයක්, රට වෙනුවෙන් දෙයක් කරනවානම් මොකද දුන්නම. අනික උඹල කෝටි ගණන් නාස්ති කරන්න පත්කරලා එවන මැති ඇමතිලා මොනවද කරන්නේ ... උඹට මොකක් හරි personal arrears එකක් තියෙනවා වගේ.....