මම කියන්නේ පලාත් සබාම නෙමෙයි.බලය ,සන්වර්දනයට වගේ දේවල් විශේශයෙන් සන්වර්දනය බෙදී යන්න ඕනේ,දැන් වෙලා තියෙන දේ බලපන් රටේ පාලනය,කර්මාන්ත,අද්යාපනය,සෞඛ්‍යය ,විනෝදාවාදය,වෙලදාම හැම දේම බස්නාහිර පලාත ඒකෙනුත් කොලබ දිස්ත්‍රික්කයේ කොලබ මහ නගර ප්‍රශයට සීමා වෙලා,
ඒතන අවුලක් නැද්ද ? දැන් තියෙන ක්‍රමය තුල උනත් කමක් නැහැ, විදිමත් පරිපාලන ක්‍රමයක් අවශ්‍යයි
උඹ ඔය කියන ටිකනම් බෙදෙන්න ඕනි

සීන් එක කියන්නේ අපේ එවුන් බෙදාගන්න හදන්නේ කොමිස් ටිකයි, ජාති ආගම් පදනම් කරගෙන නීති ටිකයි බලයයි..
වැඩක් නැති පලාත් සභා ටික වහලා දාලා, එක එක ක්ෂෙත්රයන් වලට තියන ආමත්‍යංශ හරහා distribute කරන්න පුලුවන් ක්‍රම වේදයක් හදන්න ඕනි..
පලාත් බලය වැඩි කරලා කරන්න ගියොත් තව ප්රශණ වැඩි වෙනවා..
හිතපන් මොකක් හරි පලාතක තියන ගඟකින් තව පලාතකට වතුර දෙන්න යද්දිත් ප්රශණ වෙනවා...
මහින්දයට 2008 මිනිස්සු ස්වර්නමය වරමක් දුන්නා.. ඌ උගේ පවුල ගැන හිතුවේ.. අපේ අවාසනාව..
2015 ගොන් වස්සෙක් පත්කලා මහින්දයා කරපු ගොන් වැඩ වලට පාඩමක් උගන්නන්න, අන්තිමේ ඌ ජාතික ආරක්ශාවත් විහිලුවට අරන් මිනිස්සු 300ක් අමු අමුවේ මරා දැම්මා...
2020 සින්හයෙක් පත්කලා, දැන් විකටයෙක් වෙලා මිනිහා.. නරි නාවයි ඊලග චන්දෙත්..
මේ රටට පලාත් සභා අවශ්‍ය නෑ.. හරි හමන් තීරනයක් අරන් ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන් නායකත්වයක් තමයි ඕන..
ඔව් මහින්දට හොඳම වරම හම්බ උනේ 2010 2/3 බලය එක්ක..
ඒ කාලයේ ව්‍යවස්ථාව වෙනස් කලේ තව ඡන්දය ඉල්ලන්න පුලුවන් විදියට..
පලාත් සභා අයින් කරන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න හැදුවනම් යුද්ධය ඉවර කරා වගේ ආයේත් ඉතිහාසගත වෙනවා...
2015 එකා ආවේ හොරකන් අයින් කරන්න කියලා.. අන්තිමේ ඌ හොරු එක්කම සෙට් උනා
රනිල් ගෙන් නම් ඉතින් මේ වගේ ඒවා බලපොරොත්තු වෙන්න අමරුයි..
2019 පත් කරපු මනුස්සය වට කරන් ඉන්නේ නරි රැලක් සහ හැම දේටම හොඳයි සර් කියලා ඔලුවන වනන සෙට් එකක්...
උන්ව එලවල ආයෙත් පත් කරන්න හරි හපන් විපක්ෂයක් නැහැ, උන් දෙකට බෙදිලා
ඔන්න ඕකයි අපි අසරණ