රටේ 91% කට හලාල් කැවීම

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
රටේ 91% කට හලාල් කැවීම

සමස්ථ ලංකා ජමියතුල්ලා උළමා (ACJU) ප‍්‍රකාශ කර ඇත්තේ රටේ ඕනෑම නිෂ්පාදකයෙකුට හලාල් මෙන්ම හලාල් නොවන භාණ්ඩද නිපදවා වෙළඳපොළට දැමිය හැකි බවය. ඒ අතර හලාල් යනු මුස්ලිම් ජනයාට අනිවාර්ය දෙයක් බවත්, ඒ සඳහා සහතික දිය හැක්කේ තම සංවිධානයට පමණක් බවද ඔවුන් අවධාරණය කර තිබේ.
ජමියතුල්ලා උළමා සංවිධානය නිෂ්පාදකයින්ට හලාල් සහතික නිකුත් කිරීම සඳහා මාර්ගෝපදේශකයක් හා කි‍්‍රයාමාර්ග මාලාවක් (Standard Operating Procedure for Halaal Certification) නිකුත් කර ඇත. එහි 3.1.6 වගන්තියට අනුව සියලූ නිෂ්පාදන අමුද්‍රව්‍ය සැපයීම, සූදානම් කිරීම, නිෂ්පාදනය, ගබඩා කිරීම, ආවරණය කිරීම, ප‍්‍රවාහනය ආදී සියල්ල ඉස්ලාමීය ෂරියා නීතියට අනුව සිදුකළ යුතුවේ. මේ අනුව පැහැදිලි වන්නේ රට තුළ නිෂ්පාදන කි‍්‍රයාවලිය ඉස්ලාමීය නීතියට යටත් කර ඇති බවය. මෙය ඔවුන් මාධ්‍යවලට පවසන ආකාරයේ සාමාන්‍ය ආහාර තෝරා ගැනීමක් නොවන බවය. 3.1.7 වගන්තියෙන් පවසන්නේ හලාල් නොවන දේ සමග හලාල් එක්වී කිළිටිවීමක් සිදුවුවහොත් එය උළමාවරුන්ගේ අධීක්ෂණය යටතේ ආගමික චාරිත‍්‍ර අනුව පිරිසිදු කළ යුතු බවය. මෙයින් තවදුරටත් පැහැදිලි වන්නේ මෙය රසායන ද්‍රව්‍ය වෙන් කිරීමක් දැඩි ආගමික කි‍්‍රයාවලියක් බවයි.
එමෙන්ම, එකී මාර්ගෝපදේශකය (SOP) දැනුම් දෙන්නේ සියළු අමුද්‍රව්‍ය අතිරේක ද්‍රව්‍ය හා වෙනත් සියළු ද්‍රව්‍ය නිෂ්පාදන කි‍්‍රයාදාමයක අමුද්‍රව්‍යවල සිට නිෂ්පාදනය, විකිණීම දක්වාම හලාල් ඉස්ලාමීය සහතිකයට යටත්විය යුතු බවය. (2.10, 2.11, 2.12) එනම්, හලාල් යනු සමස්ත නිෂ්පාදන ක‍්‍රමයම ඉස්ලාමීය හා එසේ නොවන ලෙස බෙදීමකි. මේ රටේ එවැනි ආකාරයට ආගමික ලෙස ආර්ථිකය බෙදීමක් කවර කලකවත් නොවීය. ඇතැම් සිවිල් සංවිධාන හඬනගන්නේ හලාල් සහතික නිකුත් කිරීමේ කි‍්‍රයාවලිය ගැන හරි හැටි නොදැනය.
උළමා සංවිධානය පසුගියදා (පෙබරවාරි 14දා) මාධ්‍ය සාකච්ඡාවකින් ප‍්‍රකාශ කර සිටියේ ඕනෑම නිෂ්පාදකයෙකුට හලාල් හා හලාල් නොවන දෑ එකට නිෂ්පාදනය කළහැකි බවය. මුස්ලිම් නොවන රටේ 91%කට හලාල් නිෂ්පාදන ලබාදීම ගැන වගකිව යුත්තේ නිෂ්පාදකයන් බවය. නමුත්, උළමාවරුනගේ මාර්ගෝපදේශකය අනුව (2.12) කිසිදු ආයතනයකට එකම භූමියේ හලාල් සහ හලාල් නොවන දේ නිෂ්පාදනය කළ නොහැකිය. එසේ කිරීම සඳහා වෙන වෙනම නිෂ්පාදනාගාර බිහිකළ යුතුය. කොටින්ම සේවකයෙකුට හෝ එකී භූමි අතර ගමන්කළ නොහැකිය.
මේ අනුව පෙනී යන්නේ ජමියතුල්ලා උළමා ආයතනය විසින් රටේ නීතිය වෙනුවට වෙනත් නීතියක් (ඉස්ලාමීය ෂරියා නීතිය) නිෂ්පාදන කි‍්‍රයාවලියට එක්කර ඇති බවය. ඔවුන් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර ඇතත් (2000 අංක 51) පාරිභෝගික අධිකාරිය හලාල් ගැන ප‍්‍රකාශ කර ඇත්තේ (2007) මෙය සහමුලින්ම රටේ නීතියට පටහැනි තත්වයක් බවකි.
එමෙන්ම, දැන් ශී‍්‍ර ලංකා ජමියතුල්ලා උළමා නමින්ද සංවිධානයක් බිහිවී තිබේ. ඔවුන්ද හලාල් සහතික නිකුත් කිරීමට යන බව පැවසේ. මේ ආයතනවලට එම බලය ලැබෙන්නේ කෙසේදැයි යන්න ආණ්ඩුව පැහැදිලිකර දියයුතු තත්වයකි.
එමෙන්ම, මුලින් මස් වර්ගවලින් ආරම්භ වී (2007) දැන් වනවිට සියළුම භාණ්ඩ සඳහා ව්‍යාප්ත වී ඇති හලාල් සංකල්පය ඊළඟට වාහන, පොදු ප‍්‍රවාහන සේවා, කාර්යාල, පොදු ආයතන, ගොඩනැගිලි ආදියටද යොදාගෙන බෙදීමට සිදුවනු ඇත. පාර්ලිමේන්තු භෝජනාගාරයේ සිට සියලූ හෝටල්, ආපනශාලා, කී‍්‍රඩාංගන මෙසේ බෙදීමට ලක්වනු ඇත. බෙන්ස්, ටොයෝටා, ටාටා වැනි ආයතනවලටද හලාල් හා හලාල් නොවන වාහන සැපයීමට සිදුවනු ඇත.
මෙය ආගමික අයිතියක් නොවේ. කුරානය පවා පවසා සිටින්නේ ඌරුමස් සම්බන්ධයෙන් පවා ඒවා අනුභව කිරීමට බලකෙරී ඇත්නම්, එය සිතට විරුද්ධ නම්, එයින් පාපයක් නොවන බවය. මේ අනුව ඉස්ලාමයේ අයිතියක් ලෙස හලාල් කි‍්‍රයාත්මක කිරීම අනිවාර්ය නැත. එමෙන්ම, එයින් සෙසු ආගම්වලට හානියක් වන්නේ නම් එය සීමා කළ යුතුය.
කලක් යුදෙව්වෝද මෙවැනිම ආහාර හා වෙනත් පරිභෝජන දෑ සම්බන්ධයෙන් තම ආගමට ආවේනික කි‍්‍රයාදාමයක් ගෙනගියහ. කිතුණුවන්ද වික්ටෝරියානු යුගයේදී ගැහැණුන්ගේ දෑඟිලි පවා වසා දැමුවෝය. බෞද්ධයින් අතර ද ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංගයක් වන්නේ සම්මා ආජීවය හෙවත් යහපත් පැවැත්මය. හින්¥න් ගව ඝාතනයට විරුද්ධ අතර හැකිතාක් දුරට බෞද්ධ, ජෛන සමග නිර්මාංශ ආහාරයට හුරුව ඇත්තෝය.
ඒ කිසිවෙක් හලාල් මෙන් නිෂ්පාදන කි‍්‍රයාදාමය ආගමික ලෙස බෙදන්නේ නැත. අන් අය මත පටවන්නේද නැත.
ජමියතුල්ලා උළමා සංවිධානය තම සීමාව ඉක්මවා ඇති බව පැහැදිලිය. ඒ මගින් ඔවුන් රටේ මුස්ලිම් ජනයා සෙසු ජනතාව අතර අපහසුතාවයටද පත්කර ඇත. මුස්ලිම් ජනයා සෙසු ජනයාගෙන් සියලූ කාර්යවලදී වෙන් කිරීමකටද බඳුන්කර ඇත. ඔවුන් වහාම සිය තීරණ ශී‍්‍ර ලංකාවේ ඉතිහාසයට, පවතින 91%ක්වූ මුස්ලිම් නොවන සමාජයේ අවශ්‍යතාවයට, ඇෆ්ගනිස්ථානයේ මෙන් ජීවත්වීමට අකමැති ලාංකීය දියුණු මුස්ලිම්වරුන්ගේ කැමැත්තට අනුව වෙනස්කළ යුතුය. බොදුබල සේනා, ජාතික හෙළ උරුමය වැනි සංවිධාන හා පක්ෂද ජමියතුල්ලා උළමාවරුන්ට වෙනස් වීමට ඉඩදිය යුතුය.
ඉතින්, ජමියතුල්ලා උළමා සංවිධානය වෙනස් නොවන්නේ නම් හලාල් ගන්නා ලෙසත්, හලාල් නොවන දෑ වර්ජනය කරන ලෙසත්, ජමියතුල්ලා උළමාවරු සිය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනා ලෙස මුස්ලිම් නොවන අයද හලාල් වලින් වැලකෙන ලෙස ඉල්ලා සිටිනු ඇත. මේ සමාජ බෙදීම පරාජය කිරීම සමාජයේම වගකීමකි.
(පහත දැක්වෙන සබැඳියෙන් ජමියතුල් උළමා සංවිධානයේ මාර්ගෝපදේශකය ලබාගත හැකි අතර එහි විශේෂ ඉස්මතුකිරීම් කිහිපයක් ද පහතින් පලවේ.)
Product Sector SOP – ACJU



ACJU-2.jpg


ACJU_Page_05.jpg


ACJU_Page_06.jpg


ACJU_Page_07.jpg


ACJU_Page_08.jpg


ACJU_Page_09.jpg


ACJU_Page_14.jpg



http://www.lankafrontline.com/රටේ-91කට-හලාල්-නිෂ්පාදන-ලබා/
 
  • Like
Reactions: chandirajaya

Similar threads