රට තුළ ඩෙල්ටා වයිරසය සීඝ්‍රයෙන් පැතිරෙයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.


    Go Go Go Running GIF
    Will Smith Run GIF by MOODMAN
    Forrest Gump Reaction GIF
    Happy Homer Simpson GIF



    මේ අනුව මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් සංඛ්‍යාව 201ක් දක්වා ඉහළ යනු ඇත.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙයට පෙර ඩෙල්ටා ආසාදිතයයෝ 117 දෙනෙක් සොයා ගනු ලැබූහ.

    ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය හමුවූ සාම්පලවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයෙන් ලබා ගත් ඒවා බව පැවසූ ආචාර්යවරයා ඩෙල්ටා හමුවූ සෙසු සාම්පල මහනුවර මාතලේ, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මහරගම, මාලඹේ, ගම්පහ යන ප්‍රදේශවලින් ලැබී තිබුණු ඒවා බවද සඳහන් කළේ‍ය.

    Mr Bean Reaction GIF
    Fozzie Bear Reaction GIF
    Frustrated Wrestling GIF by WWE
    Frustrated Patton Oswalt GIF


    ලංකාවේ පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් පසුගියදා සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

    මෙම විකෘති අවස්ථා තුනෙන් ඒ 7015 විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බවද ඔහු පැවසීය.

    Showtime Thank You GIF by Desus & Mero
    Thank U Reaction GIF by BROCKHAMPTON
    Hurray GIF by memecandy
    cat discover GIF


    ඩෙල්ටා වයිරස සෛලයේ 1078S විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ මැලේසියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පමණක් බව පැවසූ හෙතෙම 222V විකෘතිය ඩෙල්ටා පැතිරීම වේගවත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

    මෙම විකෘතිතා සහිත ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බවත් ඉදිරියේදී මෙම විකෘති නව ප්‍රභේදයක් ලෙස වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් ඔහු සඳහන් කළේය.

    මෙම ප්‍රභේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ සිදුකරන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේය.

    මෙම නව ඩෙල්ටා ආසාදිතයන් 84 දෙනා සම්බන්ධයෙන්වූ වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (20) බාරදෙනු ලැබීය.

    Source: https://www.lankadeepa.lk/news/රට-තුළ-ඩෙල්ටා-වයිරසය-සීඝ්‍රයෙන්-පැතිරෙයි/101-597356
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හම්මේ!! කාලෙකට පස්සෙ එකෙක් "සීඝ්‍රයෙන්" කියල හරියට දැම්ම. බලපං සිරස දෙරණ නිව්ස් දෙකේම කියන්නෙ "ශීඝ්‍රයෙන්" කියල.