රට දාලා යන අයට රෝහිත ගෙන් කනේ පහරක්..

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක


    කවුරුත් ලංකාව හැර දාලා සැප සම්පත් හොයාගෙන යන්න හදන වෙලාවක තමන්ගේ දැනුමෙන්, මහන්සියෙන් උපයා ගත් ධනයෙන් ව්‍යාපාර හදල, දහස් ගණන් රැකියා ලබාදීල, ආණ්ඩුවට මිලියන ගනනක් බදු ආදායම් ලබා දීල කරන සේවයට අපි ඔබට ණය ගැතියි.

    අපේ රටට දැන්අවශ්‍ය මෙවැනි රටට ආදරේ දැයේ දරුවන් නොවේද?? ❤❤❤❤❤
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,428
    113
    රොහීත රාජපක්ශ මහතා සහ එම මැතිණිය සිය පුතු සමඟ අපේම සිංහලෙන් පිලිසඳරක යෙදෙන සුන්දර අවස්තාවක්... :love: අසන්න ඔවුන් ලංකාවේ සුන්දරත්වය විස්තර කරන අයුරු...

    අපේ කම ගැන හිතට ආඩම්බරයක් දැනුනානම් #share #like කරන්න


     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,624
    6,181
    113


    කවුරුත් ලංකාව හැර දාලා සැප සම්පත් හොයාගෙන යන්න හදන වෙලාවක තමන්ගේ දැනුමෙන්, මහන්සියෙන් උපයා ගත් ධනයෙන් ව්‍යාපාර හදල, දහස් ගණන් රැකියා ලබාදීල, ආණ්ඩුවට මිලියන ගනනක් බදු ආදායම් ලබා දීල කරන සේවයට අපි ඔබට ණය ගැතියි.

    අපේ රටට දැන්අවශ්‍ය මෙවැනි රටට ආදරේ දැයේ දරුවන් නොවේද?? ❤❤❤❤❤
    අපේ රටට දැන්අවශ්‍ය මෙවැනි රටට ආදරේ දැයේ දරුවන් නොවේද??:rofl:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඒක ඇත්ත මූට මෙහේ අරාබි ප්‍රින්ස් කෙනෙක් විදියට ඉන්න පුලුවනකම තියෙද්දි රට ගිහින් දුක් විදින්න ඕනේ නැහැනෙ.

    :lol: ado muta apiwa joke ekak widiyatada manda penne
    සමහර විට මුන්ගෙ බොරුවලට මුන්ම රැවටිලා ඉන්නවා වෙන්නත් පුලුවන්
    ------ Post added on Dec 10, 2021 at 4:00 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    මූ වෙන කොහේ හරි පවුලක ඉපදුනා නම් මේ වෙද්දී මොන දුකක් විදිනවද මුගේ උපන් ගොන්කමත් එක්ක කියක් හරි හොයාගෙන දවස ගැටගහගන්න. :rofl:
    අනික මු රට ගියා කියලා මොනව කරන්නද ? රොකට් අරින්නද ? සින්දු කියන්නද ? uni එකක උගන්නන්න යන්නද ?
    ඔය ඔක්කොම ආතල් ගන්න පුලුවන් ආශික් ලන්තේ ඉන්නකන් විතරයි මූ වගේ උන්ට.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ තාත්තා අගමැති වෙලා බාප්පා ජනාධිපති වෙලා අයියා ක්‍රීඩා ඇමති වෙලා හිටියානම් අපිත් රට යන්නේ නෑ යකෝ එහෙනම් අපිත් රොකට් එකක් යවලා කාර් රේස් පැදලා සිංදුවක් කියලා ක්‍රිකට් ගහලා ආතල් එකේ ඉන්නවා. මොකද ළමයින්ට ගෑණිට කන්න දෙන්න රස්සාවක් කරන්න කියලද 😁😁😁😁
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මූ වෙන කොහේ හරි පවුලක ඉපදුනා නම් මේ වෙද්දී මොන දුකක් විදිනවද මුගේ උපන් ගොන්කමත් එක්ක කියක් හරි හොයාගෙන දවස ගැටගහගන්න. :rofl:
    Then, he'll be a standup comedian.:lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    img_1_1639088698199.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    Then, he'll be a standup comedian.:lol:
    ඒකත් මෙහෙ විතරයි බන්. මූව විහිළුවකට ගන්න ඉන්නෙත් මේ රට තමයි. වෙන රටකට ගියා නම් ඉතින් බලු බල්ලෙක් දන්නේ නෑ නේ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    නිකන් කකා බිබී ගෙදර ඉඳන් ආතල් එකේ ඉන්න පුළුවන් කමක් තිබ්බනම් මමත් ලංකාවේ ඉන්නවා.

    ඉඳල නිකන් ඉන්නෙත් නෑ.

    හිතුනොත් රොකට් අරිනවා
    රොකට්ඇරලා පඩිනවා
    කාර් රේස් පදිනවා
    රේස් පැදලා පඩිනවා
    සින්දු කියනවා
    සින්දු කියල පඩිනවා
    ක්‍රිකට් ගහනවා
    ක්‍රිකට් ගහලා පඩිනවා
    pala pala sewalaya...
    pohottuwata puka denakota hithuwe...sir awama mun hire day kiyalada? Nikam gon jokes danne nethuwa hitapan..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pala pala sewalaya...
    pohottuwata puka denakota hithuwe...sir awama mun hire day kiyalada? Nikam gon jokes danne nethuwa hitapan..

    මගේ slave couple එකත් උදේ පාන්දරම ඇවිල්ල. fake එකත් මෙතන 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ඉඳන් තමන්ගෙ දක්ෂතාවෙන්, මහන්සියෙන් මෙතුමා වගේ දියුණු වෙන්න බැරිඋන අනාත සිංහලුන්ට රිදිලා. 🤭
    මේ තියෙන්නෙ එතුමා කරපු සේවය දන්න මේ අභූත චෝදනා දැකල හිත රිදුන රටට ආදරේ පරම්පරාවෙ කෙනෙක් ඔහු ගැන තැබූ සටහනක්. 👇


    අපහාස කරන්න මඩ ගහන්න කලින් දෙවරක් හිතන්න.

    රෝහිත රාජපක්ෂ මැතිඳු කළ සේවය ඔබ දන්නවාද?

    1. මෙතුමාගෙ නව නිපැයුම් වලින් වාණිජ භාණ්ඩ හදන කර්මාන්ත ශාලා වලින් අහිංසක මිනිස්සු කීයකට රැකියා ලබා දීල තියෙනවද කියලා.
    2. ඒ භාණ්ඩ ලෝකෙ රටවල් කීයකට යවනවාද කියලා?
    3. පහු ගිය අවුරුදු 10 ට එතුමාගෙ අපනයන කර්මාන්ත වලින් අපේ රටට ලැබුණ විදේශ විනිමය බිලියන කීයක්ද කියලා?
    4. තව ඔබ දන්නවද මෙතුමා නීතිමය වශයෙන් රජයට ගෙවිය යුතු බදු මුදල් වලට අමතරව සමාජ සේවයක් ලෙස සලකා වාර්ෂිකව රජයට මිලියන ගණනක අතිරේක ආදායමක් ලබා දෙන බව?
    5. රටේ ක්‍රීඩාව නගාසිටවන්න රජය වියදම් කරන මුදලෙන් 87.9% ක් ලැබෙන්නේ එම මුදලින් බව
    6. රටේ ක්‍රීඩාව නගාසිටවන්න පුහුණු කරුවෙක් විදියට තමන්ගෙ කාලය, ශ්‍රමය නොමිලේ ලබා දෙන බව.
    ක්‍රීඩකයෙක් වගේ ඇඳගෙන පිටියට යනකොට ඔබ හිතුවෙ ඔහු දේශපාලන බලයෙන් ක්‍රීඩාවට ගියපු ක්‍රීඩකයෙක් විදියට නේද? ඔබ දන්නවද ක්‍රීඩකයන් පුහුණු කරන්නයි, ක්‍රීඩකයින්ට ඇති ගැටලු හඳුනාගන්නයි ඔහුත් ක්‍රීඩකයෙක් විදියටම ඇඳගෙන පිටියට ගියේ කියලා? ඔහුත් ඔහුගේ පියාගෙ අඩිපාරෙ යමින් ගොවියෙක් විදියට ඇළේ, දොළේ, මඩේ බැහැලා කෘෂිකර්මාන්තය නගා සිටවුවා වගේ ක්‍රීඩකයෙක් විදියට පිටියට බැහැලා ක්‍රීඩාව නගාසිටවන්න කැපකිරීම් කරන අයෙක්. :cry:

    ඒ මෙතුමා කරන සේවයෙන් බිඳක් පමණයි. ඔහු ඒ කිසි දේකට ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙන්නේ නෑ. රජයේ ගිණුම් වලට යන එන සල්ලි ඔබ තබා විගණකාධිපති වත් දන්නෙ නෑ. එපමණටම අප්‍රසිද්ධියේ මෙ සේවාවන් කරන්නෙ. අපහාස කිරීම නවත්තන්න. මෙතුමා අපේ පිනට පහළ වූ දෙවියෙක්. ඉදිරියටත් අපි ඔහුගේ අනෙකුත් සමාජ සේවාවන් ටික ටික මෙලෙස ඔබ හමුවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. දීර්ඝායු වේවා රෝහිත රාජපක්ෂ මැතිතුමනි....

    -Copied-




    උබල ඔය මොනවත් දන්නවද? නෑ. උබල හිතන්නෙ උබල ගැන විතරයි.
    මේව අහල ඇහැට කඳුලක් ආවෙ නැත්තන් උබ තිරිසනෙක්.
     
    Last edited: