රට දියුණු කරන හැටි - මේක ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියත් කියා තිබුන. මේක සම්පූර්ණ ඇත්ත, කැපකිරීමකින් තොරව රට දියුණු කරන්න බැහැ. කවුරු ආවත් ඔය කටුව කන්න වෙනවා. අඩුම අවුරුදු 20ක් රට වෙනුවෙන් ලොකු කැපකිරීමක් කලොත් අපේ දරුවන්ගේ දරුවන් සැපෙන් ඉඳීවි. නමුත් මේ රටේ මිනිස්සු කටු කන්න ලැහැස්ති නැහැ. රනිල් ප්‍රතිසංස්කරන ගෙන එන්න හදනකොට රාජ්‍ය පාලනය ගැන විශේෂඥයන් වගේ තර්ක කරපු ජවිපෙ නායකයන්ම කියනවා කටුව කන්න ලැහැස්ති වෙන්න! ඒ විතරක් නොවේ එම ආණ්ඩු පෙරළා දැමුවා. මේක කුහකකම කියල කියන්න මම හදීසි වෙන්නේ නැහැ, මේක දෛවයේ සරදමක්. ජවිපෙ ආණ්ඩුවකදී මේ වගේ තව බොහෝ දේවල් දකින්න ලැබෙයි.