රට දිය යුත්තේ කාටද?

SriLankaFirst

Member
Dec 21, 2009
98
10
0
රට දිය යුත්තේ කාටද?

රජය පැත්තෙන් මෙන්ම විපක්‍ෂය පැත්තෙන් ද පොරොන්දු රාශියක්‌ දැන් ජනතාව ඉදිරියේ තබා තිබේ. දීර්ඝ කාලයක දේශපාලන අත්දැකීම් තිබෙන ජනතාවට මේ පොරොන්දු එතරම් අරුම දේවල් නොවේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දී තිබෙන සමහර පොරොන්දු විශ්මය ජනක එAවාය.

රාජ්‍ය සේවක වැටුප රු. 10,000 කින් වැඩි කිරීම එයින් එකකි. රැකියා නැති හැම තරුණයකුටම මුදලක්‌, සෑම වැඩිහිටියකුටම දීමනාවක්‌ ආදී මුදල්මය පොරොන්දු ද තිබේ.

මේවා සාමාන්‍යයෙන් ඡන්ද කාලයට දෙන පොරොන්දු මිස හැබෑවට කෙරෙන එAවා නොවන බැව් අපේ රටේ ජනතාව අතීත අත්දැකීම්වලින් දනිති.

සිරිමාවෝගේ හදෙන් හාල් ඡේ.ආර්. ගේ ඇට අට, චන්ද්‍රිකාගේ තුනයි පනහේ පාන් එලෙස මිනිසුන් විශ්වාස කළ එහෙත් ඉටු නොවුණු පොරොන්දුය.

බලයට පත්වූ පසු අපට ලැබුණේ හිස්‌ භාණ්‌ඩාගාරයකුයි යන පහසු උත්තරය දෙමින් දුන් පොරොන්දු පැත්තකට දැමීම ඔවුන් පහසුවෙන් කරනු ඇත.

කියපුවා දියව් කියා මහ පාරට බැස උද්ඝෝෂණය කළහොත් පොලිසිය බැටන් පොලු පහරදී ජනතාව එලවා දමනු ඇත.

මෙතෙක්‌ කාලයක්‌ සිදුවී ඇත්තේ එයයි.

එබැවින් පොරොන්දු වෙනුවෙන් ඡන්දය දීම නැවත නැවතත් වැටුණු වළේම වැටීමක්‌ පමණි.

ජෙනරාල්වරයා ප්‍රමුඛ එජාප ජවිපෙ කණ්‌ඩායම් මේ සැරසෙන්නේ ජනතාවට යමක්‌ කිරීමේ සටනක්‌ සඳහා නොවේ.

ඔවුහු නිසැකවම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක්‌ ඉටු කිරීමේ කොන්ත්‍රාත්තුවක යෙදී සිටින බවක්‌ පෙනේ.

ඔවුන් භාරගෙන තිබෙන කොන්ත්‍රාත්තුව කුමක්‌ද?

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බලයෙන් ඉවත් කිරීමටය.

එA කාගේ වුවමනාවට ද? කුමක්‌ සඳහා ද?

තුන්වන ලෝකයේ දුප්පත් රටවල බෙදුම්වාදී වර්ගවාදී ග්‍රෝත්‍රවාදී අරගල දිගින් දිගටම තිබීම ලොව බලවත් රටවලට වාසිදායක තත්ත්වයකි. එමගින් යුද්ධායුධ විකුණා ගැනීම, යුද්ධය නිසා දුප්පත් වන රටවල් දිගින් දිගට ණය බරින් තබා ගැනීම ඔවුන්ට වාසිදායකය. එAවා ඔවුන්ගේ ආදායම් මාර්ගයන්ය. එබැවින් ලොකු රටවල් දුගී රටවල කුමක්‌ හෝ වාර්ගික අර්බුදයක්‌ තිබෙන්නේ නම් එයින් එක්‌ පාර්ශ්වයකට රහසිගත ලෙස හෝ අනියම් ආකාරයෙන් උදව් කිරීමෙන්, යුද්ධය වගා කිරීම එක්‌ උපක්‍රමයකි.

ලංකාවේ 30 වසරක්‌ දීර්ඝ යුද්ධයක නියෑළීමට කොටින්ට හැකි වූයේ, ඉහත කී තත්ත්වය යටතේය.

මේ යුද්ධය පරාජයකොට නතර කළ එකම නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාය.

එබැවින් මේ දේශප්‍රේමී නායකයා ලොව බලගතු රටවල උදහසට ලක්‌ව සිටී. ඔහු ඉවත් කිරීම ඔවුන්ගේ වර්තමාන ඉලක්‌කයයි.

එA සඳහා මේ ජනාධිපතිවරණය හොඳම අවස්‌ථාවකි.

මහින්ද රාජපක්‍ෂ නමැති දේශප්‍රේමියා ඉවත් කරගත හැකි නම් එය ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් ලබන විශාල ජයග්‍රහණයකි.

ඊළඟට බලයට පත්වන තැනැත්තා යුද නායකයෙක්‌ නම් ජාත්‍යන්තරය වඩාත් කැමැතිය. සාමාන්‍යයෙන් යුද නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට එතරම් හුරුපුරුදු නැත. මහජන උද්ඝෝෂණ, පෙළපාලි, වැඩ වර්ජන ආදී දේට හමුදා පාලකයන් කැමැති නැත. වහාම එAවා මර්දනය කිරීම හමුදා පාලකයන්ගේ සොභාවයයි. එවැනි පාලකයකුට ධනපති රටවල් වඩාත් කැමැත්ත දක්‌වයි.

එබැවින් ලංකාවේ දැන් සිදුවෙමින් පවතින්නේ තමන් අකමැති පාලකයා ඉවත් කිරීමේ සහ තමන්ට රුචි තමන්ට අවනත පාලකයකු පත්කර ගැනීමේ තිරෙන් එහා ඉඳගෙන සටන් කරන කණ්‌ඩායමක ක්‍රියාවලියක්‌ බව වැඩි දෙනකුට නොවැටහේ.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
:rofl:
amd40j.jpg