රට පුරා ළමා නිවාසවල දරුවන්ට අවුරුද්දට තෑගි මල්ලක්

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113

    😍

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම අද (13) දිවයින පුරා සිදු කෙරිණි.​


    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මේ සත්කාර සිදු විය.

    කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල අද උදෑසන ආරම්භ වූ මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අලුත් අවුරුදු රසකැවිලි හා ත්‍යාග පාර්සල් දරුවන්ට බෙදාදීම දවස පුරාම සිදු කරන ලදී.

    නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” මැයෙන් ජනාධීපති කාර්යාලය, සිලෝන් බිස්කට් සමාගම ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි. ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමග රස කැවිලි හා ත්‍යාග පාර්සල් 10,000කට අධික ප්‍රමාණයක් දරුවන් අතර බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මඟපෙන්වීමෙන් යුද හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ යුද හමුදාව විසින් ත්‍යාග පාර්සල් බෙදා දුන්නේය.

    ඒ අනුව මධ්‍යම පළාතේ මධ්‍යස්ථාන 40ක්, නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 57ක් , උතුරු මැද පළාතේ මධ්‍යස්ථාන 16ක්, උතුරු පළාතේ මධ්‍යස්ථාන 23 ක්, සබරගමුව පළාතේ මධ්‍යස්ථාන 19 ක්, දකුණු පළාතේ මධ්‍යස්ථාන 25ක්, ඌව පළාතේ මධ්‍යස්ථාන 14ක් හා බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 106ක් ඇතුළු මධ්‍යස්ථාන 336ක් ආවරණය වන පරිදි මෙම අවුරුදු ත්‍යාග පාර්සල් බෙදා දීම සිදු කෙරිණි.

    (අංජුල මහික වීරරත්න)

    - https://www.lankadeepa.lk/news/ජනපතගන-දරවනට-අවරදදට-තග-මලලක/101-650538

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    අඩු කරන්න ඕනේ වෙලාවේ පෙට්‍රල් ටික අඩු කරන්නේ නැතිව ඔවා කරලා මොන ඡන්ද ද? :ROFLMAO: