රට මෙච්චරටම පිරිහිලාද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    එක ඇත්ත...
    බාරව ඉන්න දෙයියෝ මේ කරපු දේට සිංහලුන්ට අරිනවා ඇරිල්ලක් කොළ බොක්කටම තෙල් නැතුවම.... :(

    ඒකෙනුත් අසරණ වෙන්නේ අසරණ සිංහලු. මේවා කරවපු රේනෝ ගොයියයි සැට් එකයි සැපට ඉඳියි ඒසී කාමර වල
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව පාලකයන්ගෙ වැරදි..මෝඩ ජෝඩුව ආව දවසෙ ඉදන්ම හැමදාම මොකක් හරි විකෘතියක් තමයි...තමන්ගෙ චන්දෙ මීලග වතාවෙවත් හරියට පාවිච්චි කරමු..

    Aniwa
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    හිරු මාධ්‍ය ජාලය තුලින් සංවිධානය කරන ලද රුවන්වැලි මහා සෑ රජුන් අභියස සිදු කරනු ලැබූ හිරු ශාක්‍යසිංහ මංගල්‍යය වෙසක් පෝ දින පිංකම් මාලාවේදී ඩිජිටල් ආලෝක ධාරා මගින් සෑ රජුන්ට අගෞරවයක් වන ආකාරයට ඩිජිටල් ආලෝක රටා (Video Mapping) නිර්මාණය කළ බවට පලවු ප්‍රචාරයන් ඔබ දැනටමත් දැක ඇති. ඒ සියල්ලම හුදු සාවද්‍ය ප්‍රචාරයන් බවත් ඒවා හුදෙක් හිරු නාලිකාව ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සමඟ ඇති පුද්ගලික අමනාපකම් නිසා හෝ අසත්‍ය ප්‍රචාරයන්ට රැවටීම නිසා පළකරනු ලබන ඒවා බව ආසියානු මාධ්‍ය ජාලය මඟින් පවසයි.

    ඔබ කලින් දුටු ඒ සියලුම ජායාරූප ඔවුන්ගේ වැඩසටහනට අදාළ නිල ජායාරූප නොවන බවත් මෙහි පහතින් පළ කර ඇති බෞද්ධ කොඩිය නිරූපණය වන පරිදි පලකර ඇති ජායාරූපය පමණක් ඔවුන්ගේ පිංකමට අදාල නිල ජායාරූප බවටත් ඔවුන් විසින් පවසයි. නමුත් ඊයේ දිනයේදි සෑ රජුන් අභියස පැවති අධික ආලෝක තත්වය නිසා මෙයද ඊයේ දිනයේදී ක්‍රියාත්මක නොකළ බව ඔවුන් තහවුරු කරන ලදි. සමාජ මාධ්‍ය තුලින් හුවමාරු වන සියලු ඡායාරූප මෙයට ප්‍රථම Trial Version ක්‍රියාත්මක කිරීමේදී ගත් ඡායාරූප මිසක් වෙසක් දිනයේදී ඔවුන් සිදුකල දෙයක් නොවේ. වෙසක් දිනයේදී ඔවුන් සිදු කළේ ෂඩ්වර්ණ ආලෝකයෙන් රුවන්වැලි සෑ රඳුන් ආලෝකමත් කිරීම පමණකි.
    නමුත් අවාසනාවකට සමාජ ජාල වල හුවමාරු වන්නේ Trial Version ක්‍රියාත්මක කිරීමේදී ගත් ඡායාරූප පෙළකි.

    මෙම ආලෝක පූජාව සිදු කළා සේම හිරු නාලිකාව මගින් සෑ රජුන් නැමදීමට එන ලක්ශ සංඛයාත සිල්වතුන්ගේ පහසුව පිණිස සම්පූර්ණයෙන්ම සලපතල මලුවම ආවරණය වන පරිදි බුමුතුරුණු එලා ආවරණය කිරීමද සිදු කරන ලදි. ඉදිරියේදි ඔබ සෑ රජුන් නැමදීමට ගියහොත් එය කෙතරම් අනර්ඝ පුණ්‍යකර්මය යන්න ඔබට මැනවින් පසක් වෙනු ඇතුවාට සැකයක් නැත. දිවාකාලයේ දී අධික රස්නය නිසා පීඩාවිදින සිල්වතුන් වෙනුවෙන් හිරු සිදුකල මෙවන් ක්‍රියා ඇගයීමට කිසිවෙකුත් නැත. නමුත් අදාළ නොවනා වූ ඡායාරූප Share කිරීමට නම් වුවමනාවටත් වඩා පිරිස ඇත. අවසනාවක මහත නම් මෙවන් පින්කම් අගය කරනවා විනා හුදෙක්ම හෙලා දැකීමට පමණක් පිරිස් ඉදිරිපත් වීමයි.

    සෑම මාධය ආයතනයක්ම ඔවුන්ගේ සියලූම බාහිර ක්‍රියාකාරකම් සිදුකරනු ලබන්නේ ඔවුන්ගේ ප්‍රචාරක වැඩපිලිවෙලයන්හී එක් එක් අංශ සදහා බව නොරහසකි, නමුදු ඔවුන් විසින් සිදුකරන්නා වූ ක්‍රියාවෙන් බහුතරයකට සෙත සැලසේ නම් එය අගය කිරීමද අපේ වගකීමකි.

    අවසානයට කිවයුතු දෙයක් ඇත තාක්ෂණය ඉදිරිටය යනවිට ඒ හා වෙනස් විය යුතුය.මෙය හුදෙක්ම පැය කිහිපයක් වර්ණවත් කිරීම සඳහා සිදුකල තාවකාලික ක්‍රියාවකි. මෙයට පෙරද හිරු මාධ්‍ය ජාලය විසින් මහියංගණය සහ කුරුණෑගල රිදී විහාරය යන පුදබිම් හිදීද මෙවැනි ආකාරයේ පින්කම් කල බව නොරහසකි.

    උපුටා ගැනීමකි
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    අවසානයට කිවයුතු දෙයක් ඇත තාක්ෂණය ඉදිරිටය යනවිට ඒ හා වෙනස් විය යුතුය.මෙය හුදෙක්ම පැය කිහිපයක් වර්ණවත් කිරීම සඳහා සිදුකල තාවකාලික ක්‍රියාවකි. මෙයට පෙරද හිරු මාධ්‍ය ජාලය විසින් මහියංගණය සහ කුරුණෑගල රිදී විහාරය යන පුදබිම් හිදීද මෙවැනි ආකාරයේ පින්කම් කල බව නොරහසකි.

    උපුටා ගැනීමකි

    Thaksanaya pawichchi karala meita wada kochchara hoda dewal karanna puluwanda?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    රෙනෝට තිබ්බේ ස්කී‍්‍රන් එකක සනා - මලීකාගේ වීඩියෝ එක දාලා මාර දූවරු පෙන්නන්න.... මුන් කරන්නෙම මේ වගේ මජර වැඩ.... :baffled:

    :D:D:D:D
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මේවට විරුද්දව කතා කරලා තේරුමක් න බන් මේ වගේ site වල. සාමාන්‍ය පොදු මතයට වඩා අමුතුම එකක් මේකේ තියෙන්නේ.මමත් රෙප් කපාගෙන හොදට අහගත්තා නේ.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    එක ඇත්ත...
    බාරව ඉන්න දෙයියෝ මේ කරපු දේට සිංහලුන්ට අරිනවා ඇරිල්ලක් කොළ බොක්කටම තෙල් නැතුවම.... :(

    කවුද බන් ඔය සිමෙන්ති ගොඩ බාරවඉන්න දේයියෝ...
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අපි කතා කරන්නෙ රුවන්මැලි සෑය ගැන.මහරහතුන් වහන්සේලා කෝටි 2ක් වැඩම කරපු තැනක් .

    උබ දෑක්කද...