රට රකින අභියෝගය බාර ගන්න සූදානම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුය හරහා රට භාරගන්නා විට 2020 වසරේ රට ණය බරින් නිදහස් කරනවා කිව්වට නැවත වතාවක් බලයට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින බවත් සෑම දේශපාලඥායෙක්ටම සුරංගනා කථා මවා කියන්න පුළුවන් වුවත් එය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරපු පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (8) පැවසීය.

    බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

    තරුණයෙක්ට දේශපාලන වශයෙන් ශක්තිමත් වීමට හොඳම අවස්ථාව මෙය යැයි තමන් විශ්වාස කරන බව කී නාමල් රාජපක්‍ෂ මහතා පක්‍ෂය සහ රට ගොඩනැගීමේ අභියෝගය ඕනෑම අවස්ථාව භාරගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.

    පොදුජන පෙරමුණෙන් ගැලවෙච්ච අය වෙනත් දේශපාලන පක්‍ෂ ලෙස සන්ධාගතව සිටි අය බවත් ඔවුන් මේ වන විට වෙනත් බලවේග සමඟ එකතුව සිටින බවත් ඒ මහතා කීය.

    ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා අපේ කඳවුරේ සිටිය යුතු නායකයෙක් යැයි පෞද්ගලිකව විශ්වාස කරන බව කී නාමල් රාජපක්‍ෂ මහතා මහින්ද රාජපක්‍ෂ මහතා 2005 වසරේ බලයට ගේන්න අලහප්පෙරුම මහතා විශාල බලවේගයක් නිර්මාණය කළ කෙනෙක් බව ද සඳහන් කළේය.

    ජී. එල්. පීරිස් මැතිතුමා සමඟත් සාකච්ඡා කරන්න සූදානම් වුවද ඒ මහතා මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු සිටින නිසා ඒ පිළිබඳව අනාගතයේ තීරණය කළ යුතු බවත් තමන් අවුරුදු 23 දී දේශපාලනයට එන විට ගොඩක් උපදෙස් දුන්නේ ජී. එල්. පීරිස් මැතිතුමා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    mu bath kana eke newei


    mehe wara @2osama @netudara @John Dutton
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    @2osama

    PrIcli8.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක

    හිනා මූණු වත් දාගන්න බැරි එකාගෙ වීසා කන්සල්ටන්සි, ආර්ථික විග්‍රහ, රට රටවල් වල ආර්ථිකේ වල පල්ලට යන හැටි හෑලි කොහොමද 😹😹😹
     

    Similar threads