දීර්ඝකාලීනව රට වසා දැමීම ප්‍රායෝගික නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදීයි.
කොවිඩ් වසංගතයෙන් රට බේරාගැනීමට ජනතාවගේ ද සහාය අවශ්‍ය බව හෙතෙම සදහන් කරයි.
රට වසා දැමුණු කාලයේදී ජනතාව දැක්වූ සහයෝගයට ස්තූතිය පුද කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
කොවිඩ් පරාජය කිරීම සදහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සිදුකරගෙන යන කාර්යභාරය අගය කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරය
30 වැනිදායින් පසු රට තවදුරටත් නොවසනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
ඇතැම් දේවලට හදවතින් එකඟ නොවුනත් සෙසු අයගේ අදහස් වලට ඇහුම්කන් දී එම ඉල්ලීම් ඉටු කිරීමට ද සිදුවන අවස්ථා ඇතැයි ඒ මහතා පැවසිය.
අඩු ආර්ථිකයක් පවතින රටක් වසාගෙන ඉදිරියට යා නොහැකි යැයිද කී ඔහු මහ ජනතාවගේ සහයෝගය උපරිම ලබාගෙන කොරෝනා වසංගතය පාලනය කිරීම වඩා ප්‍රායෝගික බව තම අදහස බවද කියා සිටී.
ලෝකයේ කිසිම රටක් ඇඳිරි නීතිය දමා වසංගත ව්‍යාප්තිය විසඳාගෙන නැතැයි පැවසූ ඔහු රට වසා දමන්නැයි ඉල්ලීම් කල පිරිස් අතර පාපිෂ්ඨ සාහසික බලවේග ක්‍රියාත්මක වී ඇති බවද ඇමතිවරයා කියයි.
ඔවුන්ගේ යටි අරමුණු අවබෝධ නොවීමට තරම් ආණ්ඩුව මෝඩයන් නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.

30න් පසු රට වහන්නෙ නෑ. වහන්න කිවුවේ පාපිෂ්ඨ සාහසිකයන්