රට වෙනුවෙන් ඔබට කළහැකි මුලිකම හා සරලම දේවş
මේ දවස් වල facebook එක පැත්තේ එහෙම ගියාම රටට ආදරේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ඉන්නවානේ. profile Pictures වලට ජාතික කොඩි දාගෙන සිංහයෝ දාගෙන ජාතික ආරක්ෂාව ගැන ලොරි talk දෙන අයියලා කියවන්න ආසා හිතෙන ඇගේ මයිල් කෙලින් වෙලා කොල බොක්කටම දේශ ප්‍රේමය ගලා යන post එහෙම share කරනවා. එත් මට හිතෙන විදියට ඇත්තටම ඔබ රට වෙනුවෙන් කල යුතු සරලම හා මුලිකම දේවල් ටිකක් ගැන අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්නම්
රටක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. රටක් පාලනය වෙන්නේ යාන්ත්‍රනයක් හරහා. අහලා තියෙනවා නේද ඊශ්‍රායලය වගේ රටවල් වල යුද්ධයක් කාලෙට ඒ රටේ ඔක්කොම තරුණ තරුණියෝ මොන දීපනකරේ හිටියත් තම මව් බිමට එනවා කියලා රට වෙනුවෙන් සටන් කරන්න. ඔය වගේ තව රටවල් ගොඩක් තියෙනවා ලෝකේ. එත් අපේ යුද්දේ කාලේ කව්ද එහෙම ස්වේච්චාවෙන් එකතු උනේ සටන් කරන්න. ඔය කියන තරම් දේශප්‍රේමයක් තිබුනා නම් ලංකාවේම සිංහල කොල්ලෝ ටික එක පාර set වෙලා තියෙන මොරාල් එකේ හැටියට ඇත්තටම ඉතා ඉක්මණින් යුද්දේ ඉවර කරන්න තිබ්බා. ඔය දැන් FB එකේ ජාතික ආරක්ෂාව ගැන දුක් වෙන මහත්වරු කොහෙද හිටියේ ඒ කාලේ. යුද්දේ වෙනුවෙන් මැරුනේ බහුතරයක් දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ.
සැමවිටම නීති ගරුක පුද්ගලයෙක් වෙන්න
තම මව්බිමේ තියෙන නීති පද්ධතිය රකින එක තමයි රටක පුරවැසියෙකුට තම මාතෘ භුමිය වෙනුවෙන් කරන්න තියෙන පලවෙනි යුතුකම. අපරාධ නීති , සිවිල් නීති වගේම විශේෂයෙන්ම අපි නිතර නිතර කඩන මාර්ග නීති ගැන සැලකිලිමත් වෙන්න. පාරේ ඇවිදිනකොට හා වාහන එලවනකොට නිවැරදිව ඒ දේවල් කරන්න. හොදින් මතක තියා ගන්න. රටට ආදරේ නම් පලමුව රටේ හදවත බදු නීතිය රකින්න
ඔබ කරන රැකියාවේ වගකීම් නිසියාකාරව ඉටු කරන්න
ඔබ රාජ්‍ය සේවකයෙක් වෙන්න පුළුවන්. පුද්ගලික අංශයේ සේවකයෙක් වෙන්න පුලුවන්. මොන අංශයේ සේවකයෙක් උනත් ඔබ වැඩකරන පැය 8 ට ණය නැති වෙන්න වැඩ කරන්න. විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ වැඩ කරන විට ඔබට නිකන් ඉන්න සිද්ධ වෙනවා නම් ඒ බව ඔබේ ප්‍රධානියට කියන්න. කියලා මොනව හරි වැඩ ඉල්ල ගෙන කරන්න. රට රකින්න යුද්දෙට යන්නම ඕනේ නෑ. ඔබට පුළුවන් රට වෙනුවෙන් ඔබේ රැකියාව නිවැරදිව හා එලදායිව කරලා රට වෙනුවෙන් ලොකු සේවයක් කරන්න.
දුප්පත් දරුවෙකුට ඉගෙන ගන්න උදව් කරන්න
ඉගෙන ගන්න සල්ලි එහෙම වැඩිය නැති ළමයෙක්ගේ අධ්‍යාපනය සදහා ඔබේ පඩියෙන් මාසිකව සුළු මුදලක් වෙන් කරන්න. ලොකු ගානක් නෙවෙයි. ඔබට දැරිය හැකි ගානක්. ඇත්තටම මේ වගේ දෙයක් කිරිම තුලින් ඔබට ආත්ම ගානකට පිං රැස් වෙනවා. ඒ වගේම අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබ කරන ආයෝජනයකුත් වෙනවා. රටක දියුණුව රදා පවතින්නේ හොද උගත් මිනිසුන් පිරිසක් බිහිවීම මත නිසා මෙය රටට ආදරේ ඔබ කල යුතුම දෙයක් හැටියටයි මන් දකින්නේ.
සැම විටම අවට පරිසරයට ආදරේ කරන්න
අපේ ලංකාවට සුද්දෝ කියන්නේ පාරාදීසයක් කියලා (Paradise) ඒ තරම් වටිනා පරිසරයක් අපේ රටේ තියෙනවා. ඔබ ඇත්තටම රටට ආදරේ නම් අන්න ඒ ගස් කොලන් හා ස්වාභාවික දේවල් ආරක්ෂා කරන්න.
නිතරම තම ගෙවත්තේ අලුත් ගස් රෝපණය කරන්න.
පරිසරයට හිතැති ඉක්මනින් දිරන දේවල් පරිහරණය කරන්න.
හැකි තරම් පොදු ප්‍රවාහන මාධ්‍ය ගමන් වලට යොදා ගන්න
ඔබේ වාහනයේ පරිසර හිතකාමි බව නිරතුරුවම පරික්ෂා කර තබා ගන්න
අප රට සතු පුරා වස්තු , එතිහාසික පුජා ස්ථාන වගේ දේවල් වලට හානි කරන්නේ හා එම ස්ථාන අපවිත්‍ර කරන්නේ නැතුව ඉන්න
නිවසේ කුණු නිසි ලෙස බැහැර කරන්න
අද අපේ රටේ මිනිසුන් බහුලව කරන වැඩක් තමයි තමුන්ගේ කුණු ටික අල්ලපු වත්තට හරි කොහේ හරි පාර අයිනකට විසි කරන එක. හැම වෙලාවෙම තමුන්ගේ කුණු ටික නිසි ලෙස කුණු ලොරියට හෝ තම නිවසේදීම වල දමන්න. තමුන්ගේ මව්බිම සතු ලස්සන පරිසරය අපවිත්‍ර කරනවා නම් ඇත්තටම ඔබ රට ගැන හිතන්නේ නැති තමුන් ගැන පමණක් හිතන මහම මහා ආත්මාර්තකාමි මිනිසෙක්.
වංචාව හා දුෂණයට , පගාවට විරුද්ධ වෙන්න
අපේ රටේ ගොඩක් පුද්ගලයෝ තම වාසියට හා තමුන්ගේ වැඩ පහසු කරගෙන ඉස්සරහට යන්න වංචා හා දුෂණ සිදු කරනවා. පගාව දෙනවා පගාව ගන්නවා. හැබැයි මේක රටක්. මේ රට පාලනය වෙන්නේ යාන්ත්‍රනයක් හරහා. මේ යාන්ත්‍රනය හැදුවේ වසර ගණනනාවක් මහන්සි වෙලා. තාමත් අපි මේ යාන්ත්‍රනය සම්පුර්ණයෙන් හදලා ඉවර නෑ. ඉතින් යමෙක් වංචා දුෂණ සිදු කරනවා නම් පගා දෙනවා/ ගන්නවා නම් එක මේ ිහිඑැප අභිභවා යෑමක්. අපේ මව්බිම නිවැරදි දිශාවෙන් වෙනතකට යොමු කරන වැරදි වැඩක්. ඉතින් ඔබ ඇත්තටම රටට ආදරේ නම් මේ වගේ වංචා දුෂණ පගා වැඩ වලට සම්බන්ධ වෙන්න එපා. ඒවාට ප්‍රසිද්ධියේම විරුද්ධ වෙන්න
බදු නිවැරදිව ගෙවන්න
ඒ වගේම ඔබ විසින් ආණ්ඩුවට ගෙවිය යුතු බදු නිවැරදිව වෙලාවට ආණ්ඩුවට ගෙවන්න. රටක් දුවන්නේ බදු ආදායම් වලින් නිසා ඔබේ රට වෙනුවෙන් කල හැකි තවත් එක වැදගත් දෙයක් තමයි මේක.
රට වෙනුවෙන් දැනුවත් , බුද්ධිමත් හා ක්‍රියාශීලි පුරවැසියෙකු වෙන්න
ඔබ සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නම් ඔබ සක්‍රියව හා බුද්ධිමත්ව සමාජයේ සිදුවන දේවල් එක්ක කටයුතු කරන්න ඕනේ.
පාරේ තොටේ යනකොට වෙනත් අයෙකුට සිදු වන අසාධාරණයක් වෙනුවෙන් හඩ නගන්න ඔබට පුළුවන් නම් රිය අනතුරක් වූ වෙලාවට තුවාල වූ අයට දෙවරක් හිතන්නේ නැතුව උදව් කරන්න ඔබ කැමති කෙනෙක් නම් ඔබ සැබෑ පුරවැසියෙක්.
ඒ වගේම රටේ සිදුවන දේවල් ගැන හොද නිවරදී අවභෝදයක් ගන්න හැමදාම භැඅි බලන්න. කට කතා පතුරුවන්නේ නැතුව නිවැරදි දේ ගැන හැමෝටම කියන්න.
පාලකයන්ගේ වැරදි තීරණ විවේචනය කරන්න. ජන්ද අයිතිය අනිවාර්යයෙන් භාවිතා කරන්න
හොදින් මතක තියා ගන්න පාලකයා යනු රජෙකු නොවන බව. පාලකයා යනු ඔබේ සේවකයෙක් පමණයි.
ඒ වගේම හැකි සැම විටම අපේ රටේ මිනිසුන් වෙනුවෙන් ලේ බිදක් දන් දෙන්න. ඒ තුලින් ජිවිත රැසක් බේරේවි
ඔබේ ආගම වෙනුවෙන් දෙයක් කරන්න
ඔබ සිංහලයෙක් නම් බුද්ධාගම රැක ගන්න ධර්මය තාව අවුරුදු ගානකට ආරක්ෂා කර ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග සදහා මුදල් මගින් හෝ ශ්‍රමය මගින් දායකත්වයන් සපයන්න. ඔබට පුළුවන් පැරණි අභාවයට යන පන්සල් නැවත අලුත් වැඩියා කරන්න. ඒ වගේම අලුතෙන් හදන පන්සල් වලට ආධාර කරන්න. දාන මාන දෙන්න. ආගම රැකුනොත් අපේ ජාතියත් ආරක්ෂා වේවි.

Last edited: