රට වෙනුවෙන් දිවි පුදු දෙවියෙක්!

JAYANTE

Junior member
  • Apr 25, 2008
    72
    14
    8
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඊයේ (6) ඉල්ලා අස්විය.

    image_a03b4246ff.jpg


    ඔහුගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (6)පෙරවරුවේ බාර දුන්නේය.

    බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අනිද්දා (8) දිවුරුම් දීමට නියමිතය.

    බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ඔහුට ඇමති ධූරයක්ද පිරිනැමෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට රජයේ ආයතනයක තනතුරක් ලබාදීමට නියමිතව ඇත.

    Source: https://www.lankadeepa.lk/news/බැසිල්ට-තැන-දෙන්න-කැටගොඩ-අස්වෙයි/101-59413
    ලොකු සේවයක්...රාජපක්ෂ රාජ පරම්පරාව අවසාන කීරීමේ සටනට මුල් පියවර තැබීම😀😀😀