රට හදන එකම ක්රමය සොයා ගනියි.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රට හදන එකම ක්රමය සොයා ගනියි.

    malwathu.jpg


    මේ රටේ පාර්ලිමේන්තුව, පළාත් සභා හා ප්රාදේශීය පළාත් පාලන ආයතනවලට ඡන්දයෙන් පත්වන මන්ත්රීවරුන්ට වැටුප් දීම හා විශේෂ වරප්රසාද ලබා දීම වහා නතර කළ යුතු බව ශ්යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල් කුඹුරේ විමලධම්ම නාහිමියෝ අවධාරණය කරති. මන්ත්රීකම මහජන සේවය සඳහා වූ ගරු තනතුරක් වුවත් එය ලබාගැනීමට ඇන කොටා ගෙන මරා ගන්නේ ඔවුන්ට ලැබෙන වැටුප් හා වරප්රසාද නිසා බවද අනුනාහිමියෝ පෙන්වා දෙති. ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ විශේෂ සභා රැස්වීමක් ඉකුත් (19) කථානායක කරු ජයසූරියගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ඊට සහභාගි වූ අනුනාහිමියෝ මේ කරුණු රජයේ අවධානයට යොමු කළහ.
    අතීතයේදී මහජන නියෝජිතයන් කටයුතු කළේ ගරු සේවයක් විදියට බවද ඒ තත්ත්වය නැවත ඇති කළ යුතු බවද අනුනාහිමියෝ පෙන්වා දුන්හ.
    එසේම මෙරට නීතිය ජාතීන් අනුව හෝ ප්රදේශ අනුව වෙනස් නොවිය යුතු බවත් නීතිය රටේ සෑම ප්රදේශයකටම සෑම ජාතියකටම එක හා සමාන විය යුතු බවත් අනුනාහිමියන් මෙම රැස්වීමේදී පෙන්වා දුන්හ.
    මෙම විශේෂ කමිටු රැස්වීමට ශ්රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර සභාපති කොටුගොඩ ධම්මාවාස නාහිමි මල්වතු මහ විහාරයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමි, අස්ගිරි මහ විහාරයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමි, ත්රිකුණාමලයේ ආනන්ද නාහිමි ඇතුළු ෙතේරනිකායික නාහිමිවරු තිස් නමක් පමණද, අන්ය ආගමික පූජකවරුන්ද, දිනේෂ් ගුණවර්ධන, ඒ.එච්.එම්. ෆවුසි, රංජිත් මද්දුම බණ්ඩාර, ජෝන් අමරතුංග, ඩග්ලස් දේවානන්ද, එම්.ඒ. සුමන්දිරන්, ලකී ජයවර්ධන යන අමාත්යවරු හා පාර්ලිමේන්තු මන්ත්රීවරුද ජාතික හා ආගමික සංහිඳියාව සඳහා කටයුතු කරන රාජ්ය හා පෞද්ගලික ආයතන ප්රධානීන්ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ


    මේ හාමුදුරුවන්ගේ කතාව 100%ක් ඇත්තකි. පක්ශ විපක්ශ මන්ත්රිවරුන්ගෙන් නම් එල්ල වුයේ විරොධයකි.මේ රටේ ඇතැම් ප්රශ්න නිර්මාණය කරන ලද්දේත්, ප්රශ්න වලට විසදුම් නොලැබෙන්නෙත් දූශිත දේෂපාලකයින් නිසාය.නූගතුන්,කුඩ්ඩන්,දූෂකයින් ,දේෂපාලනයෙන් හම්බකරන්නන් පාර්ලිමේතුවේ සහ වෙනත් ආයතනවල සිටින නිසාය.මොවුන් බලයට කෑදරකම් දක්වන්නේ තම තමන්ගේ ජීවිත වලට සහ අඹුදරුවන්ගේ ජීවිත වලට සුරසැප ලබා දීමටයි. උතුරේ මෙන්ම දකුනේ ජාතිවාදය වපුරන්නේද දේශපාලකයින්ය . දේශපාලනය ගරු සේවයක් කල දාට මෙවන් පාපතරයින්ට යන එනමන් නැතිවනු ඇත.එවන්විටෙක බලයට එන්නේ රට ගැන සැබැ හැගීමක් ඇති මහජන සේවකයන්ය . මෙරට ප්රශ්න වලින්80%ක්ම අවසන් වනු ඇත. දේශපාලකයින්ගේ වැටුප කෙසේ වෙතත් වරප්රසාද හෝ අහිමිවන්නේ නම් මේ රට සුරපුරයක් වනු ඇත .
    මෙම විප්ලවීය වෙනස කල හැකි දේශපාලනයේ උඩුගo බලා යන පාලකයෙකු මේ දෙරණ තුල පහලවේවා..........
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    එයා කියන්න කලින් අපි දන්නව කොහෙද අපි කිව්වට ගණන් ගන්නේ නෑ අපි ඔටුවෝ නේ