අඩෝ.... කෙටි උත්තර බෑ.. දීර්ග උත්තර යක් දීපන් මේ ෆීල්ඩ් එක දිහා බලලා... උඹට හොඳ එක්ස්පීරියන්ඩ් එකක් හෑව්
මැද උන් ටික තමා වැඩි හරියක් ගියෙ. දැන් මැද ගැප් එක ෆිල් කරන්න ගන්නෙ බාගෙට ඉන්ටන් උන්. එතකොට උඩ ඉන්න SSE (5+ Year) එක්ස්පීරියන්ස් තියෙන උන්, උන්ට ප්‍රොජෙක්ට් වල ප්ලෑනින් ටිකයි කොලිටි මේන්ටෙන් කරන මීටිනුයි අරකයි මේකයි මීටින් කට කපල ඒ අස්සෙ උන්ට තව ඉන්ටන් උන්ටත් කියල දෙන්න ඕනි පහල මිසින් වෙච්ච සෙට් එකේ වැඩ ටිකත් අදින්න ඕනි. එතකොට හැදෙන ඉන්ටන් උන්ට කියල දෙන්න ඉන්න උන් එක්කො බිසී එක්කො එක්ස්පීරියන්ස් නෑ (බාගෙට ඉන්ටන් උන්ටත් ගොඩක් වෙලවට KT ඒවත් එක්ක අලුත් ඉන්ටන් උන් එක්ක වැඩ කරන්න වෙනව). කලින් නන් උන්ට කියල දෙන්නෙ ගොඩක් වෙලවට අලුත SE, SSE වගේ වෙච්ච උන්. ඕක තමා මේ වෙනකොට ගොඩක් තැන් වල සිටුවේශන් එක.
දැන් කියන්නන් වෙන ප්‍රශ්න ටික
- ඉන්ටන් උන්ව ගන්නෙ නෑ ලේසියකට මොකද උගන්නන බලාගෙන ඉන්ටන් උන්ව දාගෙන කරන්න බෑ කම්පැණි වලට එකක් රිසෝස් නෑ අනික බජට් නෑ.
- ඉන්ටන් උන් හැදෙන්නෙ නෑ වැඩ පුලුවන්ම උන් විතරයි ගොඩ යන්නෙ
- ඉන්ටන් උන්ට අඩුම ඉන්ටන් ගන්න නන් SE ලෙවල් එකේවත් එක්ස්පීරියන්ස් එන විදියෙ වැඩ කරගෙන ඉන්න වෙනව තනියම
- එන ඉන්ටන් උන්ටත් ඉගෙන ගන්න වෙන්නෙ නෑ අඩු මාසෙන් ට්‍රේන් කරල යුද්දෙ ෆ්‍රන්ට්ලය්න් දැම්ම වගේ උන් ගිහින් ප්‍රොජෙක්ට් පිටින් වනසනව උඩ ලෙවල් එකේ උන් ඒව හැන්ඩ්ල් කරන්නයි උන්ගෙ වැඩ කරන්නයි ගියාම දවස ඉවර වෙනකොට මැරිල වගේ. උන්ට පඩිත් මදි වැඩත් වැඩී ඉතින් එපා වෙනව. උනුත් එක්කො අලුත් එකකට බොහෝ දුරට වෙන රටකට ඉක්මනටම පනිනව
- ප්‍රොජෙක්ට් අල වෙනව. ප්‍රොජෙක්ට් දෙන උන් වැඩ අඩු කරනව දෙන එක. කොලිටි බහිනව.
- කම්පැණිවල ප්‍රොෆිට් බහිනව.
- මැදට හැදෙන උන් ආයෙ අවුරුද්දකින් දෙකකින් විතර රට යනව
- ආයෙ සයිකල් එක විශම චක්‍ර වගේ.
මේක තවත් වර්ස්ට් කරනව මාස 6න් සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරුවන් බිහි කරන කෝස් කාරයො ටික.
මට පේන දේ කිව්වෙ මම ඉන්න තැනට. වෙන කෙනෙක්ගෙ අදහස මීට වෙනස් වෙන්න පුලුවන්. මට නන් හිතෙන්නෙ තව ඉස්සරහට යනකොට සෑහෙන ප්‍රෙශර් එකක් ඉන්ඩස්ට්‍රි එකේ උන්ට එයි කියල. ගොඩක් උන් තව රට යයි.
