රට හෙල්ලු රසල් ඉන්ග්‍රම් ඝාතනය...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    රට හෙල්ලු රසල් ඉන්ග්‍රම් ඝාතනය...

    මේ කැසට් එක මම පොඩි කාලේ අපේ ගෙදර තිබුනා ..නිතර අහනව.. ඒ දවස් වල හෙන ෆේමස් කේස් එකක්.. දැන් අවුරැදු 30ක් විතර ඇති.. අයේ මතක් වෙලා හොය හොය ඉන්නකොට තමයි මේක හමු උනේ.. ඉවර වෙනකල් අහල බලපල්ල, රහස් පරීක්ෂක කථාවක් ඇහුව වගේ.. මේ අවුරැද්දේ මේකේ ෆිල්ම් එකත් එනවලු..








    ෆීල්ම් එකේ ට්රේලර් එක...


    කථාව සැකෙවින්..


    ඒ 1944 වසරයි. ෆෙලිසියා ලොයිස් ඉයුනිස් මෙන්ඩිස් සමඟ අතිනත ගත් මැතිව් ජෝර්ජ් ෆෙඩ්රික් පීරිස් තමන්ගේ යුග ජීවිතය ආරම්භ කලේ සාමාන්‍ය විවාපත් යුවලක් විදියටමයි. කාලය ගත වෙද්දී, දරුවන් තුන් දෙනෙක්ගේ දෙමාපියන් බවට පත් වෙන්න ඔවුන් දෙන්නා වාසනාවන්ත වුණා.

    1950 අවුරුද්දේදී මැතිව් පීරිස් අසනීප වෙනවා. අත පය වාරු නැතිව සති හයක් රෝහල්ගත වෙලා ඉන්න ඔහුට සිද්ධ වෙනවා. මේකට හේතුව ඔහුගේ මොළයේ ටියුමරයක් බව තමයි වෛද්‍යවරු පවසන්නේ. ඒ කාලය ඇතුලත ඔහු සිහින පෙළක් දැකලා තියෙනවා. එයින් කියවෙලා තියෙන්නේ ඔහුගේ මේ රෝගී තත්ත්වය දෙවියන් වහන්සේ විසින් සුව කරන්න පුළුවන් බවයි. ඊට වසර හතරකට පස්සේ, එංගලන්තයේදී ඔහු මැතිව් පීරිස් පියතුමා බවට පත්වෙන්නේ මේකේ ප්‍රතිඵලයක් විදියට.

    පුංචි බොරැල්ලේ තිබුණු ශාන්ත පාවුළු දේවස්ථානයේ දේවගැතිවරයා වුණු මැතිව් පීරිස් පියතුමා ප්‍රසිද්ධ වුණේ, මනුස්ස ශරීරයෙන් අමනුෂ්‍ය ආත්මයන් පළවාහරින්නට හැකියාව ඇත්තෙක් විදියට. සුමානයක් පාසා, බ්‍රහස්පතින්දා දවසේ මේ සඳහා දේව පූජාවක් පැවැත්වුණා. ඩැල්රින් ඉන්ග්‍රම් සහ රසල් ඉන්ග්‍රම් කියන්නේ ඒ පූජාවට සහභාගී වුණු තරුණ, විවාපත් යුවලක්. මැතිව් පීරිස් පියතුමාගේ ලේකම් විදියට රැකියාවට බැඳෙන්න ඩැල්රින් ඉන්ග්‍රම්ට අවස්ථාව ලැබෙන්නේ මේ අතරේදී. දේවස්ථානයේම වාසය කරන්නත් ඉන්ග්‍රම් පවුලට ඔහුගෙන් ආරධනා ලැබෙනවා. රැකියා විරහිතව ඉඳපු ඔවුන්ට මේක ලොකු අස්වැසිල්ලක් වෙනවා. ඒත් වැඩි කලක් ඒ සතුට විඳින්න ඔවුන්ට ලැබුණේ නැහැ.

    හොඳ සෞඛ්‍යමත් කෙනෙක් වුණු රසල් ඉන්ග්‍රම් දරුණු විදියට රෝගී වෙන්නේ කවුරුවත් නොහිතපු විදියට. මොළයට සැපයෙන ග්ලුකෝස් ප්‍රමාණය අඩු වීම නිසා ඔහු මිය යන්නේ කොළඹ ජාතික රෝහලේදී. මේ කාරණා සේරම වෙද්දී, මැතිව් පීරිස් පියතුමාගේ බිරිඳත් දරුවනුත් ජීවත් වුණේ එංගලන්තයේ. මේ මරණයෙන් පසුව, මැතිව් පියතුමාගේ කීම පිට ඔවුන් නැවත ලංකාවට එනවා. වැඩි කලක් නොයාම ඉයුනිස් මෙන්ඩිස්, එහෙමත් නැත්තන් මැතිව් පියතුමාගේ බිරිඳ රෝහල්ගත වෙලා මිය යන්නේ, ඇයගේත් සිරුරේ ග්ලුකෝස් මට්ටම අඩුවීම හේතුවෙන්. නුදුරු කාලයක් ඇතුළතදී එකම රෝගී තත්ත්වය නිසා කොළඹ ජාතික රෝහලේදී සිද්ධ වෙච්ච මේ මරණ දෙක ගැන, ඒ රෝහලේ වෛද්‍යවරුන්ට දැනෙන්නේ ලොකු සැකයක්. මේ ගැන පොලිස් පරීක්ෂණ දියත් කෙරුණේ ඉන් පස්සෙයි. ලොවට හොරා අනියම් පෙමක පැටලිලා ඉඳපු ඩැල්රින් ඉන්ග්‍රම් සහ මැතිව් පීරිස් ගැන ඔවුන් දැනගත්තේ මෙහි ප්‍රතිඵලයක් විදියට.

    තමන්ගේ ආදරයට බාධාව විදියට ඔවුන් දැක්කේ තමන්ගේ ජීවන සහකරුවන්ව. දියවැඩියා රෝගීන්ට දෙන ඉන්සියුලින් ඖෂධය ලබා දීලා තමන්ගේ බිරිඳත්, ඩැල්රින්ගේ ස්වාමි පුරුෂයා වුණු රසල් ඉන්ග්‍රම්වත්, ඝාතනය කල මැතිව් පීරිස්ට මරණ දඬුවම ලබා දෙන්න අධිකරණය තීරණය කළා. එයට අත් උදව් දීම හේතුවෙන් ඩැල්රින් ඉන්ග්‍රම්ද වරදකාරියක් බවට පත් වුණා. ලංකාවේ මරණ දඬුවම එලෙසින්ම ක්‍රියාත්මක නොවෙන නිසා, තමන් පළවා හැරපු අමනුෂ්‍ය ආත්ම බඳු මිනිස්සු සැරිසරන බන්ධනාගාරයක හිරබත් කන්නට මැතිව් පීරිස්ට සිදුවුණා.