රට_පාවාදෙන_රෝ_ඔත්තු_කරුවා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රට_පාවාදෙන_රෝ_ඔත්තු_කරුවා

    ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද පිල ජයග‍්‍රහණය කරන බවට ඉන්දිය ඔත්තු සේවා සොයාගෙන ඇතැයි විමල් වීරවංස ඇමතිවරයා විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියේ පුවතක් පලවී ඇත.

    මේ පිළිබඳව වැඩිදුරටත් කල සොයාබැලීමේදී මෙවන් ප‍්‍රවෘතියක් කිසිදු ඉන්දීය ජාතික මාධ්‍යයක පලවී නොමැති බව තහවුරු විය.

    ඒ අනුව මෙම ප‍්‍රවෘතියය තවත් එක් වීරවංස පන්නයේ කෙප්පයක් ද නොඑසේනම් ඉන්දීය බුද්ධි අංශ සතු තොරතුරු ලබාගැනීමේ සුවිශේෂි හැකියාවක් වීරවංස ඇමතිවරයා සතුව පවතී දැයි නුදුරු අනාගතයේදී හෙලිදරවු වනු ඇතැයි මාධ්‍ය සංවිධාන කි‍්‍රයාකාරිකයෙක් පැවසීය.