රණවිරු උද්ගොෂණයේ තිරය පිටුපස නොදන්නා කතා
පළමුව කියන්න ඕනේ දේ තමයි, මේක හරිද වැරදිද කියලා මම අදහසක් නොකියන අතර මේ සම්පුර්න තොරතුරු කියවීමෙන් පසු එය ඔබ තීරණය කරන්න
හැමෝට මේ පිළිබද ඇතිවිය හැකි පොදු ප්‍රශ්න
01. ඇයි මේ මිනිස්සුන්ට මේක දෙන්න බැරි ?
02. ඇයි 2009 යුද්දේ ඉවරවෙලත් 2015 වෙනකම් හිටපු රාජපක්ෂ ආණ්ඩුවත් මේක නොදුන්නේ
03. ආබාධිත රණවිරුවෝ ඉන්නේ මෙතරම් සුළු පිරිසක්ද , ඔව්නට දිවයින පුරා මේක සංවිදානය කරන්න බැරි ඇයි
04. සානුකම්පිත ඉල්ලීම් මත අධිකරණයේ පිහිට පතන්න අවස්ථාවක් නැතිද
ඇත්තටම කවුරුත් නොකියන කතාව මේකයි. අබාධිත හැම රණවිරුවෙකුටම මේ ගැටලුව නෑ. යුද්දේ අවසන් උනාට පස්සේ රාජපක්ෂ ආණ්ඩුව මේ අබාධිත රණවිරුවන්ට අවස්ථා දෙකක් පෙන්නනවා.
01. තම සරිරසුවතා මට්ටමට ගැලපෙන ලෙස අදාල ලෙස කදවුරු රාජකාරි කරමින් සිට අදාල කාලයේදී විශ්‍රාම යාම
02. තම හානියට සරිලන වන්දියක් එකවර ලබාගෙන හමුදාවෙන් පුර්ණ කාලීනව ඉවත්වී එම මුදල ආයෝජනය කරමින් යම් අනාගතයක් නිවසේ සිට ගලපාගැනීම
මේ නිසා අබාධිත රණවිරුවන්ට සැලකුවේ නැත කියන චෝදනාවෙන් රාජපක්ෂ ආණ්ඩුව නිදහස් කරන්න වෙනවා
කොහොම හරි ඉහත අවස්ථා දෙකම කිසිම බලපෑමකින් තොරව තමාගේ අභිමත පරිදි ලබා ගන්න පසුගිය රජය ඉඩ දුන් නිසාවෙන්, කොටසක් වන්දි අරන් ඉවත් වූ අතර තව කොටසක් තම ඉතිරි කාලය අවසන් වනතුරු හමුදාවේ රැදී සිටියා.
කාලයාගේ ඇවෑමෙන් අර රැදී සිටිය පිරිසගේ සේවා කාලය සම්පුර්න උණු අතර දැන් දැන් ඔවුන් විශ්‍රාම වැටුප් ලබමින් හමුදාවෙන ඉවත්වෙනවා. ඔන්න දැන් ගැටළුවක්
මමත් සමග එකට සිටිය සගයට විශ්‍රාම වැටුප් , හැබැයි මට නෑ ? . සමහර විට ඒ කාලයේ ගත්ත වන්දි මුදල මේ වෙනකොට නිසිපරිදි බාවිතා නොකළ නිසා වියදම් වෙලා වෙන්නත් පුළුවන්.නමුත් නිත්‍යානුකුලව වන්දි ලබා ඉවත් වූ මහ පාරේ අරගල කරනවා හැර වෙන විකල්පයකුත් නැතිවෙලා.
මේ දේවල් කෙසේ වෙතත් ආණ්ඩුවට තියන ගැටලුව මේ පිරිසට විශ්‍රාම වැටුප දෙන එක නෙවෙයි. මොකද එහෙම ඉවත් උනේ සුළු පිරිසක් නිසා. ගැටලුව වන්නේ එහෙම දුන්නොත්, අර වන්දි ලබා නොගෙන දිගටම හමුදාවේ රැදී සිට විශ්‍රාම ගිය පිරිසට අසාදාරනයක් වෙනවා. සමානව නොසැලකීම කියන කරණය යටතේ ඔවුන්ට අදිකරණයට යෑමට පුළුවන්. එහෙම උනොත් ඒ විශාල පිරිසකටත් හානිය තක්සේරු කර වන්දි ගෙවන්න සිදුවෙනවා. හිතන්න වසර තිහක යුද්දෙන් කොතරම් සෙබළුන් ප්‍රමාණයක එහෙම ගෙවන්න වෙයිද? , ඒක ඕනෙම ආණ්ඩුවකට දරන්න ටිකක් අමාරු වෙයි
දැනට විශ්‍රාම වැටුප් ලබා ගන්න රණවිරුවන්ද නිහඩ පිළිවෙතක ඉන්නේ , මේ වන්දි ලබා ගත පිරිසත් විශ්‍රාම වැටුප ගන්නකම්. එදා ට පුළුවන් එයාලගේ වන්දි සටන අරබන්න.
මම නැවතත් කියනවා මේක හරිද වැරදිද තීරණය ඔබට බාරයි.
ප ලි : හැබැයි ප්‍රචාරය අවශ්‍ය උන් මේ රණවිරුවන්ව විකුණන් කනවා මේ දවස්වල. වතුර බෝතලයක් අරන් ගිහින් කැමරාවට මුහුණ ගෙන එනවා පේනවා