⚡ හිටපු ජනාධිපතිවරුන්ට රජය වැය කරන මුදල් ප්‍රමාණ (2023//11/25 අරුණ)

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනපති බිරිඳ හේමා ප්‍රේමදාස යන අය වෙනුවෙන් රජය වැය කරන මුදල් ප්‍රමාණය අණාවරණය වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් PS/RTI/01/2023/205 යන නිල ලේඛනය එය හෙළි කරයි.

    මේ අනුව ලේකම් දීමනා, ඉන්ධන දීමනා සහ විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් මාසිකව රුපියල් 3,715,350 ක් රජය වැය කරනු ලබයි.

    මේ තොරතුරුවලට අනුව රණසිංහ ප්‍රේමදාස බිරිඳට ඒ රුපියල් 25,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 100,000 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 65,000 ක විශ්‍රාම දීමනාවක් ලබා දේ.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාසිකව රුපියල් 100,000 ක ලේකම් දීමනාවක් ද රුපියල් 679,950 ක ඉන්ධන දීමනාවක් ද රුපියල් 97,500 ක විශ්‍රාම ප්‍රතිලාභයක් ද ලැබේ.

    එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් 50,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 679,950 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම දීමනාවක් හිමි වේ.

    හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් 100,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 679, 950 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම දීමනාවක් ලැබේ.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණණතුංගට රුපියල් 100,000 ක ලේකම් දීමනාවක්, රුපියල් ලක්ෂ 5 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම ප්‍රතිලාභයක් ලැබේ.

    1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව, සෑම හිටපු ජනාධිපතිවරයෙකුට සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳට හෝ සැමියාට, ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ විශ්‍රාම වැටුපක්, ඉන්ධන දීමනාවක් සහ ලේකම් දීමනාවක් හිමි වේ. එපමණක්ද නොව, ඔවුන්ගේ ජීවිත කාලය තුළ ජීවත් වීමට සුදුසු නිවසක් කිසිදු කුලී නොමැතිව ලබා දෙයි. මීට අමතරව ඇතැමෙකුට ආරක්ෂාව වෙනුවෙන් දීමනාවක් ලබා දෙන බවත් හෙළිව තිබේ.

    මේ අතර තම විශ‍්‍රාම වැටුප පුද්ගලික භාවිතයට නොගෙන යම් අරමුදල්වලට බැර කළ යුතු බවටත් හිටපු ජනාධිපතිවරුන් විවිධ අවස්ථාවල මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබිණි. එහෙත්, ඒ සඳහන් කළ පරිදි අරමුදල්වලට එවැනි මුදල් බැර කර නොතිබූ නමුත් ඔවුන් මෙම දීමනා බැර කර ඇත්තේ ඔවුන්ගේ පුද්ගලික බැංකු ගිණුම්වලට පමණක් බව අනාවරණය වී තිබේ.

    විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ට මාසිකව ගෙවනු ලබන දීමනා සහ වරප්‍රසාද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ වාර්ෂික අයවැයෙන් සාකච්ඡා කෙරේ. ඔවුන්ගේ දීමනා සහ වරප්‍රසාද පිළිබඳව මෙවරත් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා විය. මෙම වැය ශිර්ෂය අනුව මෙම සමස්ථ වියදම් වෙනුවෙන් 2024 වසරට රුපියල් මිලියන 110ක් වෙන් කර තිබේ. මෙම වසර වෙනුවෙන් වෙන්කර තිබුණේ රුපියල් මිලියන 84කි.

    https://www.aruna.lk/articles/BQ00oIouV8f77MYO5ppe
    ____________________________________________

    මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලැයිස්තුව මෙන්න

    2024 පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශයේ ගිණුම් වාර්තාවලට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 255කට රුපියල් එක්කෝටි හැටඑක් ලක්ෂ අසූඑක් දහස් හත්සිය අනූනවයයි ශත හතළිස් හයක (16,181799.46) ක මුදලක් ගෙවා තිබෙනවා.

    1977 අංක 01 දරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්වලට අදාළ පණත සහ එහි සංශෝධන අනුව මෙම වැටුප් පරිමා සහ විශ්‍රාම වැටුප් පරිමා තීරණය කරන බවයි සඳහන් වන්නේ.

    එක් එක් මන්ත්‍රීවරුන් සිය පාර්ලිමේන්තු ධුර කාලය නිමකළ විට ඒ වනවිට තමන් ලැබූ මන්ත්‍රී ධුරයට නියමිත වැටුපෙන් 1/3ක ප්‍රමාණයක් සමඟ අනුමත ජීවන වියදම් දීමනාව විශ්‍රාම වැටුප ලෙස ලැබේ. මේ සඳහා සපුරා ලිය යුතු අවම සුදුසුකම වසර 5ක පාර්ලිමේන්තු නියෝජනය පමණක් වීම ඔවුන් ලද විශේෂ භාග්‍යයක් වේ. වසර 15කට වඩා වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් නම් වැටුපෙන් 2/3ක් ද අනුමත දීමනා ද හිමි වේ. ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන අයකුගේ අවම මන්ත්‍රී වැටුප රු.54,285.00කි. එයින් තුනෙන් එකකට ආසන්න අගය ලෙස රු.18,095/-ක් ද දැනට ලබාදෙන විශ්‍රාම වැටුප් හිමියන්ගේ ජීවන වියදම් දීමනාව වූ රු.37,175.00 මුදල ද එකතු වූ විට මේ පාර්ලිමේන්තුව මුල්වරට නියෝජනය කරන අනාගත මන්ත්‍රීවරයෙකුගේ අවම විශ්‍රාම වැටුප රු.55,270/-ක් වනු ඇත.

    ඒ අනුව විශ්‍රාම ලත් මන්ත්‍රීවරු විශාල පිරිසකට ජනතා බදු මුදලින් විශ්‍රාම වැටුපක් ගෙවමින් සිටිනවා.

    වර්තමාන ජනාධිපතිවරයා ද ජනාධිපති ධුරය හොබවන අතර ම විශ්‍රාම වැටුපක් ලබන බවයි වාර්තා වන්නේ. ඔහුගේ විශ්‍රාම වැටුප රුපියල් 79841.66 ක් සහ ජනපති වැටුපද ලබන බව සඳහන් වෙනවා.

    මෙලෙස විශ්‍රාම වැටුප් ලබන පිරිස අතර,
    බැසිල් රාජපක්ෂ, රවි කරුණානායක, මිලින්ද මොරගොඩ, මොහාන් ලාල් ග්‍රේරෝ, උපේක්ෂා ස්වර්ණමාලි, කරුණා අම්මාන්, අනෝමා ගමගේ, නවීන් දිසානායක(සබරගමුව වර්තමාන ආණ්ඩුකාර), රෝහිත බෝගොල්ලාගම, සජින් වාස් ගුණවර්ධන, රුවන් විජේවර්ධන වැනි අයද සිටිනවා.

    1727373736682.jpeg

    168 දෙනෙකුට රු. ලක්ෂ 92ක් ඉහත ගෙවීම්වලට අමතරව ඉහත විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ ජීවිත අහිමිවීමකදී ඔවුන්ගේ වැන්දඹුවන් හා යැපෙන්නන්ට ද අදාළ දීමනා උරුම කර දීමට ප්‍රතිපාදන සපයා තිබේ.

    ඉකුත් පෙබරවාරි මාසයේ වැන්දඹු හා යැපෙන්නන් 168 දෙනෙක් සඳහා රු.අනූදෙලක්ෂ පනස් තුන්දහස් එකසිය තිස්හයයි ශත 26ක් (9,253,136.26) ගෙවා ඇති අතර ඒ අනුව වර්ෂයකට රුපියල් කෝටි 11කට අධික පිරිවැයක් දැරීමට සිදු වේ.
    ____________________________________________

    පූජ්‍ය පක්ෂයටත්

    ධර්ම රාජ්‍යයක් උදෙසා පාර්ලිමේන්තු ගිය හිමිවරු අද වනවිට විශ්‍රාම සුවය විඳීම සඳහා වැටුප් ලබන්නේය. ඒ අනුව භික්ෂුන් හැර වෙනත් කිසිදු ආගමික නායකවරු පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුප් නොලබයි.

    අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි – රු. 56,963.83
    කොටපොළ අමරකීර්ති හිමි – රු. 56,963.83
    අක්මීමන දයාරතන හිමි – රු. 57,029.09
    එල්ලාවල මේධානන්ද හිමි – රු. 61,302.89
    උඩුවේ ධම්මාලෝක හිමි රු. 56,963.83

    මෙලෙස ගත්තු ගමන් පෙන්ෂන් එපා කියන

    ජවිපෙටත්

    නිහාල් ගලප්පත්ති – රු. 73,365.00
    කේ.ඩී. ලාල්කාන්ත – රු. 60,894.47
    නන්දන ගුණතිලක – රු. 62,844.72
    බිමල් රත්නායක – රු. 70,675.84
    සුනිල් හඳුන්නෙත්ති – රු. 73,365.00
    නාමල් කරුණාරත්න – රු. 56,963.83
    සමන්ත විද්‍යාරත්න – රු. 56,963.83

    යුද්ධ කරලා පාර්ලිමේන්තුවට ආ

    කරුණා අම්මාන්ටත්
    විනයාගමූර්ති මුරලිදරන් – රු.60,562.77

    පාර්ලිමේන්තුවෙන් පෙන්ෂන් ගත් ක්‍රිකට් පුරාවෘත, රූප රැජිණියෝ, නළු නිළියෝ, මාධ්‍යවේදියෝ හා විද්වත්හු

    ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග – රු.73,365.00
    සනත් ජයසූරිය – රු.55,661.94
    හෙළයේ මහා නිළි මාලනි ෆොන්සේකා – රු.55,596.68
    උපේක්ෂා ස්වර්ණමාලි – රු.55,666.94
    රන්ජන් රාමනායක – රු.63,880.17
    ජීවන් කුමාරතුංග – රු.80,508.32
    රෝසි සේනානායක – රු.55,661.94
    ඩිව් ගුණසේකර – රු.65,914.52
    ජේ.ආර්.පී. සූරියප්පෙරුම – රු.55,596.68
    මොහාන් ලාල් ග්‍රේරෝ – රු.63,885.19
    ආචාර්ය සරත් අමුණුගම – රු.80,092.81
    මාධ්‍යවේදී ජේ. ශ්‍රී රංගා – රු.55,661.94
    ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු – රු.62,960.37
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,507
    32,234
    113
    හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනපති බිරිඳ හේමා ප්‍රේමදාස යන අය වෙනුවෙන් රජය වැය කරන මුදල් ප්‍රමාණය අණාවරණය වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් PS/RTI/01/2023/205 යන නිල ලේඛනය එය හෙළි කරයි.

    මේ අනුව ලේකම් දීමනා, ඉන්ධන දීමනා සහ විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් මාසිකව රුපියල් 3,715,350 ක් රජය වැය කරනු ලබයි.

    මේ තොරතුරුවලට අනුව රණසිංහ ප්‍රේමදාස බිරිඳට ඒ රුපියල් 25,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 100,000 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 65,000 ක විශ්‍රාම දීමනාවක් ලබා දේ.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාසිකව රුපියල් 100,000 ක ලේකම් දීමනාවක් ද රුපියල් 679,950 ක ඉන්ධන දීමනාවක් ද රුපියල් 97,500 ක විශ්‍රාම ප්‍රතිලාභයක් ද ලැබේ.

    එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් 50,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 679,950 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම දීමනාවක් හිමි වේ.

    හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් 100,000 ක ලේකම් දීමනාවක්, රුපියල් 679, 950 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම දීමනාවක් ලැබේ.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණණතුංගට රුපියල් 100,000 ක ලේකම් දීමනාවක්, රුපියල් ලක්ෂ 5 ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500 ක විශ්‍රාම ප්‍රතිලාභයක් ලැබේ.

    1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව, සෑම හිටපු ජනාධිපතිවරයෙකුට සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳට හෝ සැමියාට, ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ විශ්‍රාම වැටුපක්, ඉන්ධන දීමනාවක් සහ ලේකම් දීමනාවක් හිමි වේ. එපමණක්ද නොව, ඔවුන්ගේ ජීවිත කාලය තුළ ජීවත් වීමට සුදුසු නිවසක් කිසිදු කුලී නොමැතිව ලබා දෙයි. මීට අමතරව ඇතැමෙකුට ආරක්ෂාව වෙනුවෙන් දීමනාවක් ලබා දෙන බවත් හෙළිව තිබේ.

    මේ අතර තම විශ‍්‍රාම වැටුප පුද්ගලික භාවිතයට නොගෙන යම් අරමුදල්වලට බැර කළ යුතු බවටත් හිටපු ජනාධිපතිවරුන් විවිධ අවස්ථාවල මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබිණි. එහෙත්, ඒ සඳහන් කළ පරිදි අරමුදල්වලට එවැනි මුදල් බැර කර නොතිබූ නමුත් ඔවුන් මෙම දීමනා බැර කර ඇත්තේ ඔවුන්ගේ පුද්ගලික බැංකු ගිණුම්වලට පමණක් බව අනාවරණය වී තිබේ.

    විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ට මාසිකව ගෙවනු ලබන දීමනා සහ වරප්‍රසාද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ වාර්ෂික අයවැයෙන් සාකච්ඡා කෙරේ. ඔවුන්ගේ දීමනා සහ වරප්‍රසාද පිළිබඳව මෙවරත් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා විය. මෙම වැය ශිර්ෂය අනුව මෙම සමස්ථ වියදම් වෙනුවෙන් 2024 වසරට රුපියල් මිලියන 110ක් වෙන් කර තිබේ. මෙම වසර වෙනුවෙන් වෙන්කර තිබුණේ රුපියල් මිලියන 84කි.

    https://www.aruna.lk/articles/BQ00oIouV8f77MYO5ppe
    තෙල් වලින් තමයි දේශපලුවයිම් නිලධාරී හැත්තයි හොඳටම ගහන්නෙ, මුන්ට යකෝ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,507
    32,234
    113
    ලක්ෂ 7 කට කිට්ටු ඉන්ධන දීමනා මාසෙකට? 😡😡

    ඕකුනට ඉන්ධන ටික දාලා ගිනි තියන්න තමා වටින්නෙ
    ඒ ඉන්ධන ටිකත් අපරාදේ...
     
    • Sad
    • Like
    Reactions: SLK_sri and shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,709
    50,082
    113
    සේදවත්ත
    ලේකම් , මොන පම්කටද ලේකම්ලට ගෙවන්නේ , අනික ඉන්ධන බලහන්කෝ උන්ට ඔය මාකට් වැලිව් එකටත් නෙමෙයි ඔය බටා එක සෙට් වෙන්නේ . කැම්‍රී ආතල් එකක්නේ මේක . විශ්‍රාම වැටුප දෙන්නත් ඕනේ ටර්ම් දෙකක් කරපු එකෙක්ට පමණයි 1 කරපු එකෙක්ට එකෙන් භාගයක් .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ලක්ෂ 7 කට කිට්ටු ඉන්ධන දීමනා මාසෙකට? 😡😡

    ඕකුනට ඉන්ධන ටික දාලා ගිනි තියන්න තමා වටින්නෙ

    ඒ ඉන්ධන ටිකත් අපරාදේ...

    ‍යම් ඉන්දන දීමනාවක් ගෙව්වට කමක් නැ කියමු
    එත් ලක්ශ 7ක් ??

    බුලට් ප්ෲෆ් වාහනයක් උනත් මාසෙට කිමි ~ 8000ක් දුවන සල්ලි ඒ

    පෙට්‍රොල් වලට වියදම වැඩි නිස, මිනිස්සු දවසට පැයැ 3/4 බස්, කොච්චි වල කාලකන්නි වෙනව
    අමතර රස්සාවක්, තමන්ගෙ දරුවොත් එක්ක ඉන්න, ජිම් එහෙකට යන්න, වගාවක් කරන්න, ෆිල්ම් එකක් බලන්න තියන කාලය ඒ.

    බදු ගෙවන එකාට,

    පොදු ප්‍රවාහනය දියුණු කරලත් නැ
    තෙල් වියදම අඩුවත් නැ
     
    • Angry
    • Like
    Reactions: shenat and Ysa Karu

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ‍යම් ඉන්දන දීමනාවක් ගෙව්වට කමක් නැ කියමු
    එත් ලක්ශ 7ක් ??

    බුලට් ප්ෲෆ් වාහනයක් උනත් මාසෙට කිමි ~ 8000ක් දුවන සල්ලි ඒ

    පෙට්‍රොල් වලට වියදම වැඩි නිස, මිනිස්සු දවසට පැයැ 3/4 බස්, කොච්චි වල කාලකන්නි වෙනව
    අමතර රස්සාවක්, තමන්ගෙ දරුවොත් එක්ක ඉන්න තියන කාලය ඒ.

    බදු ගෙවන එකාට,

    පොදු ප්‍රවාහනය දියුණු කරලත් නැ
    තෙල් වියදම අඩුවත් නැ

    උන්ට ආයෙ දුන්නත් ඔය ටිකම නෙව. බලමු සහෝදරයො කොරයිද, සුපුරුදු පරිදි අපිටම අරියිද කියල.
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,507
    32,234
    113
    ‍යම් ඉන්දන දීමනාවක් ගෙව්වට කමක් නැ කියමු
    එත් ලක්ශ 7ක් ??

    බුලට් ප්ෲෆ් වාහනයක් උනත් මාසෙට කිමි ~ 8000ක් දුවන සල්ලි ඒ

    පෙට්‍රොල් වලට වියදම වැඩි නිස, මිනිස්සු දවසට පැයැ 3/4 බස්, කොච්චි වල කාලකන්නි වෙනව
    අමතර රස්සාවක්, තමන්ගෙ දරුවොත් එක්ක ඉන්න, ජිම් එහෙකට යන්න, වගාවක් කරන්න, ෆිල්ම් එකක් බලන්න තියන කාලය ඒ.

    බදු ගෙවන එකාට,

    පොදු ප්‍රවාහනය දියුණු කරලත් නැ
    තෙල් වියදම අඩුවත් නැ
    nana eth ona naha, pension eka witharak athi, gov service wala 60 paninakan inna untath pension witharaine, saji puthage ammatath pension eka witharak athi, mokada piyano wandabu anath daru athsan karala thiyenna athine, dan puthanoth anath welane...lol
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    ලක්ෂ 7 කට කිට්ටු ඉන්ධන දීමනා මාසෙකට? 😡😡

    ඕකුනට ඉන්ධන ටික දාලා ගිනි තියන්න තමා වටින්නෙ
    Maseta petrol leetr 2000k Gahanna 🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,507
    32,234
    113
    what about army cars , petrol and other allowances
    gov executive un kohomath thel game eke inne sathapahakata wiswasa karanna epa, un thamange athmeta katha karala rata hadanna hitiya nam melahata hadila, deshapaluwata pissu kelinna nodi... AKD kiyanna thiyenneth niladhareenta wada janathawa wiswasa karanna, obawa othenta osa thabuwe janathawa, obawa othanin bassanna unoth ekata waga kiyanna on wate inna niladarin thamai, ithin niladaringe kriya kalapa gana salakilimath wenu athai apa sithamu.
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    රජය කරන නාස්ති වල හැටියට මෙව්වා නම් මහ ගණන් නෙමෙයි. ඔය නිල ආදායමනෙ.. ඊට වඩා මුං ගහනවා එක එක කොන්ත්‍රාත් වලින්. එක එකාට රස්සා අරන් දීලා. එව්වා නවත්වන එක හොඳයි මේවට වැඩිය. මුං හම්බ කරන හැටියට ඔව්වා නැවැත්තුවා කියලා දැනෙන්නේ වත් නැතිවෙයි.

    ඊටපස්සෙ මුං කරන්නේ අපි පැන්ශන් ගන්නෙත් නෑ දීමනා ගන්නෙත් නෑ කියලා අහිංසක මූණත් දාගෙන හොරාකනවා.
     
    මෙව්ව නැවැත්තුව කියල ලොකුවට දැනෙන්නෙ නෑ ආණ්ඩුවට. ඒත් මහජන මුදලින් මැරෙනකම්ම නඩත්තු වෙන පජාති හැතිකරයක් ඉන්නව කියල මතක් කරගන්න හොදයි. මේ සමහර උන් දැන් මිනිස්සුන්ට මතකත් නෑ