රණවිරු දඩයම නවතව්!

monson

Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    රණවිරු දඩයම නවතව්!

    හොඳ වෙලාවට දිවයින පත්තරේ තියන නිසා මේවා එලි උනා



    :angry::angry::angry:













    කේන්දරයේ හවුලේ කෑමට සඳහන්ව ඇතැයි පවසා නෑනාට අතවර කිරීමට තැත්කළ හිටපු සෙබළ රිමාන්ඩ්

    මීගමුව සමූහ - විමල් කීර්ති

    තම කේන්දරයේ සිය බිරිඳ සහ ඇගේ සොහොයුරිය සමග හවුලේ පවුල් කෑමට ඇතැයි කියමින් තම බිරිඳගේ සොහොයුරියට වරින් වර බලෙන් ලිංගික අතවර කිරීමට තැත්කළ හිටපු යුධ හමුදා භටයකු ජුනි මස 16 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා නියෝග කළේය.

    කොච්චිකඩේ පොලිසියේ සැරයන් (45557) ජයන්ත වීරසිංහ මහතා විසින් අධිකරණය හමුවට පමුණුවා රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ කටාන ඇත්ගාල විඡේරත්න වත්තේ පදිංචි කේ. නිශාන්ත ප්‍රේමරත්න නමැත්තෙකි. ඔහුට එරෙහි අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ල අනුව සැකකරුගේ මෙම අතවරවලට ලක්‌වූ කාන්තාව තරුණ තිදරු මවකි. ඇගේ සැමියා ඇයව අත්හැර වෙන්වී ඇත. ඒ අනුව ඇය තමන්ට අයත් නිවසේ ඇගේ තනි නොතනියට තම විවාහක නැගණිය හා ඇගේ සැමියා නතර කරගෙන ඇත. නැගණියගේ සැමියා (සැකකරු) රාත්‍රි කාලයේදී නැගණිය (බිරිඳ) සිටින කාමරයේ දොරගුළු දමා තම ලොකු නෑනාගේ (පැමිණිලිකාරියගේ) කාමරයට වරින් වර පැමිණ ඇයට ලිංගික අතවර කිරීමට තැත්කළත් ඇය ඔහුගෙන් ඉතා ආයාසයෙන් මිදී ඒ බව කොච්චිකඩේ පොලිsසිsයට පැමිණිලි කර ඇත. කොච්චිකඩේ පොලිසියේ සැරයන් (45557) ජයන්ත වීරසිංහ මහතා පැමිණිල්ල මෙහෙය විය.


    - http://www.divaina.com/2016/06/10/provin02.html

    පහළොස්‌ හැවිරිදි දැරියක අඹුකමට ගත් හමුදා සෙබළා අත්අඩංගුවට

    කැස්‌බෑව - ලෙනාඩ් ජයසේකර

    පහළොස්‌ හැවිරිදි දැරියක්‌ රවටා දිඹුලාගලට රැගෙන ගොස්‌ මාස පහක්‌ රඳවා තබාගෙන අතවර කළ බව කියන විසිහය හැවිරිදි හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

    මංගල සාදයකදී නර්තනයේ යෙදෙන අතරතුර දැරිය හා මිතුරු වී ඇති සැකකාර හමුදා සෙබළා ඉකුත් දෙසැම්බර් 28 වැනිදා දිඹුලාගල සිට කහතුඩුවට පැමිණ ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස්‌ ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

    මීට දින කිහිපයකට ඉහතදී සැකකාර හමුදා සෙබළා දැරිය හැඳුනුම්පත සාදාගෙන පැමිණෙන ලෙස පවසා නිවසට එවූ අවස්‌ථාවේදී දැරියගේ මවුපියන් ඇයව පොලිසිය වෙත රැගෙන යැමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු දැරිය ගෙන ගිය අයුරු පැවසූ බව පොලිසිය කියයි.

    දැරිය රෝහල්ගත කිරීමට පියවර ගත් පොලිසිය ඇය විවාහ කර දීමට අවශ්‍ය කටයුතු සාකච්ඡා කර ගැනීමට පැමිණෙන ලෙස පොලිසියේ උපදෙස්‌ මත සැකකරුට පවසා ඔහු නිවසට පැමිණි මොහොතේ ලබාදුන් තොරතුරක්‌ අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කිsයයි.

    අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා මීට පෙර විවාහ වී දික්‌කසාද වූවකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

    කහතුඩුව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්දන ජයනාත්, අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක පුෂ්පකුමාර දන්තනාරායන, ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක ඉෂානි රත්නායක ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.


    - http://www.divaina.com/2016/06/10/provin03.html
     
    Last edited:
    • Like
    Reactions: nmps

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    30 හැවිරිදි හමුදා සෙබළාගෙන් 83 හැවිරිදි ආච්චිට අතවර

    බඩල්කුඹුර - රවිඳු ගුණතිලක, මොනරාගල විශේෂ සේපාල මහානාම හා මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර

    දඹගල්ල පොලිස්‌ වසමේ ගංගොඩගම තලාව ප්‍රදේශයේ පදිංචි අසූතුන්හැවිරිදි කාන්තාවක්‌ ඉකුත් 31 දා රාත්‍රි තිස්‌ හැවිරිදි හමුදා සෙබළකු විසින් දූෂණය කරනු ලැබ තිබේ.

    අතවරයට ලක්‌වූ කාන්තාව අපරාධය සිදු කළ හමුදා සෙබළාගේ බිරිඳගේ ආච්චි අම්මාය. ඇය වෙනම නිවසක තනිවම ජීවත්වේ. නිවාඩුවට පැමිණ සිටි හමුදා සෙබළා රාත්‍රි දහයට පමණ නිවසේ දොර ඇරගෙන ගොස්‌ දැල්වෙමින් තිබූ කුප්පි ලාම්පුව නිවා දෙවරක්‌ ඇයව දූෂණය කර ඇත.

    බීමත්ව සිටි හමුදා සෙබළාට ඇඳමත නින්දගොස්‌ ඇති අතර පසුව ආච්චිඅම්මා කුප්පි ලාම්පුව දල්වා කෑගසා තිබෙන අතර එයින් අවදි වූ හමුදා සෙබළා ඇයගේ මුඛයට රෙදි කැබල්ලක්‌ ඔබා ඇත. කෑගැසීම ඇසී අසල්වැසි නිවසේ පදිංචිකරුවන් පැමිණි අවස්‌ථාවේ හමුදා සෙබළා පලාගොස්‌ තිබේ.

    මේ සම්බන්ධයෙන් දඹගල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හඳුනාගෙන තිබේ.

    අතවරයට ලක්‌වූ කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකරු ඊයේ (2 දා) මොනරාගල මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

    දඹගල්ල පොලිස්‌ ස්‌ථානාධිපති වේහිත දේශප්‍රිය මහතා පරීක්‍ෂණ පවත්වයි.


    - http://www.divaina.com/2014/06/04/provin13.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    වැවේ නාමින් සිටි වෛද්‍යවරයාට සහ බිරියට පහරදී මුදල්, ආභරණ පැහැරගෙන. හමුදා සෙබළා සහ මිතුරා දැලේ

    අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ කැකිරාව - සුදත් ඒකනායක

    කලාවැව බලලුවැවේ සිය බිරිඳ සමඟ දිය නාමින් සිටි මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදී ඔහු සතුව තිබූ මුදල් රුපියල් ලක්‍ෂයක්‌ සහ ඔහුගේ බිරිඳ ගෙළ පැළඳගෙන සිටි රුපියල් ලක්‍ෂයක්‌ පමණ වටිනා රන්දම්වැලක්‌ කොල්ලකා පලාගොස්‌ සිටි යුද හමුදා සෙබළකු සහ තවත් අයකු කැකිරාව පොලිසිය විසින් පෙරේදා (20 දා) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සිද්ධියේදී පහර කෑමට ලක්‌වූ වෛද්‍ය එම්. සරත් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර සඳහා මරදන්කඩවල රෝහලට ඇතුළත් කොට තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක්‌වූ වෛද්‍යවරයා විසින් කැකිරාව පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් පසු සැකකාර හමුදා භටයා සහ ඔහුගේ මිතුරකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සෙබළා මාතලේ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන අයකු බවත් සැකකරුවන් දෙදෙනාම දේවහූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් හෙළිවී තිබේ.

    පහරකෑමට ලක්‌වූ වෛද්‍යවරයා පලාගල, බලලුවැව ප්‍රදේශයේ පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්‌ථානයේ සේවය හමාරවී එදින රාත්‍රි 10.00 ට පමණ සිය බිරිඳ සමග බලලුවැවේ දිය නාමින් සිටියදී බීමත්ව ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් තිදෙනෙක්‌ වෛද්‍යවරයාට පහරදී මුදල් හා ඔහුගේ බිරිඳගේ රන්මාලය කොල්ලකා පලාගොස්‌ තිබිණි. මේ අනුව සිද්ධියට සම්බන්ධ අනෙක්‌ සැකකරු අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


    - http://www.divaina.com/2016/02/22/news12.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    හිටපු යුද සෙබළා කපා කොටා මරා දැමුවැයි හමුදා සෙබළා අල්ලන්න පරීක්‍ෂණ

    ගලේවෙල - මොහොමඩ් බුහාර්ඩීන්

    ගල්කිරියාගම බුදුගේහින්න ප්‍රදේශයේදී කුඹුරට යමින් සිටි හිටපු යුද හමුදා සෙබළෙකු නන්චක්‌කුවකින් හා තියුණු ආයුද වලින් පහරදී ඝාතනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සේවයේ නියුතු සෙබළෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.

    පෙරේදා (16 වැනිදා) රාත්‍රී නවයයි තිහට පමණ මෙම ඝාතනය සිදුව ඇත. මෙලෙස ඝාතනයට ලක්‌වී ඇත්තේ නිමල් ප්‍රේමතිලක නමැති 45 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

    ඝාතනයට ලක්‌වූ අය රාත්‍රියේ සිට කුඹුරට යතුරුපැදියකින් යමින් සිටියදී අටේඇළ ප්‍රදේශයේදී මග හරස්‌ කළ සැකකරු මෙලෙස නන්චක්‌කුවකින් පහරදී පසුව තියුණු ආයුධයකින් කපා කොටා පලාගොස්‌ ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ හිටපු සෙබළා ආඬියාගල දිසා රෝහලට ඇතුළත් කරන විටද මියගොස්‌ සිටි බව ගල්කිරියාගම පොලිසිය කරන ලද මූලික විමර්ශන වලදී හෙළිවී ඇත.

    ඝාතකයා යෑයි සැක කෙරෙන 35 හැවිරිදි යුද හමුදාවේ සේවයේ නියුතු සෙබළා සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක්‌ ආරම්භ කර ඇතැයි ගල්කිරියාගම පොලිසියේ උසස්‌ නිලධාරියෙකු සඳහන් කළේය.

    ඝාතනයට ලක්‌වූ අයගේ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (17 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබිණි.

    ගල්කිරියාගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඩබ්. සී. පෙරේරා මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


    - http://www.divaina.com/2016/02/18/provin06.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    විදෙස්‌ කතට අතවර කළ හමුදා සෙබළා රක්‌ෂිතයට

    කල්මුණේ - ආර්. ශ්‍රීවේල්රාජා

    පාසිකුඩා මුහුදු වෙරළේ දිය නාමින් සිටි විදේශික කාන්තාවකට අතවර සිදුකළා යෑයි සැක පිට හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පූනානි යුද හමුදා කඳවුරේ සේවය කරන හමුදා සෙබළ රාජමන්ත්‍රීලාගේ සංජීව පුෂ්පකුමාර යන අයෙකි.

    පසුගිය දිනක විදේශික කාන්තාවක්‌ (ප්‍රංශ ජාතික) පාසිකුඩා මුහුදේ දිය නාමින් සිටින විට අදාළ සෙබළාද එහි පැමිණ ඇයට අතවර කළ බවට ඇය විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම සෙබළා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සෙබළා වාකරේ සංචාරක උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්‌ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


    - http://www.divaina.com/2015/08/17/provin04.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    බාලවයස්‌කාර දැරියට අතවර කළ හමුදා සෙබළා දැලේ

    අනුබල දුන් මවත් අත්අඩංගුවට


    ගලේවෙල විශේෂ

    16 හැවිරිදි බාල වයස්‌කාර දැරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇය සමඟ අඹුසැමියන් ලෙස හැසිරුණ යුද හමුදා සෙබළකු හා ඊට අනුබල දුන් ඔහුගේ මව සැකපිට පොලිස්‌ අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි. මාස තුනක්‌ තිස්‌සේ ජංගම දුරකථන මාර්ගයෙන් දැන හඳුනාගෙන මෙම ප්‍රේම සම්බන්ධය ඇතිකර ගත් බව දැරිය පොලිසියට පවසා ඇත.

    පසුගිය දිනක සැකකරු දැරියගේ මවුපියන් නොසිටි අවස්‌ථාවක ඇගේ නිවසට ගොස්‌ දැරියට අතවර කර ඇති බව වාර්තාවේ. අනතුරුව සැකකරු මෙම දැරිය ඌව පරණගම සිය නිවසට රැගෙන ගොස්‌ අඹු සැමියන් ලෙස කල්ගෙවූ බව දැරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

    අනතුරුව සැකකරු දැරියගේ මවුපියන් පදිංචිව සිටින දිවුල්ගස්‌කොටුව ප්‍රදේශයේ නිවසට ගොස්‌ ඇය බාර දී ඇත. තමන් විවාහ කර ගන්නා ලෙසට සැකකරුගෙන් කළ ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කිරීම නිසා දැරිය පොලිසියට සිද්ධිය ගැන පැමිණිලි කර ඇති බව වාර්තාවේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර 21 හැවිරිදි හමුදා සෙබළා හා මව පසුගිය 7 වැනිදා දඹුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරික්‍ෂක කේ. ඊ. නලින් දිල්රුක්‌ මහතාගේ උපදෙස්‌ පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස්‌ පරීක්‍ෂිකා ශානිකා රණසිංහ මහත්මිය පරීක්‍ෂණ පවත්වයි.


    - http://www.divaina.com/2015/07/09/news40.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    සේවය අත්හිටවූ හමුදා සෙබළා එක්‌දරු මවගේ හිසට පහරදී සිහිසුන් වූ පසු අතවර කරලා

    අනුරාධපුර විශේෂ - පර්සිකරුනේරු

    මහවිලච්චිය අශෝක මාලාගම ප්‍රදේශයේදී පෙරේදා (24) දවල් තිස්‌ එක්‌ හැවිරිදි එක්‌දරු මවකගේ හිසට පොල්ලකින් පහරදීම නිසා සිහිසුන්ව බිම ඇද වැටුණු පසු ඇයව වෙල්යායකට ඔසවා ගෙන ගොස්‌ බරපතළ ලෙස අතවර කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සෙබළෙකු මහවිලච්චිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකාර හමුදා සෙබළා මහවිලච්චිය මන්නාරම් හන්දිය යාය 05 ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු විසි හතර හැවිරිදි එක්‌දරු පියකු බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.

    අතවරයට ලක්‌වූ කාන්තාව අශෝකමාලාගම, පේමඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට තම දරුවා රැගෙන ඒමට පෙර පාසල වෙත පයින් ගමන් කරමින් සිටියදී ඇය පසුපසින් පාපැදියකින් පැමිණ ඇති සැකකරු තම පාපැදියට නගින ලෙසට ඇගෙන් ඉල්ලීමක්‌ කොට ඇත.

    ඇය එම ඉල්ලීමට අවනත නොවීම නිසා බැන වැදී තර්ජනය කොට ඇති සැකකරු ඉදිරියට ගොස්‌ පාපැදිය නවතා පොල්ලක්‌ රැගෙන ඇගේ හිසට පහරදී තිබේ.

    එම අවස්‌ථාවේ ඇය සිහිසුන්ව බිම ඇද වැටුණු පසු වෙල්යායට ඔසවා ගෙන ගොස්‌ අතවර කොට ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

    මෙම සැකකරු මිට පෙර අවස්‌ථාවකදීද යුද හමුදාවේ සේවය කරන අතරතුර මෙවැනිම සිද්ධියක්‌ සම්බන්ධයෙන් චෝදනා ලැබ අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක විත්තිකරුවකු බවත් මේ හේතුවෙන් ඔහුගේ සේවය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.

    ඔහු අතින් අපයෝජනය ලක්‌වූ කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීම සඳහා අනුරාධපුර ශික්‌ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකාර හිටපු හමුදා සෙබළා ඊයේ (25) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


    - http://www.divaina.com/2015/03/26/provin05.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    කාමරයට එබී දැරියකගේ පිංතූර ගත්සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට

    සැකකරු ළඟ නිරුවත් ඡායාරූප 600ක්‌ සහ ඇසැබි වීඩියෝ පට 800ක්‌ තිබිලා

    අනුරාධපුර පර්සි කුරුනේරු

    අනුරාධපුර තිරප්පනේ නගරයේ කඩවීදියේ නිවසක පාඩම් කරමින් සිටි දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ අතවරයට ලක්‌ කළ බව කියන තිස්‌හත් හැවිරිදි යුද හමුදා සෙබළකු පෙරේදා (28 දා) සවස තිරප්පනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    තිරප්පනේ ඇතුන්ගම, වන්නම්මඩුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන එම සෙබළා කොළඹ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන අයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

    පෙරේදා (28 දා) අලුයම් කාලයේ සැකකාර සෙබළා සේවයට වාර්තා කිරීමට යැමට නිවසේ සිට යතුරුපැදියකින් පැමිණ වෙනදා මෙන් සුපුරුදු ලෙස එය ශිෂ්‍යාවගේ නිවසේ නතර කර යැමට ගොස්‌ ඇත.

    එම අවස්‌ථාවේ වින්දිත ශිෂ්‍යාව නිවසේ ඉදිරිපස ඉටි රෙදිවලින් තාවකාලිකව ජනේලය ආවරණය කරන ලද කාමරයකට වී පාඩම් කරමින් සිටියදී සැකකාර සෙබළා ජනේලය දෙසට විදුලි පන්දමක්‌ දල්වා ඇයට උසුළු විසුළු කොට ඇත.

    ඉන් බියට පත් ශිෂ්‍යාව කෑගසා සිය දෙමාපියන් නින්දෙන් අවදි කොට මේ බව දැනුම්දී ඇත.

    ඇගේ දෙමව්පියන් විසින් මේ පිළිබඳව සොයා බැලීමේදී සේවයට වාර්තා කිරීමට යන අතරතුර තම නිවසේ යතුරුපැදිය නවතා යන සෙබළකු විසින් ජනේලය දෙසට විදුලිපන්දම දල්වා ඇති බව දැන ගෙන ඇත.

    එම සෙබළා විසින් මීට පෙර අවස්‌ථාවකද ජංගම දුරකථනයක අංකයක්‌ සඳහන් කළ පරිගණකයකින් මුද්‍රණය කරන ලද ලිපියක්‌ ජනේලයෙන් ශිෂ්‍යාවගේ කාමරය තුළට දමා ඇති අතර එහි සඳහන් දුරකථන අංකයට තමාට ඇමතුමක්‌ ලබාගන්නා ලෙසත්, එසේ නොකළහොත් තමා සතුව ඇති වීඩියෝ කරන ලද ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවටත් තර්ජනය කොට තිබිණි.

    අනතුරුව මේ පිළිබඳව එම ශිෂ්‍යාවගේ දෙමව්පියන් විසින් පෙරේදා (28 දා) පෙරවරුවේ තිරප්පනේ පොලිසිය වෙත පැමිණිලි කොට ඇත.

    පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ඔහුට අයත් ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී එම ශිෂ්‍යාව කාමරයේ නිදා සිටියදී ජනේලයෙන් රහසිගතව වීඩියෝ කළ දර්ශන හා වෙනත් නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළු ඡායාරූප 600 කට වැඩි සංඛ්‍යාවක්‌ද පරිගණක පෙන්ඩ්‍රයිව් එකක අඩංගුව තිබූ නිරුවත් දර්ශන ඇතුළත් චිත්‍රපට 800 කට වැඩි සංඛ්‍යාවක්‌ද තිබී සොයා ගෙන ඇත.

    සැකකාර සෙබළා තිරප්පනේ පොලිසිය විසින් අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 7 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

    මේ සම්බන්ධයෙන් තිරප්පනේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සනත් පිංෙC¹a මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


    - http://www.divaina.com/2015/09/30/provin04.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    පෙම් සටනින් පරාජය වූ හමුදා සෙබළා පෙමෙන් ජයගත් තරුණයාගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කරලා

    මීගමුව සමූහ - විමල් කීර්ති

    එකම තරුණියකගේ හද දිනා ගැනීම සඳහා තරුණයකු හා කළ පෙම් සටනින් පරාජයට පත්වූ යුදහමුදා සෙබළකු තරුණියගේ හිත දිනාගත් තරුණයාගේ නිවසට ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාර එල්ල කොට පලා යැමේ සිද්ධියක්‌ මීගමුව පොලිස්‌ වසමට අයත් දෙමන්හංදිය කටියල ගම්මානයෙන් වාර්තාවේ.

    යතුරුපැදියකින් තවත් අයකු සමග පැමිණ බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලාගිය හමුදා සෙබළා සහ ඊට සහාය වූ සැකකරු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය පුළුල් විමර්ශන අරඹා ඇත.

    එම සිද්ධිය සැකවින් මෙසේය. අදාළ රූමත් තරුණිය දෙමන්හන්දිය කටියල සේනානායක ජනපදයේ පදිංචිකාරියකි. එම ගමේ තවත් තරුණයකු සහ මෙම සිද්ධියට අදාළ සැකකාර යුධ හමුදා සෙබළා එම තරුණිය සමග ප්‍රේමසබඳතාවක්‌ ගොඩනගා ගැනීමට දැඩි ලෙස කැපවීමෙන් කටයුතු කර ඇත.

    එහෙත් තරුණියගේ සිත දිනා ගෙන ඇත්තේ හමුදා සෙබළා නොව අනිත් තරුණයාය. මෙම තත්aත්වය සමග හමුදා සෙබළාගේ සිතේ ඇතිවූ ආදරය වෛරයක්‌ බවට පත්විය. එම තරුණයා මෙලොවින් තුරන් කිරීමේ අරමුණෙන් හමුදා සෙබළා මෙම සිද්ධියට අදාළ තරුණයා සිය මිතුරන් සමග නිවසේ කථා බහේ යෙදී සිටියදී ග්‍රෙනේඩ් බෝම්බය ගසා ඇත.

    එහෙත් තරුණයාගේ වාසනාවකට මෙන් එම බෝම්බය නිවස තුළට පතිත වීමට පෙර නිවස අසල තිබූ අඹගසක වැදී ඉවතට විසිවී ඇත. ඒ සමගම එය හෙණ හඬක්‌ නගමින් පුපුරාගිය අතර ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරය එල්ල කළ හමුදා සෙබළා තම සගයා සමග යතුරුපැදියේ නැගී වහා අතුරුදන්වී ඇත. බෝම්බය ඉවතට විසිවී පුපුරා ගිය නිසා කිසිවකුට හානි සිදුවී නොමැත. මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ගාමිණි හල්ලව මහතාගේ අධීක්‍ෂණය මත එහි අපරාධ විමර්ශන අංශයේ උපපොලිස්‌ පරීක්‍ෂක රාජපක්‍ෂ මහතා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වයි.


    - http://www.divaina.com/2014/04/23/news21.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    හිටපු හමුදා සෙබළා අවුරුදු දෙකේ දරුවකුට කොහු මිටෙන් ගසා මරා දමලා



    හෝමාගම - ජයසේන හත්වැල්ල, අතුරුගිරිය - සේන පෙරේරා, ඔරුවල-ශානිකා එදිරිසිංහ,
    බත්තරමුල්ල-ඇන්ටන් කුරුකුලසූරිය

    තම අනියම් බිරියගේ අවුරුදු 1යි මාස 10ක් පමණ වන පිරිමි දරුවා මරා එම මළ සිරුර හෝමාගම මීගොඩ ඕවිටිගම නාගහවත්තේ වෙලක් අසල වළලා දැමූ යුද හමුදාවේ හිටපු
    සෙබළකු හා ඔහුගේ අනියම් බිරිය බව කියන මහියංගණ ප්‍රදේශයේ කාන්තාවක අතුරුගිරිය පොලිසියෙන් පෙරේදා (12දා) අත්අඩංගුවට ගෙන තිබේ.

    මීට මාසයකට පමණ පෙර සැකකාර අනියම් සැමියා අදාළ කාන්තාව සිටි බෝඩිමට පැමිණ ඇති අතර කුඩා දරුවා සෙල්ලම් කරමින් තිබූ කුඩා සෙල්ලම් බඩුව සැකකරු විසින් අතට ගෙන නැවත දරුවාට දී තිබේ.
    එලෙස දෙන අවස්ථාවේ දරුවාගේ නියපොතු වැදී සැකකරුගේ අත සීරී ඇති අතර ඉන් කෝපයට පත් සැකකරු කොසු මිටකින් දරුවාගේ ගෙලට සහ බඩට පහරදී මරා දමා ඇතැයි දරුවාගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයේ සඳහන් වෙයි.


    අනතුරුව දරුවාගේ සිරුර සැකකාර සෙබළාගේ නිවෙසට නුදුරුව වෙලක් අසල වළලා දමා ඇති අතර ඉන් පසුව එම කාන්තාව මහියංගණයේ පදිංචි තම විවාහක සැමියාගේ නිවෙසට ගොස් ඇත. එහිදී ඇයගේ විවාහක ස්වාමිපුරුෂයා විසින් දරුවා පිළිබඳව කළ විමසීමකදී අතක් වැදී දරුවා මියගිය බවද ඉන් පසු වළලා දැමූ බවද පැවැසීම නිසා නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මේ සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
    මේ පිළිබඳව අතුරුගිරිය පොලිසිය මඟින් ඊයේ (13දා) පෙරවරුවේ හෝමාගම අධිකරණයට දැන්වීමෙන් පසුව එම මළ සිරුර හෝමාගම මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංග දිසානායක මහතා ඉදිරියේ ඊයේ (13දා) දහවල් ගොඩගන්නා ලදී.


    - http://mawbima.lk/86-111693-news-detail.html
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ARMY eke inna hama ekaama "Rana viruwo" newe kiyala. 100%k true. :P
    mokada gon bayyo hithan inne ARMY eke inna hama ekaama rana viruwo kiyala. :rofl:
    ඕක කියන්නද උඹ මේ ඔක්කොම ටික මෙතන දැම්මේ :baffled: ටෝයියෝ එහෙම නෙවේද හිතන් ඉන්නෙ :oo:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    බිරියට වෙඩි තැබීයැයි කර්නල් අත්අඩංගුවට

    තම බිරියට අතුරුගිරියේ නිවසේ දී වෙඩි තබා තුවාල කළැයි කියන හමුදා ලුතිනල් කර්නල් ප්‍රදීප් කුමාර නෙත්තසිංහ අතුරුගිරිය පොලිසියෙන් අද (30) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

    බිරියට වෙඩි තැබූ බව කියන අවිය සොයන බව පොලිසිය කියයි


    - http://www.lankadeepa.lk/index.php/articles/452366
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    බිරිඳට වෙඩි තැබූ පිස්‌තෝලය දියවන්නාවේ සැකකාර කර්නල් අත්අඩංගුවට

    lead1.jpg



    හේමන්ත රන්දුණු, සරත් ද සිල්වා සහ පියදාස රණසිංහ

    මාලබේ පිට්‌ටුගල ඉසුරුපුරදී තිදරු මවට වෙඩි තබා ඇත්තේ යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු වන ඇගේ සැමියා විසින් බව හෙළිකර ගත් අතුරුගිරිය පොලිසිය සැකකාර ලුතිනන් කර්නල්වරයා ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම වෙඩි තැබීම සඳහා සැකකරු පාවිච්චි කරන ලද පිස්‌තෝaලය දියවන්නා ඔයට විසිකර තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ.

    මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ පවුල් ආරවුලක්‌ මත බව පරීක්‌ෂණවලින් හෙළි වී ඇත. වෙඩි ප්‍රහාරයට ලක්‌වූ 43 හැවිරිදි නයනා ප්‍රනාන්දු මහත්මිය අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    ඉකුත් 27 වැනිදා රාත්‍රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇත. නයනා ප්‍රනාන්දු මහත්මිය සහ ඇගේ සැමියා අතර කාලයක පටන් ආරවුල් පැවැති බවද පොලිසිය පවසයි.

    පසුව බිරිඳ සිය සැමියාගෙන් වෙන්වීම සඳහා නීතිමය කටයුතු සිදුකර ඇති අතර ඇය සිය දරු තිදෙනාද සමග මාලබේ පිට්‌ටුගල පිහිටි දෙමහල් නිවසේ පදිංචිව සිට ඇත.

    ඉකුත් 27 වැනිදා රාත්‍රී එම නිවසට ඇතුළු වී ඇති යුද හමුදා ලුතිනන් කර්නල්වරයා නිදාගැනීමට සූදානම් වෙමින් සිටි සිය බිරිඳට වෙඩි තබා පලාගිය බව පරීකAෂණවලින් අනාවරණය වී ඇත.

    සැකකාර ලුතිනන් කර්නල්වරයා සිය රියෑදුරු සහ සහායක සමග මෝටර් රථයෙන් පැමිණ වෙඩි තැබීම සිදුකර පලාගිය බවද අනාවරණය වී තිබිණි.

    ලුතිනන් කර්නල්වරයා සමඟ පැමිණි ඔහුගේ රියෑදුරු සහ සහායකයා පොලිස්‌ භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම වෙඩි තැබීම පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

    නයනා ප්‍රනාන්දු මහත්මිය සිය සැමියාගෙන් වෙන්වීම සඳහා විශාල වන්දි මුදලක්‌ ද ඉල්ලා ඇති අතර වෙඩි තැබීමට හේතු වී ඇත්තේ එම වන්දි මුදලට සම්බන්ධ ආරවුලක්‌ බවද හෙළිදරව් වී තිබේ.

    මෙහිදී ලුතිනන් කර්නල්වරයාගේ රියෑදුරු පොලිසිය හමුවේ මෙසේ සාක්‌ෂි ලබාදී ඇත.

    සර් මට ගෙදර ගිහින් එන්න යමු කීවා. රාජකාරි අවසන් වී හැන්දෑවේ අපි ඉසුරුපුර ගියා. මම වාහනයත් සමග එහි හත්වන පටුමග අසල හිටියා. නිකම් කම්මැලි නිසා එහාට මෙහාට ඇවිදිමින් සිටියා. ටික වේලාවකින් සර් ආවා. මං කාර් එක පැදවූවා. පසුව අපි පාර්ලිමේන්තුව දෙසට ගොස්‌ ජපන් මිත්‍රත්ව පාලම අසල නතර වුණා. සර් අත තිබූ පිස්‌තෝaලය එහිදී දියවන්නා ඔයට වීසි කළා. මට කාටවත් කියන්න එපා කීවා. ඒ බයටයි නොකීවේ.

    දින තුනක තුළ විමර්ශන පවත්වා සිද්ධියට සැක ලුතිනන් කර්නල්වරයා අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශය මගින් ඊයේ පෙරවරු 10.50 ට අත්අඩංගුවට ගෙන ඇත.

    සිද්ධියට අදාළ එම් එම් 9 වර්ගයේ පිස්‌තෝලය පාර්ලිමේන්තුව අසබඩ ජපන් මිත්‍රත්ව පාලම අසල දියවන්නා ඔයේ තිබියදී කොළඹ නාවික හමුදා මෙහෙයුම් කණ්‌ඩායම විසින් ඊයේ දහවල් ගොඩ ගන්නා ලදී.

    සැකකාර යුද හමුදා ලුතිනන් කර්නල්වරයා නෙළුම්පොකුණ හමුදා අනුඛණ්‌ඩයට අනුයුක්‌තව රාජකාරි කළ නිලධාරියෙකි. ඔහු ප්‍රශ්න කිරීම් වලින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

    බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත අතුරුගිරිය පොලිසිය පරීකAෂණ පවත්වයි.


    - http://www.divaina.com/2016/08/31/news01.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    හිස නැති කඳ ෆොටෝ ගැසූ නාවික සෙබළා අත්අඩංගුවට

    අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

    කහටගස්‌දිගිලිය බස්‌ නැවතුම්පළේදී දහහත් හැවිරිදි බාලවයස්‌කාර පාසල් සිසුවියකට හොරෙන් පෙරේදා (22 දා) ඇගේ හිසෙන් පහළ ශරීරයේ කඳ කොටසේ පමණක්‌ ඡායාරූප ලබාගත් බව කියන චෝදනාවක්‌ සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළකු කහටගස්‌දිගිලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එම සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය විසින් පොලිසියට කළ පැමිණිල්ලක්‌ මත සැකකරු පෙරේදා (22 දා) සවස කහටගස්‌දිගිලිය නගරයේ පිහිටි බස්‌ නැවතුම්පළේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    කහටගස්‌දිගිලිය, අඹගහවැව ප්‍රදේශයේ පදිංචි එම සිසුවිය පෞද්ගලික උපකාරක පංතියකට සහභාගිවීම සඳහා බස්‌ රථයක්‌ පැමිණෙන තුරු බස්‌නැවතුම්පළේ රැඳී සිටියදී සැකකරු ඇයට හොරෙන් ඇගේ ඡායාරූප ලබාගෙන ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

    මඩකලපුව, වෙන්නිලයිකර්නි ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක සේවයෙහි නියුතු සැකකරු කහටගස්‌දිගිලිය, රත්මල්ගහවැව ප්‍රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි වියේ පසුවන්නෙකි.

    ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුර මෙසේ එම සිසුවියගේ ඡායාරූප ලබාගෙන ඇත.

    මේ අනුව බාල වයස්‌කාර ගැහැනු ළමයෙකුට මානසික කම්පනයක්‌ ඇතිවන පරිදි රහසිගතව ඇගේ ඡායාරූප ගෙන අඩන්තේට්‌ටම් කිරීම යන චෝදනා යටතේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    වෙනත් තරුණියකගේ ඡායාරූපයක හිස කොටස සහ පැමිණිලිකාරියගේ කඳ කොටස එකට බද්ධකොට සම්පූර්ණ රුවක්‌ සකසා අන්තර්ජාලයේ මුහුණ පොතට හෝ වෙනත් සමාජ වෙබ් අඩවි හරහා සිසුවිය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ප්‍රචාරය කිරීමට සැකකරු උත්සාහ කළේද යන්න පිළිබඳව කහටගස්‌දිගිලිය පොලිසි යේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක බී. එම්. අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. සැකකරු ඊයේ (23 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


    - http://www.divaina.com/2016/09/24/news20.html
     

    Similar threads