රණවිරු ලෙයින් මවුබිම තෙත්වෙද්දී ආණ්ඩුව ජ
මේක ලේ රත් වෙන කතාවක්.
ලේ දුන්නට මොළේ දෙන්න බැරි මේ ආණ්ඩුව කළ අධම වැඩක් ගැන කතාවක්.
ඔබ ජීවිතයේ එක් වතාවක් හෝ ලේ බිඳක් පරිත්‍යාග කළ පුද්ගලයෙක් ද එසේත් නැතිනම් ජීවිතයේ එක් වතාවක දී හෝ ලේ බිඳක් ලබාගත් පුද්ගලයෙක් ද එසේනම් මේ කතාවෙන් ඔබේ ලේ හොඳටම රත්වනු ඇත.
ඔබ ලේ බිඳක් දන් දුන්නේ එය මහා පුණ්‍යකර්මයක් බවට වන ආගමික විශ්වාසය නිසා විය හැක. බුදුදහමේ ලේ දන්දීම උතුම් පාරමිතාවක් ලෙස දක්වා තිබේ. එනිසා සසර මඟ කෙටි කර ගන්නා අටියෙන් උතුම් පාරමිතා පුරනා අටියෙන් ඔබ ලේ බිඳක් දන් දුන්නා විය හැක. එසේත් නැතිනම් ජාතික අවශ්‍යතාවක දී ජාතියේ යුතුකමක් ලෙස ද ඔබ ලේ දන්දෙන්නට ඇත. පසුගිය කාලයේ රණවිරු ජීවිත බේරාගැනීම සඳහා බුරුතු පිටින් ගොසින් ලේ දුන්නේ ඒනිසා ය. ඒ අතරවාරයේ ළඟම ඥාතියෙක් හෝ මිත‍්‍රයෙක් රෝගී වූ විට ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිතය බේරාගැනීමේ අටියෙන් ද ඔබ ලේ දන්දෙන්නට ඇත. එහෙයින් ලේ බිඳක් දන්දෙන සෑම මොහොතක ම ඔබට තිබුණේ උතුම් අරමුණකි. පහන් හැඟීමකි. එසේ උතුම් අරමුණින් පහන් හැඟීමෙන් ඔබ ලබාදුන් ලේ දේශපේ‍්‍රමය ගැන තප්පුලන රටේ පාලකයෝ තම සාක්කු පුරවා ගැනීමට පිටරටට විකුණූ බව ඔබ දන්නවා ද...?
ප‍්‍රිය පාඨකය කෝප නොවන්න. ඉවසීමෙන් මේ ටිකත් කියවන්න. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලේ ගැන දක්වන්නේ ගෞරවනීය හැඟීමකි. ලේ කිරි වන බව අප පවසන්නේ එනිසා ය. ලෙයට ලෙයක් උණුවන බව කියන්නේ එනිසාය. ලේ පිළිබඳ වන ගෞරවනීය බව ලෝකය පුරාම එකසේ පිළිගනී.
Blood is thicker than water කියා සුද්දා කිව්වේ එනිසා ය. වතුරට වඩා රුධිරය ඝනකම් යැයි අපි සිංහලෙන් කියන්නේ එනිසා ය. ලේ පිළිබඳ වන මේ උතුම් හැඟීම නිසා ම වතුර විකුණුවත් අපි ලේ කිසිදිනක විකුණන්නේ නැත. එය නීතියෙන් පවා පිළිගත්තකි. රෝගී වී රෝහල්ගත වන ඔබට ලේ අවශ්‍ය නම් එය ලබාදෙන්නේ නොමිලේ ය. එයට කෘතගුණ සැලකීමක් ලෙස ඔබේ ඥාතියෙක් රෝහලට ලේ පරිත්‍යාග කරනු විනා මුදල් ගෙවන්නේ නැත. පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන රෝගියකුට යම් විටෙක ලේ අවශ්‍ය වන්නේ නම් එය ලබා ගත යුත්තේ ළඟම පිහිටි රජයේ රෝහලෙනි. එහිදී පෞද්ගලික රෝහල රජයේ රෝහලෙන් ලබාගන්නා උපකරණවලට පමණක් මුදල් ගෙවන මුත් ලේ සඳහා කිසිවිටෙක මුදල් නොගෙවයි. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලේ සඳහා මෙපමණ ගෞරවණියත්වයක් දක්වන නිසාවෙන් ලේ ලබාගැනීම, ‘ගබඩා කිරීම හා අවශ්‍ය රෝහල්වෙත බෙදා හැරීමේ පූර්ණ වගකීම දරන්නේ රජය විසිනි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ වෙනමම ආයතනයක් ද පිහිටුවා තිබේ. ඒ "ජාතික රුධිර මධ්‍යස්ථානය"යි. ලේ බැංකුව කියා අපි කවුරුත් හඳුන්වන්නේ ද එයමය.
ප‍්‍රිය පාඨකය දැන් අපි ලේ බැංකුවේ තැන්පත් කළ අපේ රුධිරය පිටරටට විකුණූ ආණ්ඩුවේ තුච්ඡ, අමන, ජඩ, පජාති, පාහර වෙනත් ඕනෑම කුණුහරුපයකින් හැඳින්විය හැකි වංචාව වෙත යොමු වෙමු.

Last edited: