රණ්ඩු අතරේ මේ දේවල් 04 කිව්වොත් කසාදේ අමාරු
කසාද බැඳලා පවුල් ජීවිතයක් ගතකරන දෙන්නෙක් අතරේ පුංචි පහේ රණ්ඩුවක් නොවුණොත් ඒක පුදුමයක්.මොකද මේ වගේ පුංචි පුංචි රණ්ඩු නිසා එක පැත්තකින් නීරස ඒකාකාරී ජීවන රටාවට විරාමයක් ලැබෙනවා. අනිත් පැත්තෙන් දෙන්නා දෙන්නා ගැන හොඳ අවබෝධයක් ලබන්නත් මේ වගේ රණ්ඩු හේතු වෙනවා, ඒත් මේ රණ්ඩු දුර දිග ගිහින් බරපතල පවුල් ආරවුල් එහෙමත් ඇති නොවෙනවාම නෙවෙයි. ඒකනම් තනිකරම දෙන්නගේ අනවබෝධය සහ ඉවසීමක් නැතිකම එක්ක සිද්ධවෙන්න පුළුවන් දෙයක්.
ඒත් දෙන්නෙක් එක වහළක් යට සුන්දර පවුල් ජීවිතයක් ගතකරද්දි දෙන්නා අතරේ මාතෘකාවක් බවට පත්වෙලා කතාබහ නොකළ යුතු හෝ පුංචි පුංචි රණ්ඩුවක් අතරේ පවා මතුවෙන එක වළක්වන්නම ඕන කාරණා කීපයක් තියනවා. ඒක ලස්සන පවුල් ජීවිතයක් බලාපොරොත්තුවෙන ඕනම කෙනෙක්ට වැඩදගත් වේවි.
"ඇයි ඔයා මේ තරම් ආත්මාර්ථකාමී"
රණ්ඩුවක් අතරේ නම් මේ වචන ටික නොකියා ඉන්න තරමට හොඳයි. සමහරවිට විවිධ හේතු නිසා සම්බන්ධයක් ඇතුලේ ඔබට දැනෙන්න පුළුවන් ඔබේ සහකරුවා හෝ සහකාරිය ආත්මාර්ථකාමී විදිහට ඔහු හෝ ඇය ගැන විතරක් හිතලා වැඩකරනවා කියලා. ඒත් මේක ඔබේ හිතලුවක් විතරක් නම් මෙහෙම දෙයක් ප්‍රකාශ කරන එක බරපතල ගැටළුවක් සහ ඒක අනිත් කෙනාට බොහොම තදින් දැනෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා සාධාරණ හේතුවක් නැතිව මේ වචන ටික කියන්නම එපා. එහෙම සාධාරණ හේතු තියනවනම් මේ වගේ දෙයක් හිතන්න වඩා හොඳම දේ සන්සුන්ව යහපත් මානසික තත්වයකින් ඉන්න වෙලාවක මේ ගැන කතාකරන එක.
සමහර වෙලාවට ඔයට ආත්මාර්ථකාමී විදිහට දැනුනට ඔබට නොදැනෙන්න ඔහු හෝ ඇය ඔබ වෙනුවෙන් බොහෝ දේවල් කරන වෙහෙසෙනවා වෙන්නත් පුළුවන්. එහෙම තැනකදි මේ වචනවලින් කැඩෙන්නේ හිත විතරක්ම නෙවෙයි.
"ඔයාව බැඳපු එක තමයි කරපු ලොකුම වැරැද්ද"
මෙහෙම හිතෙන වාර අනන්ත වෙන්න පුළුවන්. ඔබ ඉවසීම අඩු කෙනෙක්නම් බොහොම පුංචි වෙනස්කමකට, වැරැද්දකට වුණත් මේ සිතිවිල්ල හිතෙන්න පුළුවන්. ඒත් රණ්ඩුවක් අතරේ මේ කතාව කවදාවත්ම කියන්න එපා. විවාහය කියන්නේ දෙන්නා ඉතාම හොඳින් සහ නිදහසේ හිතලා ගන්න තීරණයක්. එහෙම තීරණයක් අරගෙන එක වහළක් යටට ඇවිත් අන්තිමේදි ඒක ලොකුම වැරැද්දක් කියලා කියන එක තරම් විවාහයකට කරන්න පුළුවන් අපහාසයක් නැති තරම්. ඒ නිසා මේ වචන ටික ඔබේ විවාහ ජීවිත කාලයේ කිසි දවසක නොකියන්න වග බලාගන්න, ඒ වගේම කවදාවත් මේ විදිහට නොදැනෙන්න ජීවත්වෙන්නත් උත්සහ කරන්න.
ඔබේ සහකරු හෝ සහකාරිය කවදාවත්ම කැමති නෑ ඔබගේ ජීවිතයේ ලොකුම වැරැද්දට සම්බන්ධවෙලා ඔබට අසාධාරණයක් හානියක් කරන්න. ඒ නිසා මේ වචන ටික අවබෝධයෙන් පැත්තකින් තියාගන්න එක වඩා හොඳයි.
"මගේ රස්සාව තමයි වඩා වැදගත්"
විවාහයත් රස්සාවත් පටලවාගෙන ජීවිතෙයි රස්සාවයි දෙකම අවුල්කරගන්න අය ඕන තරම්. ඒ නිසා රැකියාව සහ විවාහය අතරේ ගැටුමක් නොවී යහපත් විදිහට කළමණාකරණය කරගන්න නම් ඔබට හොඳ අවබෝධයක් වගේම හැකියාවක් තියෙන්නත් ඕන. කිසිම වෙලාවක රස්සාව ලොකු කරගෙන ඔබගේ විවාහයට, නිවසට ඔබේ තිබෙන බැඳියාව, ආදරය, ගෞරවය හෝ වැය කරන කාලය අඩුකරන්න එපා. ඒ වගේම ඔබේ පවුල් ප්‍රශ්න නිසා රස්සාවට හානියක් කරන්නත් එපා. මේ දෙකම හොඳට කරගෙන යන්න ඔබේ සහකරුට සහ සහකාරියට ඔබේ රස්සාව ගැන එහි වගකීම් ගැන වගේම එහි වැදගත්කම ගැන හොඳ අවබෝධයක් අවශ්‍යම කරනවා.
රස්සාව ඔබේ ආර්ථික ශක්තිය බවත්, රැකියාව නිසා ඔබ තෘප්තිමත් වන බවත් රැකියා ස්ථානයේ පිරිස ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ හිතවතුන් බවටත් පත්කරගන්න පුළුවන්නම් බොහොමයක් ප්‍රශ්න අඩුවෙනවා. ඒත් මේවා කරන්න බැරිවුණාම ඔබේ රස්සාව ගැන ඔබේ සහකරුට හෝ සහකාරියට නිසි අවබෝධයක් නැතිවුණා සිදුවෙන ගැටළු අතරේ තමයි රස්සාව වඩා වැදගත් කියන වචන ටික පිටවෙන්නේ. ඒ වචන පිට නොවෙන්න නම් ඔබට හොඳ අවබෝධයකින් වැඩ කරන්න වෙනවා.
"මට ඔයාගේ අම්මා පේන්න බෑ"
විවාහ වෙලා මව්පියෝ එක්ක ජීවත් වෙද්දි, එහෙමත් නැත්නම් ඔබේ ජීවිතේ ඇතැම් දේවල්වලට අම්මා තාත්තා සම්බන්ධවෙද්දි මේ ප්‍රකාශය පිටවෙන්න තියන ඉඩකඩ වැඩියි. මොකද ස්වාධීන ජීවිතයක් අපේක්ෂාවෙන් විවාහ වෙන දෙන්නේක්ගේ නිදහසට, තිරණවලට දෙමව්පියෝ අනවශ්‍ය විදිහට මැදිහත්වෙන්න ගියාම කෙනෙක්ට ඒක වදයක්, හිරිහැරයක් වෙන්න පුළුවන්. එහෙම තැනකදි මේ වගේ ප්‍රකාශයක් පිටවෙන්න පුළුවන්. හොඳම දේ තමයි හැකිනම් විවාහයෙන් පස්සේ ස්වාධීනව ජීවත්වෙන එක, දෙමව්පියන්ට ඔබේ තීරණවලට ජීවිතයේ නිදහසට අනවශ්‍ය විදිහට මැදිහත්වෙන්න ඉඩ නොදීම. එතනදි ඔබේ සහකරුට හෝ සහකාරියට ඔබේ දෙමව්පියන් පේන්න බැරි සාධකයක් වෙන එකක් නෑ.
අනිත් එක දෙමව්පියන් පවා මේ ගැන හිතලා වැඩකරන්න ඕන. අනවශ්‍ය විදිහට තමන්ගේ දුවගේ පුතාගේ පවුල් ජීවිතවලට මැදිහත් වෙන්න, ඔවුන්ගේ නිදහසට බාධා කරන්න, ඔවුන්ට බරක් හිසරදයක් නොවෙන්න සැලසුම්සහගතව සහ වගකීමෙන් කටයුතු කරන්න ඕන. එහෙම වුනොත් විතරයි විවාහ ජීවිතයක් ඇතුලේ සතුට සැනසුම ආරක්ෂා වෙන්නේ.
උපුටා ගැනීම https://her.lk/sex-and-relationship/1050-hurtful-things-married-couple-should-not-talk

මට සමහර වෙලාවට හිතාගන්න බෑ අම්ම කෙනෙක්ට එහෙම පුලුවන්ද කියල.