ඉන්ධන ගෑස් හිගයට විසදුම මා සතුයි.. රනිල්ටත් බැරිවුනාම මං වැඩ පටන් ගන්නවා..- රතන හිමි
අද වන විට මෙරට මුහුණ දෙන ඉන්ධන සහ ගෑස් හිගයට පිළිතුරක් තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටිති.
එම ගැටළුවට මාස තුනක් ඇතුළත පිළිතුරු ලබාදිය හැකි බවද උන්වහන්සේ සඳහන් කරති.
එමෙන්ම ශ්‍රී ලංකාව ඉදිරියේදී පැන නැගීමට නියමිත ආහාර අර්බුදයට ජනතාව ගලවාගෙන ආහාර සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකි බවද පැවසූ උන්වහන්සේ පෙන්වා දෙති.
නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එවන් සැලසුමක් හෝ වැඩපිළිවෙළක් ඇත්දැයි කිව කිව හැක්කේ තව ටික දවසකින් බවත් වික්‍රමසිංහ මහතාට ද එය නොහැකි වූ පසු තම වැඩ කටයුත්ත ආරම්භ කිරීමට සූදානම් බව ද උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රතන හිමියන් මෙම අදහස් පල කරන ලදී
Source

