රත්තරංගේ වැඩ ගැන ජනපති කෝපයෙන් ....

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් සිදුකරන අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.

    වරාය සේවකයින්ට නොමිලේ ලබාදෙන බත් පැකට්ටුව මෙතෙක් කඩදාසියකින් ඔතා පොලිතීන් මල්ලක බහා ඇසුරුම් කෙරුණු අතර එය සෞඛ්‍යාරක්ෂිත නොවන බව පවසමින් අමාත්‍යවරයා විසින් ඒ සඳහා පෙට්ටියක් සහිත ඇසුරුමක් හඳුන්වා දී තිබේ. ඒ හරහා වරායේ බත් පැකට්ටුවක වියදම රුපියල් 120කින් ඉහළ ගොස් ඇත. වරාය සේවකයින්ට ලබාදෙන බනිස් ගෙඩියෙන් පවා රුපියල් 12ක කොමිස් මුදලක් අමාත්‍යවරයාට යන බවයි වරාය සේවකයින් පවසන්නේ.



    වරාය සේවකයින්ගේ මාසික ආහාර වියදම රුපියල් මිලියන 39කට පමණ සීමා කරගත හැකි වුවත් මේ වනවිට එය රුපියල් මිලියන 100ක් තරම් ඉහළට ගොස් ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

    මේ සියල්ල අතරේ රෝහිත අබේගුණවර්ධන මහතාට අයත් හෝටල් සංඛ්‍යාවත් මේ වනවිට 12ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් කියැවේ.

    මේ තත්වය ඇතුළු තවත් අක්‍රමිකතා රාශියක් පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් පසුගිය කාලසීමාව තුළ ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

    ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සභාපති, හිටපු හමුදාපති දයා රත්නායක මහතා අමතමින් ප්‍රකාශ කර ඇත්තේ වහාම මේවා පිළිබඳ සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. වරාය අධිකාරියෙහි සභාපතිවරයා වශයෙන් වරායෙහි කටයුතු පිළිබඳ බලය පැවරී ඇත්තේ දයා රත්නායක මහතාට බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාට අවශ්‍ය අවශ්‍ය ආකාරයට වැඩ කරන්නට ඉඩ නොදෙන ලෙසත් අමාත්‍යවරයා යම් බලපෑමක් කරන්නේ නම් වහාම තමන්ට දැනුම් දෙන ලෙසත් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,276
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1614127460812.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මූනම් මහ ජෝකර් කෙනෙක් බන්.. දයා රත්නායකට කියලා හරියනවද? අක්‍රමිකතා උනානම් ඌව ගෙදර යවන්න එපැයි..

    මොන ගොනෙක්ද මූ.. 69ලක්සේ හූ


    hari ban Americawe shed eke thel gahapu ekekgen wena monawada uba balaporoththu wenne kiypanko????
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    hari ban Americawe shed eke thel gahapu ekekgen wena monawada uba balaporoththu wenne kiypanko????
    සිරාවට.. ෆොන්සේකා මුන් වගේ මැටි මෝල්ලු එක්ක යුද්දේ කලාට ෆොන්සේකට වෙනම රෑන්ක් එකක් දෙන්න ඕන..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,651
    21,270
    113
    අමාත්‍යවරයා විසින් ඒ සඳහා පෙට්ටියක් සහිත ඇසුරුමක් හඳුන්වා දී තිබේ. ඒ හරහා වරායේ බත් පැකට්ටුවක වියදම රුපියල් 120කින් ඉහළ ගොස් ඇත

    what? per rice packet 120 wadi wela?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බොරුවනේ.... මීඩියා ශෝ එක තමා.

    මීඩියාවලට පේන්න කියනවා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: බයියෝචූන් වෙනවා ..දවස්තුනෙන් ඕක අමතක වෙනවා