රත්තරංගේ වැඩ ගැන ජනපති කෝපයෙන් ....

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් වැඩබැරි සේන ගියාට ප්ස්සෙ උඹලා කොයි රාජපක්ෂවද ගේන්න හිතාගෙන ඉන්නෙ තැරි දාර සැමන් පොල් බයියනි?
     

    Sukiri Batilla

    Junior member
  • Dec 10, 2020
    94
    62
    18
    වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් සිදුකරන අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.

    වරාය සේවකයින්ට නොමිලේ ලබාදෙන බත් පැකට්ටුව මෙතෙක් කඩදාසියකින් ඔතා පොලිතීන් මල්ලක බහා ඇසුරුම් කෙරුණු අතර එය සෞඛ්‍යාරක්ෂිත නොවන බව පවසමින් අමාත්‍යවරයා විසින් ඒ සඳහා පෙට්ටියක් සහිත ඇසුරුමක් හඳුන්වා දී තිබේ. ඒ හරහා වරායේ බත් පැකට්ටුවක වියදම රුපියල් 120කින් ඉහළ ගොස් ඇත. වරාය සේවකයින්ට ලබාදෙන බනිස් ගෙඩියෙන් පවා රුපියල් 12ක කොමිස් මුදලක් අමාත්‍යවරයාට යන බවයි වරාය සේවකයින් පවසන්නේ.



    වරාය සේවකයින්ගේ මාසික ආහාර වියදම රුපියල් මිලියන 39කට පමණ සීමා කරගත හැකි වුවත් මේ වනවිට එය රුපියල් මිලියන 100ක් තරම් ඉහළට ගොස් ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

    මේ සියල්ල අතරේ රෝහිත අබේගුණවර්ධන මහතාට අයත් හෝටල් සංඛ්‍යාවත් මේ වනවිට 12ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් කියැවේ.

    මේ තත්වය ඇතුළු තවත් අක්‍රමිකතා රාශියක් පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් පසුගිය කාලසීමාව තුළ ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

    ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සභාපති, හිටපු හමුදාපති දයා රත්නායක මහතා අමතමින් ප්‍රකාශ කර ඇත්තේ වහාම මේවා පිළිබඳ සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. වරාය අධිකාරියෙහි සභාපතිවරයා වශයෙන් වරායෙහි කටයුතු පිළිබඳ බලය පැවරී ඇත්තේ දයා රත්නායක මහතාට බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාට අවශ්‍ය අවශ්‍ය ආකාරයට වැඩ කරන්නට ඉඩ නොදෙන ලෙසත් අමාත්‍යවරයා යම් බලපෑමක් කරන්නේ නම් වහාම තමන්ට දැනුම් දෙන ලෙසත් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
    Source dapan nikan surangan ktaa kiyan nethiwa methna. unp gon badu.