රත්තරන්‍෴නිධියක්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රත්තරන්‍෴නිධියක්



    සේරුවිල යකඩ තඹ නිධියෙන් රත්තරන් මතුවෙයි - ලක් පොළවේ වටිනාකම තවත් වැඩිවුන හැටි


    සේරුවිල යකඩ - තඹ නිධියෙහි රත්තරන් තිබෙන බව තහවුරු වී ඇති බව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර් සිරිවර්ධන මහතා ප්‍රකාශ කරනවා. සේරුවිලට ආසන්නයේ අරිප්පු, කොල්ලකුලම් - සී ප‍්‍රදේශ ආවරණය කරමින් වර්ග කිලෝමීටර 100ක පමණ භූමියක උප පෘෂ්ඨයෙහි මෙම නිධිය පිහිටා තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    එසේම පෘථීවි පෘෂ්ඨයෙහි මුළු කොටස් බිලියනයකට රත්තරන් කොටස් 4ක් පමණ වුවත් සේරුවිල නිධියෙන් ලබාගත් සමහර සාම්වලවල මුළු කොටස් බිලියනයකට රත්තරන් කොටස් 1000 ඉක්මවා පවතින බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළ අතර එහි තවත් සාම්පලවල මුළු කොටස් බිලියනයකට රත්තරන් කොටස් 60 - 200 අතර ප‍්‍රමාණයන්ගෙන් පවතින බව ද ආචාර්ය සිරිවර්ධන මහතා ප්‍රකාශ කළා.

    මෙසේ පවතින රත්තරන් මගින් නිධියට නව ආර්ථික වටිනාකමක් එක්වන බැවින් එය ලාභදායී ලෙස බහු මූලද්‍රව්‍ය උකහා ගත හැකි නිධියක් දැයි සොයාබැලීම සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළා.

    එසේම ශී‍්‍ර ලංකා භූමියෙන් රත්තරන් හමුවීම රටක් වශයෙන් අප සැමට සතුටු විය හැකි භාග්‍යවත් අවස්ථාවක් බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ප්‍රකාශ කළා.භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් ගම්පහ පාරවිදුම් පර්යේෂණ ගබඩා සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙලෙස ප්‍රකාශ කළා.

    මෙය අපි හැමෝටම සතුටු විය හැකි කාරණයක්. ලොව වටිනාම ලෝහයක් අපේ පොළොවෙන් ලැබීම අප ලැබූ භාග්‍යයක්. මේ හරහා අපේ රටට ආයෝජකයන් පැමිණෙනවා. රටක් දියුණු වීමට එවැනි ආයෝජන අත්‍යවශ්‍ය යුගයකදී අපේ බිමෙන් මතු වුණ මේ රත්තරන් සුරක්ෂිත ආයෝජනයකට යෙදවීම අප සැමගේ වගකීමක්.

    පෘතුවි පෘෂ්ඨයෙහි සාමාන්‍ය වශයෙන් රත්තරන් පවතිනුයේ මුළු කොටස් බිලියනයකට රත‍්‍රං කොටස් 04 ක්. සේරුවිල නිධියෙන් ලබාගත් සමහර සාම්පලවල රත්තරන් 100 චචය ඉක්මවා පවතින අතර තවත් සාම්පල රත‍්‍රං 60 - 200 චචය ප‍්‍රමාණයන්ගෙන් පවතිනවා. මෙසේ පවතින රත‍්‍රං මගින් නිධියට නව ආර්ථික අගයක් එක්වන බැවින් එය ආර්ථික වශෙයෙන් ලාභදායක ලෙස බහු මූලද්‍රව්‍ය උකහා ගත හැකි නිධියක් දැයි නැවත විමසා බැලීම වටිනවා.

    ඒ සඳහා තවත් සාම්පල විශාල සංඛ්‍යාවක් රත්තරන්, පැලේඩියම්, ප්ලැටිනම් වැනි අනිකුත් වටිනා මූලද්‍රව්‍ය සඳහා විශ්ලේෂණය කළ යුතු අතර එමගින් ධනාත්මක ප‍්‍රතිඵල ලැබුණහොත් එය මෙම නිධිය සංවර්ධනය සඳහා ආයෝජකයන් ආකර්ෂණය වීමට මහත් රුකුලක් වනවා.


     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රත්තරන මතු වූ සතුට අනිත් පැත්තෙන් ගියා කර්මාන්ත ඇමති බදුර්දීන් කියලා මතක් වුනා ම
     

    lak_m

    Junior member
  • Jul 17, 2018
    36
    12
    8
    එක පාරක් ජන්දෙ ළංවෙලා තෙල් හම්බු උනා. මේකත් ඒ වගේ ලැබුන එකක් වෙන්න ඕනේ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඉස්සරහට ඇමරිකන් කාරයෝ මේ රටේ යුද්ධයක් ඇති කරලා මේ රටට කෙහෙම හරි රිංගනවා ඔන්න බලපං
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉස්සරහට ඇමරිකන් කාරයෝ මේ රටේ යුද්ධයක් ඇති කරලා මේ රටට කෙහෙම හරි රිංගනවා ඔන්න බලපං

    අළුතෙන් රිංගන්න දෙයක් නෑ බන්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉස්සරහට ඇමරිකන් කාරයෝ මේ රටේ යුද්ධයක් ඇති කරලා මේ රටට කෙහෙම හරි රිංගනවා ඔන්න බලපං

    චයිනා වලටත් කෙලවලා හොංකොං හරහා..කැරි අැමරිකන් කාරයෝ ඵක්ක ඉන්නවනම් උන්ගෙ පස්ස ලොවාගෙන ඉන්න ඕන.චයිනා වලටත් ඵහෙම කරා නම් අපි මොක්කුද බං.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මම භූ විද්‍යාව ගැන දන්නේ නැහැ. නමුත් මහ පොලවේ තියන රත්තරන් වලින් ලාභදායක පතලක් පවත්වාගෙන යන්න නම් ආසන්න වශයෙන් පස් ටොන් එකක රත්තරං ග්‍රෑම් පහක් තරම වත් තිබිය යුතුයි. මේ කියන වාර්තාවේ දැක්වෙන්නේ පස් කොටස් බිලියනයකට රත්තරන් කොටස් දාහක් ලෙසයි. ඒ කියන්නේ මිලියනයකට එකයි. ඒ අනුපාතය අනුව පස් ටොන් එකක තියෙන්නේ රත්තරන් ග්‍රෑම් එකයි. Western Australia වල තියන Jundee කියන පතලේ පස් ටොන් එකකට රත්තරන් ග්‍රෑම් 765 පමණ ලැබෙන බව මම කියෙව්වා.
    70 දශකයේ පේසාලෙන් තෙල් හම්බ උනා, ඊට පසු කාලයක මන්නාරම් ද්‍රෝණියෙන් natural gas හම්බ උනා, දැන් සේරුවාවිලින් රත්තරන් හම්බ උනා. හැබැයි ලංකාව තාම තුන්වන ලෝකයේ.
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Ayyo... aparde bn.
    Thawa aurudu 10k 15k gihin labuna nam iwarai.
    Ethakota wath hoda palakayek idivine.


    Inna un tika thawa gon wenawa misak hedenne ne bn. Kalin thibbe paksha deshapalanaya, issarahata eka nethi unath andanna puluwan minisssunwa
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මම භූ විද්‍යාව ගැන දන්නේ නැහැ. නමුත් මහ පොලවේ තියන රත්තරන් වලින් ලාභදායක පතලක් පවත්වාගෙන යන්න නම් ආසන්න වශයෙන් පස් ටොන් එකක රත්තරං ග්‍රෑම් පහක් තරම වත් තිබිය යුතුයි. මේ කියන වාර්තාවේ දැක්වෙන්නේ පස් කොටස් බිලියනයකට රත්තරන් කොටස් දාහක් ලෙසයි. ඒ කියන්නේ මිලියනයකට එකයි. ඒ අනුපාතය අනුව පස් ටොන් එකක තියෙන්නේ රත්තරන් ග්‍රෑම් එකයි. Western Australia වල තියන Jundee කියන පතලේ පස් ටොන් එකකට රත්තරන් ග්‍රෑම් 765 පමණ ලැබෙන බව මම කියෙව්වා.
    70 දශකයේ පේසාලෙන් තෙල් හම්බ උනා, ඊට පසු කාලයක මන්නාරම් ද්‍රෝණියෙන් natural gas හම්බ උනා, දැන් සේරුවාවිලින් රත්තරන් හම්බ උනා. හැබැයි ලංකාව තාම තුන්වන ලෝකයේ.

    අවුරුදු 71 ක පාලනයේ තරම තමයි ආයිබෝවන්ඩ