රත්තරන් පාට හීනය[A True Love Story]
අද හරියටම නිකිණි මස පුන් පොහෝ දින. දසතින්ම ඇසුනෙ ඝණ්ඨාර නාදය. හඬ නෑසුනත් දැන හැඳින ගන්න්න ලැබුනෙ අද. නාඳුනන මිනිසෙකුගෙන් උපකාරයක් බලපොරොත්තු වූයේ ඇයි දැයි තවමත් නොදනිමි.
උපතින්ම පුදුමාකාර ගෞරවණීය පිරිමි කට හඳක් ඔහු සතුව තිබුණි. දින සති මාස වලින් ගෙවී යද්දී පන්හිඳෙන් පත්තිරු මත හැඟීම් හුවමාරු කර ගැනීමට පුරුදු වී සිටියහ.
ඇය මේ වචන ඇමිණුවෙ හදවතින්මයි.
හිරිමල් තාරුණ්‍යයේ බොළඳ සිත් තුල මෙවනි හැඟීම් ඉපදීම සාමාන්‍ය දෙයක්. නමුත් එක හදවතක් දෙතැනක නතර වෙන්න පුළුවන්ද?
වෙරන්දා ඒ වන විටත් ජීවත් වූයේ දාමරික ලෝකයක ශේෂ වූ මතකයන් අතරය.
දෛවෝපගත ඉරණම හැරවුම් ලක්ෂයක නතර විය. ස්වභාව ධර්මයෙන් අප්ට ආශිර්වාද කරන්නාක් මෙන් නිරුවත් අහස් වියන යට ලස්සන තැනකදී අපි මුණ ගැසුනා. මේ වචන එකතු වෙන්නෙ ඒ මුණ ගැසීමෙන් ලැබුණ ආශ්වාදයෙන්ද මන්දා.
මං ඔයාගෙ ඇස් හරියටම දැක ගත්තෙ මේ පාලම උඩදි. කෙල්ලෙක්ට කලාතුරකින් පිහිටන දරුණු හදවතක් මටත් උරුම වුණ පාපයට එදා මං හිතුවෙ මේ ගලාගෙන යන ගඟයි අපි ඉන්න මේ පාලමයි කවදාවත්ම එකට ගැටෙන් නැහැ වගේ ඔයාටයි මටයි කවදාවත්ම එකතු වෙන්න බැරි වේවි කියලා.
කතා කල හැම වචනයක්ම ගං දියට එකතු වෙලා නොපෙනෙන තරම් ඈතකට අරං ගියා.
මුහුදට නං පාළුව මකන්න බොරුවට හරි අහස ලං කරන්න ක්ෂිතිජය ඉන්නවා ඒත් මේ ගඟට සැනසෙන්න ඒ වගේ දෙයක් වත් නැහැ. හරියටම ඔයාව ලබා දෙන්න කාටවත්ම බැහැ වගේ.
හිත කියාපු මේ දෙවල් ඇහුනෙ ඇගේ ම හදවතට විතරයි. ඒ දේවල් කටින් පිට නොකලෙ දුර ගෙවාගෙන ආපු ඔයාගෙ හිතට දුකක් දීල යවන්න හිත ඉඩ නොදුන්න නිසා.
"ඒත් ඔයා මට මේ දේවල් කියන්නෙ මට ඔයාව එපා කරවන්නද වෙරන්දා"
කවදාවත්ම නැහැ බිම්සර"
මේ පාලම එදත් අපේ ආදරේ සංකේතවත් කලා අදත් කරනවා හෙටත් කරාවි. අපි දෙන්න වෙනුවෙන්. මගේ ආදරෙත් ඔයාට ඒ වගේ කියල කියන්න විතරයි මට ඕන වුනේ.
අරවින්ද සරෝජනී යනු විරාගය නව කතාවේ එන චරිත දෙකකි. ඔවුන් පෙමින් වෙළුනද කිසිදාක එකතු වූයේ නැත.
වෙරන්දා එදා නින්දට වැටුනේ තමාගේ අනාගත ඉරණම තීන්දු වී ඇති බව හොඳාකාරවම දැනගෙනය.
තමාගේ හෘදය අභ්‍යන්තරයෙහි වෙනත් කිසිවෙකුට පුදන්නට සෙනෙහසක් ශේෂ වී ඇතිද? නැතිද? යන වග ස්ථිරයෙන්ම තහවුරු කරගන්නට උවමනා වුවද වෙරන්දා එයට අවනත වූයේ නැත. මන්ද යත් ඒ වන විටත් සෙල්ලක්කාර ආදරයක කොටස් කාරියක වී සිටි නිසාය.
බෙහෙතක් වැරදුනොත් මැරෙන්නෙ එක රෝගියෙකි. ඒත් නඩුවක් වැරදුනොත් මුළු පරම්පරාවක් නැති වෙනවා.
ස්ථිර ආදරයකට ස්ථිර විවාහයකට සුදුසු අඩිතාලමක් දැමිය යුතුව ඇත. අනාගතය සාර්ථක වන්නට නම් අඩිතාලම ශක්තිමත් විය යුතුය. ආගන්තුක පැමිණීමත් සමඟ ජීවිතයටද අනාගතය වෙනුවෙන් සුදුස්සෙකු තෝරා ගත යුතුව ඇත. දෙලොවක අතරමං වූ රස්තියාදු කාරියක මෙන් වෙරන්දා පිළිතුරු සෙවීය.
අපේ හදවත් එකතු කලේ මේ පාලම. එදා ඔය ඇස් මඟ අරින්න මං ගොඩාක් උත්සහ කලා. ඔය ඇස් වල සංසාරගත හුරු පුරුදු බවක් දැනුණා. සත්තයි.
නිල් පැහැයෙන් බර වුණු නග්න අහස් ගැබ දරා ගන්න බැරි හිරු රශ්මියෙන් ආලෝකමත් වෙද්දිත් ඒ හිරු කිරණ ගං දියට එකතු වෙද්දිත් ප්‍රථම හමුවීම අවසන් වුණා.
යාළුවනේ මේක මං අඳුරන නංගි කෙනෙක් ලියපු කතාවක්. එයාගේ ආදර කතාව. මට නම් මේක ගොඩක් හිතට ඇල්ලුවා.
ඔයාලත් කියවල බලලා ප්‍රතිචාර කියන්නකො.
ඔයාලත් කියවල බලලා ප්‍රතිචාර කියන්නකො.
රත්තරන් පාට හීනය
අද හරියටම නිකිණි මස පුන් පොහෝ දින. දසතින්ම ඇසුනෙ ඝණ්ඨාර නාදය. හඬ නෑසුනත් දැන හැඳින ගන්න්න ලැබුනෙ අද. නාඳුනන මිනිසෙකුගෙන් උපකාරයක් බලපොරොත්තු වූයේ ඇයි දැයි තවමත් නොදනිමි.
උපතින්ම පුදුමාකාර ගෞරවණීය පිරිමි කට හඳක් ඔහු සතුව තිබුණි. දින සති මාස වලින් ගෙවී යද්දී පන්හිඳෙන් පත්තිරු මත හැඟීම් හුවමාරු කර ගැනීමට පුරුදු වී සිටියහ.
අප හමු වී දෙමසකුත්
ගතවෙන්නට ළඟයි....
පෙරදා නුඹ අයැදි
මගේ ආදරය....
ම සිත තුල ඉපිද නැතත්
ගෞරවාන්විත ලෙන්ගතු බවක්
අද සිත තුල නිදන් ගතව ඇත....
ගතවෙන්නට ළඟයි....
පෙරදා නුඹ අයැදි
මගේ ආදරය....
ම සිත තුල ඉපිද නැතත්
ගෞරවාන්විත ලෙන්ගතු බවක්
අද සිත තුල නිදන් ගතව ඇත....
ඇය මේ වචන ඇමිණුවෙ හදවතින්මයි.
හිරිමල් තාරුණ්‍යයේ බොළඳ සිත් තුල මෙවනි හැඟීම් ඉපදීම සාමාන්‍ය දෙයක්. නමුත් එක හදවතක් දෙතැනක නතර වෙන්න පුළුවන්ද?
වෙරන්දා ඒ වන විටත් ජීවත් වූයේ දාමරික ලෝකයක ශේෂ වූ මතකයන් අතරය.
නුඹේ ඔය සිහින වල
සැබෑ උරුමක්කාරිය
මම නොවන වග
ඉඳුරා කියන්නෙමි නුඹට....
නුඹේ සිත් මාළිගයෙහි
රැජිණිය වන්නට
පිං කර නැති මුත් ම සිත....
පතන්නෙමි මතු භවයකදී හෝ
නුඹේ පතිනිය වන්නට....
සැබෑ උරුමක්කාරිය
මම නොවන වග
ඉඳුරා කියන්නෙමි නුඹට....
නුඹේ සිත් මාළිගයෙහි
රැජිණිය වන්නට
පිං කර නැති මුත් ම සිත....
පතන්නෙමි මතු භවයකදී හෝ
නුඹේ පතිනිය වන්නට....
දෛවෝපගත ඉරණම හැරවුම් ලක්ෂයක නතර විය. ස්වභාව ධර්මයෙන් අප්ට ආශිර්වාද කරන්නාක් මෙන් නිරුවත් අහස් වියන යට ලස්සන තැනකදී අපි මුණ ගැසුනා. මේ වචන එකතු වෙන්නෙ ඒ මුණ ගැසීමෙන් ලැබුණ ආශ්වාදයෙන්ද මන්දා.
මං ඔයාගෙ ඇස් හරියටම දැක ගත්තෙ මේ පාලම උඩදි. කෙල්ලෙක්ට කලාතුරකින් පිහිටන දරුණු හදවතක් මටත් උරුම වුණ පාපයට එදා මං හිතුවෙ මේ ගලාගෙන යන ගඟයි අපි ඉන්න මේ පාලමයි කවදාවත්ම එකට ගැටෙන් නැහැ වගේ ඔයාටයි මටයි කවදාවත්ම එකතු වෙන්න බැරි වේවි කියලා.
කතා කල හැම වචනයක්ම ගං දියට එකතු වෙලා නොපෙනෙන තරම් ඈතකට අරං ගියා.
මුහුදට නං පාළුව මකන්න බොරුවට හරි අහස ලං කරන්න ක්ෂිතිජය ඉන්නවා ඒත් මේ ගඟට සැනසෙන්න ඒ වගේ දෙයක් වත් නැහැ. හරියටම ඔයාව ලබා දෙන්න කාටවත්ම බැහැ වගේ.
හිත කියාපු මේ දෙවල් ඇහුනෙ ඇගේ ම හදවතට විතරයි. ඒ දේවල් කටින් පිට නොකලෙ දුර ගෙවාගෙන ආපු ඔයාගෙ හිතට දුකක් දීල යවන්න හිත ඉඩ නොදුන්න නිසා.
"ඒත් ඔයා මට මේ දේවල් කියන්නෙ මට ඔයාව එපා කරවන්නද වෙරන්දා"
කවදාවත්ම නැහැ බිම්සර"
මේ පාලම එදත් අපේ ආදරේ සංකේතවත් කලා අදත් කරනවා හෙටත් කරාවි. අපි දෙන්න වෙනුවෙන්. මගේ ආදරෙත් ඔයාට ඒ වගේ කියල කියන්න විතරයි මට ඕන වුනේ.
අරවින්ද සරෝජනී යනු විරාගය නව කතාවේ එන චරිත දෙකකි. ඔවුන් පෙමින් වෙළුනද කිසිදාක එකතු වූයේ නැත.
වෙරන්දා එදා නින්දට වැටුනේ තමාගේ අනාගත ඉරණම තීන්දු වී ඇති බව හොඳාකාරවම දැනගෙනය.
තමාගේ හෘදය අභ්‍යන්තරයෙහි වෙනත් කිසිවෙකුට පුදන්නට සෙනෙහසක් ශේෂ වී ඇතිද? නැතිද? යන වග ස්ථිරයෙන්ම තහවුරු කරගන්නට උවමනා වුවද වෙරන්දා එයට අවනත වූයේ නැත. මන්ද යත් ඒ වන විටත් සෙල්ලක්කාර ආදරයක කොටස් කාරියක වී සිටි නිසාය.
බෙහෙතක් වැරදුනොත් මැරෙන්නෙ එක රෝගියෙකි. ඒත් නඩුවක් වැරදුනොත් මුළු පරම්පරාවක් නැති වෙනවා.
ස්ථිර ආදරයකට ස්ථිර විවාහයකට සුදුසු අඩිතාලමක් දැමිය යුතුව ඇත. අනාගතය සාර්ථක වන්නට නම් අඩිතාලම ශක්තිමත් විය යුතුය. ආගන්තුක පැමිණීමත් සමඟ ජීවිතයටද අනාගතය වෙනුවෙන් සුදුස්සෙකු තෝරා ගත යුතුව ඇත. දෙලොවක අතරමං වූ රස්තියාදු කාරියක මෙන් වෙරන්දා පිළිතුරු සෙවීය.
අපේ හදවත් එකතු කලේ මේ පාලම. එදා ඔය ඇස් මඟ අරින්න මං ගොඩාක් උත්සහ කලා. ඔය ඇස් වල සංසාරගත හුරු පුරුදු බවක් දැනුණා. සත්තයි.
නිල් පැහැයෙන් බර වුණු නග්න අහස් ගැබ දරා ගන්න බැරි හිරු රශ්මියෙන් ආලෝකමත් වෙද්දිත් ඒ හිරු කිරණ ගං දියට එකතු වෙද්දිත් ප්‍රථම හමුවීම අවසන් වුණා.
* * * * * *
තවත් කොටසකින් හමුවෙමු.
Last edited:


