රත්තරන් පාට හීනය[A True Love Story]

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    රත්තරන් පාට හීනය[A True Love Story]

    යාළුවනේ මේක මං අඳුරන නංගි කෙනෙක් ලියපු කතාවක්. එයාගේ ආදර කතාව. මට නම් මේක ගොඩක් හිතට ඇල්ලුවා.
    ඔයාලත් කියවල බලලා ප්‍රතිචාර කියන්නකො.​


    රත්තරන් පාට හීනය​


    අද හරියටම නිකිණි මස පුන් පොහෝ දින. දසතින්ම ඇසුනෙ ඝණ්ඨාර නාදය. හඬ නෑසුනත් දැන හැඳින ගන්න්න ලැබුනෙ අද. නාඳුනන මිනිසෙකුගෙන් උපකාරයක් බලපොරොත්තු වූයේ ඇයි දැයි තවමත් නොදනිමි.

    උපතින්ම පුදුමාකාර ගෞරවණීය පිරිමි කට හඳක් ඔහු සතුව තිබුණි. දින සති මාස වලින් ගෙවී යද්දී පන්හිඳෙන් පත්තිරු මත හැඟීම් හුවමාරු කර ගැනීමට පුරුදු වී සිටියහ.


    අප හමු වී දෙමසකුත්
    ගතවෙන්නට ළඟයි....
    පෙරදා නුඹ අයැදි
    මගේ ආදරය....
    ම සිත තුල ඉපිද නැතත්
    ගෞරවාන්විත ලෙන්ගතු බවක්
    අද සිත තුල නිදන් ගතව ඇත....

    ඇය මේ වචන ඇමිණුවෙ හදවතින්මයි.

    හිරිමල් තාරුණ්‍යයේ බොළඳ සිත් තුල මෙවනි හැඟීම් ඉපදීම සාමාන්‍ය දෙයක්. නමුත් එක හදවතක් දෙතැනක නතර වෙන්න පුළුවන්ද?

    වෙරන්දා ඒ වන විටත් ජීවත් වූයේ දාමරික ලෝකයක ශේෂ වූ මතකයන් අතරය.



    නුඹේ ඔය සිහින වල
    සැබෑ උරුමක්කාරිය
    මම නොවන වග
    ඉඳුරා කියන්නෙමි නුඹට....
    නුඹේ සිත් මාළිගයෙහි
    රැජිණිය වන්නට
    පිං කර නැති මුත් ම සිත....
    පතන්නෙමි මතු භවයකදී හෝ
    නුඹේ පතිනිය වන්නට....

    දෛවෝපගත ඉරණම හැරවුම් ලක්ෂයක නතර විය. ස්වභාව ධර්මයෙන් අප්ට ආශිර්වාද කරන්නාක් මෙන් නිරුවත් අහස් වියන යට ලස්සන තැනකදී අපි මුණ ගැසුනා. මේ වචන එකතු වෙන්නෙ ඒ මුණ ගැසීමෙන් ලැබුණ ආශ්වාදයෙන්ද මන්දා.

    මං ඔයාගෙ ඇස් හරියටම දැක ගත්තෙ මේ පාලම උඩදි. කෙල්ලෙක්ට කලාතුරකින් පිහිටන දරුණු හදවතක් මටත් උරුම වුණ පාපයට එදා මං හිතුවෙ මේ ගලාගෙන යන ගඟයි අපි ඉන්න මේ පාලමයි කවදාවත්ම එකට ගැටෙන් නැහැ වගේ ඔයාටයි මටයි කවදාවත්ම එකතු වෙන්න බැරි වේවි කියලා.

    කතා කල හැම වචනයක්ම ගං දියට එකතු වෙලා නොපෙනෙන තරම් ඈතකට අරං ගියා.

    මුහුදට නං පාළුව මකන්න බොරුවට හරි අහස ලං කරන්න ක්ෂිතිජය ඉන්නවා ඒත් මේ ගඟට සැනසෙන්න ඒ වගේ දෙයක් වත් නැහැ. හරියටම ඔයාව ලබා දෙන්න කාටවත්ම බැහැ වගේ.


    හිත කියාපු මේ දෙවල් ඇහුනෙ ඇගේ ම හදවතට විතරයි. ඒ දේවල් කටින් පිට නොකලෙ දුර ගෙවාගෙන ආපු ඔයාගෙ හිතට දුකක් දීල යවන්න හිත ඉඩ නොදුන්න නිසා.

    "ඒත් ඔයා මට මේ දේවල් කියන්නෙ මට ඔයාව එපා කරවන්නද වෙරන්දා"
    කවදාවත්ම නැහැ බිම්සර"

    මේ පාලම එදත් අපේ ආදරේ සංකේතවත් කලා අදත් කරනවා හෙටත් කරාවි. අපි දෙන්න වෙනුවෙන්. මගේ ආදරෙත් ඔයාට ඒ වගේ කියල කියන්න විතරයි මට ඕන වුනේ.

    අරවින්ද සරෝජනී යනු විරාගය නව කතාවේ එන චරිත දෙකකි. ඔවුන් පෙමින් වෙළුනද කිසිදාක එකතු වූයේ නැත.


    වෙරන්දා එදා නින්දට වැටුනේ තමාගේ අනාගත ඉරණම තීන්දු වී ඇති බව හොඳාකාරවම දැනගෙනය.

    තමාගේ හෘදය අභ්‍යන්තරයෙහි වෙනත් කිසිවෙකුට පුදන්නට සෙනෙහසක් ශේෂ වී ඇතිද? නැතිද? යන වග ස්ථිරයෙන්ම තහවුරු කරගන්නට උවමනා වුවද වෙරන්දා එයට අවනත වූයේ නැත. මන්ද යත් ඒ වන විටත් සෙල්ලක්කාර ආදරයක කොටස් කාරියක වී සිටි නිසාය.

    බෙහෙතක් වැරදුනොත් මැරෙන්නෙ එක රෝගියෙකි. ඒත් නඩුවක් වැරදුනොත් මුළු පරම්පරාවක් නැති වෙනවා.

    ස්ථිර ආදරයකට ස්ථිර විවාහයකට සුදුසු අඩිතාලමක් දැමිය යුතුව ඇත. අනාගතය සාර්ථක වන්නට නම් අඩිතාලම ශක්තිමත් විය යුතුය. ආගන්තුක පැමිණීමත් සමඟ ජීවිතයටද අනාගතය වෙනුවෙන් සුදුස්සෙකු තෝරා ගත යුතුව ඇත. දෙලොවක අතරමං වූ රස්තියාදු කාරියක මෙන් වෙරන්දා පිළිතුරු සෙවීය.

    අපේ හදවත් එකතු කලේ මේ පාලම. එදා ඔය ඇස් මඟ අරින්න මං ගොඩාක් උත්සහ කලා. ඔය ඇස් වල සංසාරගත හුරු පුරුදු බවක් දැනුණා. සත්තයි.

    නිල් පැහැයෙන් බර වුණු නග්න අහස් ගැබ දරා ගන්න බැරි හිරු රශ්මියෙන් ආලෝකමත් වෙද්දිත් ඒ හිරු කිරණ ගං දියට එකතු වෙද්දිත් ප්‍රථම හමුවීම අවසන් වුණා.



    * * * * * *​

    තවත් කොටසකින් හමුවෙමු.
     
    Last edited:
    • Like
    Reactions: rcccc and hspa3.5

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ....නිල් පැහැයෙන් බර වුණු නග්න අහස් ගැබ දරා ගන්න බැරි හිරු රශ්මියෙන් ආලෝකමත් වෙද්දිත් ඒ හිරු කිරණ ගං දියට එකතු වෙද්දිත් ප්‍රථම හමුවීම අවසන් වුණා.

    අද එතැන් සිට....​

    මේ හරියටම උඳුවප් මස පළමු වනදා....

    "බිම්සර"
    "ඇයි වෙරන්දා...."
    "අමාරුවෙන් ළඟට ගත්තෙ ආයෙත් කාටවත්ම දෙන්න නෙමෙයි බිම්සර"

    දින ගණනින් සති ගණනින් එකතු කරලා පරිස්සම් කරපු ආදරේ නිදහස් කල සුන්දර නිමේෂය.
    ආදරේ තුරුළු කරගෙන බලන් හිඳි දෑස් නැවටත් එකිනෙක මුණ ගැසුනා.
    මේ ආදරේ බුද්ධාශිර්වාදයෙන් පටන් ගන්නට ඔහුත් ඇයත් තීරණය කලා. ඒ රත්නපුර නගරයෙන් ඈතට වෙන්න පිහිටි බලංගොඩ නගරයේ උසම ස්ථානය. එහි කිරි පාටට බැබලෙන විශාල බුද්ධ ප්‍රතිමාවක්. බලංගොඩ නගරයම සන්සුන් කරවන ශාන්ත විලාසයකින් බුදු හිමි දැහැන් ගත වෙලා.
    අපේ ආදරේටද හික්මීම ඇති කරවනු පිණිස මෙවැන්නක් කිරීමට හේතු විය හැක.


    පන්සල සිසාරා පැතිර ගිය නිහැඬියාව බිඳිමින් අපි එහි සුන්දරත්වය වර්ණනා කළෙමු. එය අනුමත කරන්නාක් මෙන් අනවසරයෙන් හමා ආ සුළඟක් දෙදෙනාවම වැළඳ ගත්තේය.
    බුදු රැසින් ලැබෙන මිහිරියාව හික්මීම ඔහු ළඟින් ඉඳන් විඳගන්නට ලැබීම ගැන වෙරන්දා සතුටු විය. පාට පාට මල් ගොඩාක් හරි පරිස්සමට එකම මල් වට්ටියකින් ඇහිරුවෙ සංසාර ගානක් එකට ඉන්න පිං කරන ගමන්.
    මලින් මල එකතු කරල හදපු මල් වට්ටිය ඔහුගේත් ඇගේත් දෝතින්ම ගෙන තම ආදරය වෙනුවෙන් බුදු හිමිට පූජා කලේ මේ පටන් ගත්ත අපේ ආදරේට අපිට ආශිර්වාද කරන්න කියල ඉල්ලන ගමන්.

    මතකද බිම්සර

    අපි මේ දවසට තේමාවක් දුන්නා.

    "මෙලොව වෙනත් කිසිවෙකු හා එක්ව විඳිය නොහැකි අපූර්ව චමත්කාරය"​

    "විටෙක මිතුරෙකුගේ මිත්‍රත්වයෙන් විටෙක සහෝදරයෙකුගේ දයාබරත්වයෙන් විටෙක පියෙකුගේ අප්‍රමාණ සෙනෙහසින් තවත් විටෙක ජීවිතයම තම පෙම්වතිය වෙනුවෙන් කැපකල දරා ගන්න බැරි ආදර බර පෙම්වතෙකු එකම හදවතක් තුල ජීවත් වන සුන්දර මිනිසා."

    කෙසේ නම් මඟ හරින්නද?

    කෙතරම් සුන්දරද යත් ජීවිත කාලය්ටම කවියට පද එකතු නොකරපු ඔහු ආදරයේ හැඟීම් ප්‍රකාශයන්ට කවි පද එකතු කලා.
    ඔය දෑත් වල වාරුවෙන් මම මේ පන්සල් කන්ද නගින කොට, මට කවද හරි නවතින්න වෙන්නෙ ඔය දෙපා ළඟම තමයි කියලා නිසැකවම තහවුරු වුණා.
    ඔයාට නොදැනෙන්න ඔය මූණ දිහා බලං ඉන්න මම ගොඩක් ආස කලා. මම මේ දවසට ගොඩක් ආදරේ ඒ නිසයි. ඔය මූණෙ හැම ඉරියව්වක්ම මාව වෙනස් කල බිම්සර.


    වැහි බර කාලගුණයක් වුවත් මෙදින අවකාශය පුරා පැතිර ගියේ ගතට මෙන්ම සිතට ද සැහල්ලුවක් දැනෙන පරිසරයකි.
    දෙවන වරටත් අපේ හමුවීමට ස්වභාවධර්මයෙන් ආශිර්වාද එකතු කලා.
    වාසනාවකට මෙන් දිනෙන් දින සුන්දරාත්මක අත්දැකීම් ගොන්නක් මේ ආදරේට එකතු වුනා.
    ඔය අතේ එල්ලිලා ගවු ගානක් දුර ඇවිදගෙන ගියා. ඔය අතැඟිලි අතර තනිවෙන්න ගොඩස්ක් පිං කරන්න ඕනෙ කියල හිතුනෙ අද.

    "වෙරන්දා...."
    "ඇයි බිම්සර...."
    "මට දැනෙන්නෙ මේ ලෝකෙ තියෙන වටිනාම වස්තුව මගේ උනා කියල"​

    ඒ වචන වලට ඇගේ හදවත ගොළු උනේ නිරායාසයෙන්. මේ දෙපා වලට පෑගිච්ච වැලි කැටේ පවා මේ ආදරේ ගැන දැනන් උන්නා.
    ඔය අතේ එල්ලිලා මේ ලෝකෙ කෙලවරටම උනත් ඇවිදගෙන යන්න තරමටම දෙපා ශක්තිමත් උනා.


    පාරෙ වැඩිල තිබුණ රූස්ස ගස් පේළිය අපි නොපෙනී යන තෙක්ම බලා ගෙන හිටියා.
    සියල්ල අවසානයේ බිම්සරත් වෙරන්දාත් බස් නැවතුම් පලෙහි ගාල් කර තිබූ රත්නපුර බස් රථයට ගොඩ වූයේ සුන්දර බලංගොඩ නගරයට සමු දෙමින්ය. බස් රථය සීරුවට රත්නපුර බලා ගමන් ආරම්භ කළේය.
    අතරමඟ වෙරන්දාට නුපුරුදු අත්දැකීමක් විඳ ගන්නට උවමනා වූවාක් මෙන්,

    "බිම්සර.... මට ඔයාගෙ කකුල දෙනවද?"

    ක්ෂණිකව බිම්සර වෙරන්දා දෙසට හැරුනේ,

    "ඔයා මොකක්ද අනේ කිව්වෙ" යන ඉරියව්වක් මූණෙ මවාගෙනය.

    "මගේ කකුල තියා ගන්න ඔයාගේ කකුල දෙන්න...."​

    පිරිමි දෙපයක පහස ප්‍රථම වරට විඳගත් වෙරන්දා ඔහුගේ දෑස් දෙස බලුවෙ "ඔයා මගේම නේද" කියන හැඟීමෙන්.



    * * * * * *


    තවත් කොටසකින් හමුවෙමු.
    5
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ela ela 7+
    11.gif