රත්නපුරේ කැසිනෝ වැටලීම...
රත්නපුර නගර මධ්‍යයේ ඉතාමත් ප්‍රසිද්ධියේ රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය මත වසර 9 ක් පුරා නිදහසේ නීති විරෝධීව පවත්වාගෙන ගිය කැසිනෝ පොලක් වැටලීම හේතුවෙන් එම වැටලීම කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට මරණ තර්ජන එල්ලවීමේ පුවතක් 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ. පෙරේදා (22 දා) සිදුකළ මෙම කුප්‍රකට කැසිනෝ පොල වැටලීම ජාතික යැයි කියාගන්නා මාධ්‍ය විසින් වාර්තා කෙළේද නැත.
රත්නපුර නගර මධ්‍යයේ තුන් මහල් ගොඩනැගිල්ලක් තුල පවත්වාගෙන ගිය 'රෝයල් පැලස්' නම් නීති විරෝධී කැසිනෝ පොල වටලා රු. කෝටි 11 ක් වැනි අති විශාල මුදල් ප්‍රමාණයක්ද එය පවත්වාගෙන ගිය 8 දෙනෙකුද අත් අඩංගුවට ගනිද්දී වහාම නිදහස් කරන්නැයි ඉහලම තැන් වලින් විශාල බලපෑම් එල්ල වුවද එම පිරිස සහ භාණ්ඩ ඊයේ(23) අධිකරණයට ඉදිරිපත් කර සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මෙම වැටලීම සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට මරණ තර්ජන එල්ල වී තිබේ.
'රෝයල් පැලස්' නීති විරෝධී කැසිනෝ පොලේ අයිතිකරුවා වන්නේ නැසී ගිය පියදාස නම් ව්‍යාපාරිකයාය. දැන් එහි අයිතිකාරිය වන්නේ ඔහුගේ බිරිඳය. තම පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින 'චන්දන' නමැති මිනීමරුවෙක් යොදවමින් බිරිඳ මෙම නීති විරෝධී කැසිනෝ පොල පවත්වාගෙන යන්නේ රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදය මත ය. පසුගිය දා මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සමන් දේවාලය ට පැමිණි අවස්ථාවේදී ද දහවල් සප්පායම් වූයේ මෙම රෝයල් පැලස් කැසිනෝ හිමිකාරියගේ නිවසේ දීය. මෙම නීති විරෝධී කැසිනෝ හල පැත්ත පළාතකට කිසිදු පොලිස් නිලධාරියෙකුට ඇතුළු වීම තබා ඒ පැත්ත බලාගෙන කතාකරන්නටවත් නොහැකිය. ඒ තරමට 'රාජ ඌෂ්ණය' කරට ගෙන සිටින කැසිනෝ කරුවෝ නිදහසේ වසර 9 ක් තිස්සේ තම ජාවාරම කරගෙන ගියහ.
පළාතට අලූතින් පැමිණි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා මෙම අනුහස් සහිත කැසිනෝව තම පොලිස් නිලධාරීන් යොදවා පෙරේදා(22) රාත්‍රියේ වැටලීය. ආරක්ෂකයන් කියා ගන්නා මැරයන් පොලිස් නිලධාරීන්ට ඇතුලට යෑම වැළැක්වූ නමුත් සන්නද්ධ පොලිසිය මෙහෙයැවීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා එම ස්ථානයටම පැමිණ සිටියෙන් ධෛර්ය සම්පන්න වූ පොලිසිය කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කෙළේය. 'චන්දන' නම් මිනීමරු චෝදනා ලත් මැර මැනේජර් සමග 8 ක් සහ මුදලින් රුපියල් කෝටි 11 ක් අල්ලාගෙන ඊයේ (23) අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුවෝ ලබන 29 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළහ. මෙම ක්‍රියාදාමයේදී රෙජීමයේ ඉහලම තැන් වලින් මොවුන් නිදහස් කරන ලෙස බලපෑම් කොතෙක් පැමිණියද නීතිය ක්‍රියාත්ක කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාට හැකියාවක් සහ කොන්දක් තිබීම ගැන නීති ගරුක පුරවැසියන් සතුටු විය යුතුය.
මේ සිදුවීමෙන් පසුව අද (24) මෙම වැටලීම සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාට ගාල්ලේ සිට පුද්ගලයෙක් දුරකථන ඇමතුමක් දෙමින් "උඹට කොච්චර කතා කළත් උඹ ගණන් ගත්තේ නෑනේ. එහෙමනං උඹටයි ගෑණිටයි දරුවන්ටයි මිනීපෙට්ටි ලෑස්ති කරගනින්" කියා මරණීය තර්ජනය කර තිබේ. මේ තර්ජනය කළ පුද්ගලයා කොතරම් බලවත්දැයි තේරුම් යන්නේ ඔහු සැඟවී තර්ජනය නොකළ නිසාය. ඔහු ඇමතුමේ දී පවසා ඇත්තේ තමා කතා කරන්නේ ගාල්ලේ සිට බවයි. ඔහු කතා කළ දුරකථන අංකයද ගාල්ලේ දුරකථන අංකයක් බව පසුව තහවුරු වී තිබේ. මේ සිදුවීම ගැන දැන් පොලිස් පරීකෂණයක් පැවැත්වෙන අතර පොලිස්පතිවරයා මේ ගැන සිය දැඩි අවධානය යොමු කර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායේ සෙබලූන්ද යොදවා තිබේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය ලත් පාතාලයකට ඉඩ දිය යුතු නැත. එහි වගකීම තිඛෙන්නේ නීති ගරුක ආරක්ෂක නිලධාරීන් සහ පුරවැසියා සතුවය.