ලගදි ගියා. පාර හදල ඉවර වෙන්න තව අව්රුද්දක් දෙකක් වත් යයි. පොඩි වහනයක් නම් යන්න අව්ලක් නෑ. හැබැයි වැස්සොත් නම් අම්මටසිරි වෙන්න මඩ වෙනවා.
One day trip එකක් ද ගියේ?ලගදි ගියා. පාර හදල ඉවර වෙන්න තව අව්රුද්දක් දෙකක් වත් යයි. පොඩි වහනයක් නම් යන්න අව්ලක් නෑ. හැබැයි වැස්සොත් නම් අම්මටසිරි වෙන්න මඩ වෙනවා.
මෙන්න හරිම ලස්සන බස් ගමනක්... රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට බස් එකෙන්, මේ පාර නම් හරි ලස්සනයි. පාරවලුත් ලොකු කරන් ලස්සනට හදා ගෙන එන්නේ.

ගිහිං තියන ආසම පැත්තක් තමයී.මේ ඉඩම තිබුනේ බොරළුවගෙඅයින උප තැපැල් කන්තෝරුව පිටිපස්සේ කන්ද උඩට වෙන්නයි. ලංකාවේ මම දැකපු ලස්සනම දර්ශනයක් ඒ ගෙයි මිදුලට පේනවා. නැගෙනහිර පළාතේ ඉඳලා බස්නාහිර පළාත වෙනකම් මුළු දකුණු මුහුදම පේනවා. රෑට, ලයිට් හවුස් ගණනාවක (මතක හැටියට 14 වගේ) එලි පේනවා. ලස්සන නිසා තාත්තා මේක තියාගෙන හිටියට ලොකු ආදායමක් ලැබුනේ නැහැ.
මේක බලා ගන්න කංකානම කෙනෙක් ගත්තා. එයා 71 කැරැල්ලට සහභාගී වෙලා, පොලිසියට බාර නොවී හැංගිලා ඉන්න කෙනෙක් කියලා අපි දැනගත්තේ බොහෝ කාලයකට පස්සෙයි. මිනිහා සෑහෙන කලක් හොඳින් හිටියා. නමුත් 1985 විතර වෙනකොට මිනිහා ගමේ යනවා කියලා ගිහිං සුමාන ගනං එන්නේ නැහැ කියලා දළු කඩන අය කියනවා. ඒ හැර, JVP අය නිතර ආවා ගියා කියලත් පස්සේ දැනගත්තා. 1985/86 විතර කාලේ JVP දෙවනි කැරැල්ලට සුදානම් වෙනකොට මිනිහා බඩු ගන්න කඩේ ටයි, අපේ තාත්තාටයි පොල්ල තියලා වත්තේ ගෙයි තිබුන දේවලුත් සුද්ද කරගෙන මාරු උනා. එතකොට තමයි මිනිහාගේ JVP අතීතය හෙළි උනේ. ඊට පස්සේ ඒ ඉඩම විකුනලා දැම්මා.
අපේ තාත්තාට, ඒ මිනිහා JP (සාම විනිසුරු) පදවියකුත් දීලා තිබුනා. ඒකත් ලස්සන කතාවක්.
එයාට කඩෙන් බඩු ණයට ගන්න, තාත්තා කඩේ මුදලාලිට ලියුමකින් දන්වනවා, අහවල් දේවල් දෙන්න කියලා. මේ මිනිහා, අපේ තාත්තා ලියුම් ලියන කඩදාසියේ Letter Head එකට සමාන එකක් හොරට ප්‍රින්ට් කරගෙන, තාත්තාගේ නමට යටින් ""සාම විනිසකරු"" කියලත් අච්චු ගහලා. ඒක අපි දැක්කේ කඩේ මුදලාලි "මේ තියෙන්නේ මහත්තයා එවාපු ලියුම්" කියලා ඒ ලියුම් පෙන්නුවාමයි. දැන් JVP ආණ්ඩුවක් තියන නිසා ඕනෑ තරම් JP ලා පත් වෙයි. නමුත් JVP කාරයෝ පත් කරපු පළමුවෙනි JP අපේ තාත්තා.
ඔව්. වැස්ස දවසකත් නෙමේ ගියේ. ඒත් මඩ වෙලා තිබුනාOne day trip එකක් ද ගියේ?
https://www.google.lk/search?q=skyd...YigWYAwCSBwkwLjIuMC4xLjGgB7JA&sclient=gws-wizලස්සන ගමනක් මේ නවතින්න තැනකුත් කියපන්කෝ ගිහින් එන්න
ඒ මනුස්සයා ගියාට පස්සේ මොකද උනේ කියලා අපි දන්නේ නැහැ. හොඳ වෙලාවට මිනිහා 87-89 භීෂණ කාලෙට ඉස්සෙල්ලා ඉඩමෙන් ගියේ. එයා යන්න ඇත්තේ විප්ලවයට පූර්ණ කාලීනව සහභාගී වෙන්න කියලයි අපි ඒ කාලේ හිතුවේ.පට්ට ස්ටෝරියක්නේ එක. පොරට මොකක් උනාද කියල ආරංචි උනේ නැද්ද??
ඔව් දැනටත් හරිම ලස්සනයි බන් පාර මෙහෙම තිබ්බත්...
------ Post added on Dec 3, 2024 at 6:01 PM
මට ලබන මාසේ හැට තුනට ලබනවා. ලංකාවේ ඉන්දැද්දී වෙච්ච දේවල් කවදාවත් අමතක වෙන්නේ නැහැ.ගිහිං තියන ආසම පැත්තක් තමයී.
ලොකුවට සල්ලි නැති කාලේ යාළුවො දෙන්නෙක් එක්ක මොටර් බයික් වල ගියා රත්නපුර ඉඳන් දෙනියාය ට,
මරා gloomy ලස්සනක් තියන පලාතක්.
පාරවල් ලොකු වෙලා මිනිස්සු වැඩි වෙනට
විනාස වෙලා යයි පරිසරය.
Btw පාට්ට මතකයක් නේ තියන්නේ, දැන් වයස කීයද?
අතිතය පාට්ට missing ඇති නේද?
මේ වගේ පරණ ස්ටෝරි ටිකක් ලියාගෙන යන්නකෝ ත්‍රෙඩ් දාල. අහන්නත් ආසයි.ඒ මනුස්සයා ගියාට පස්සේ මොකද උනේ කියලා අපි දන්නේ නැහැ. හොඳ වෙලාවට මිනිහා 87-89 භීෂණ කාලෙට ඉස්සෙල්ලා ඉඩමෙන් ගියේ. එයා යන්න ඇත්තේ විප්ලවයට පූර්ණ කාලීනව සහභාගී වෙන්න කියලයි අපි ඒ කාලේ හිතුවේ.
Highly recommended place machan. deparak giyaThanks machannnn
msg එකක් දැම්ම. පොඩ්ඩක් බලන්න.1970 විතර ඉඳලා 1986 විතර වෙනකල් අඩුම තරමින් මාස දෙකකට වත් මම වරක් ගිය පාරක්. ඒ කාලේ නම් එකම C type (දොර දෙක) බස් එකක් (ගාල්ල රත්නපුර) විතරයි දිව්වේ. රත්නපුර දෙනියාය බස් ඔක්කොම තනි දොර D හෝ E type.