රත්නමාලී යන්ත්‍ර මණ්ඩලය

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    රත්නමාලී යන්ත්‍ර මණ්ඩලය

    රත්නමාලී යන්ත්‍ර මණ්ඩලය


    සං සාර සාරෝඝ විනීත ණීසං
    සං ණීත සාතං සුවිසාර ධීසං
    සං ධීරකං සොණ්ණ තනු පලාසං
    සං ලාප දේසිං පණමේති සාසං

    සං සාහිගං කේවල මෝහ නාසං
    සං නාහකං මාර රණේ විසේසං
    සං සේවිතං දාසි මුදාරා හාසං
    සං හාර ධම්මං පණමේ සදාසං

    සං දාසගං නාසිත පාප නාසං
    සං නාප ධංසිං හත ඝෝර පාසං
    සං පාර ගාමිං සුවිසාර වාසං
    සං වාර සංඝං පණමෙ රසාසං


    සසර සැඩ පහර නවතා නිවන් වැද
    පැතිර නැණැති දිරිමත් රන් පතක් ලෙද
    නිතර දිළෙන තුමි සදහම් දෙසන ලද
    වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ

    සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
    යුදැඳුම් ලෙසින් මර යුගයෙහි දිවි රකින
    ඇසුරින් සතුට දෙන කෙළෙසුන් ඇති නසන
    නමදිමි බැතින් සිරි සඳහම් මිණි පහන

    සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
    බව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරන
    ලත් සැප දමා පරතෙර වෙත නෙත යොමන
    වඳිනෙමි නිතිපතා පින්සරු මහ සඟන