රතිඤ්ඤාවල උග්‍ර හිඟයක්-මිල සීග්‍රයෙන් ඉහ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    රතිඤ්ඤාවල උග්‍ර හිඟයක්-මිල සීග්‍රයෙන් ඉහ

    අවුරුද්දට රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් - රතිඤ්ඤා මිල සීග්‍රයෙන් ඉහළට - ගිනිකෙළි කර්මාන්ත ශාලාවලින් 90% වඩා වසා දමයි

    මෙවර රජයෙන් ගෙන්වා ඇති 'වෙඩි ලුණු' ලෙස හඳුන්වනු ලබන 'පොටෑසියම් නයිට්රේට්' නම්, රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියෙන් බාල වීම නිසා දැනට මාස දෙකකට වැඩි කාලයක් ගිනිකෙළි කර්මාන්ත ශාලාවලින් සියයට අනූවකට වඩා වසා ඇති බවත්, දහස් ගණනක් සේවකයන්ට රැකියා සම්බන්ධෙයන් ගැටලු මතුව ඇති බවත් ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කළා.
    මේ හේතුවෙන් සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේදී රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් ඇති වන බවත්, මේ අනුව මිල ඉහළ යෑමක් සිදුවන බවත් රතිඤ්ඤා නිෂ්පාදකයෝ තවදුරටත් කියා සිටියා.

    මෙලෙස ආනයනය කර ඇති බාල වෙඩි ලුණු පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත ශාලාවලට ලබා දුන්නද, එම රසායන ද්‍රව්‍ය අනෙකුත් රසායන ද්‍රව්‍ය සමග මිශ්‍ර වීමේදී රත් වීම මෙම කර්මාන්තය තුළ අනතුරුදායක බැවින් එම රසායන ද්‍රව්‍ය භාවිත කිරීම නවතා දමා ඇති බවත්, ඒ හේතුවෙන් කර්මාන්ත ශාලාවලින් සියයට අනූවක්ම වසා දැමීමට සිදුව ඇති බවත් ඔහුන් කියා සිටියා.

    එමෙන්ම ඇතැම් රසායන ද්‍රව්‍යවල මිල රජය මගින් සියයට 50කට වඩා වැඩිකර තිබීම නිසාත් මෙලෙස රතිඤ්ඤා මිල ඉහළ යෑමටත්, හිඟයක් ඇති වීමටත් බලපා ඇතැයි විශ්වාස කරනවා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    යකෝ මුන් රතිඤ්ඤෙටත් බදු ගහලද අනෙ අම්මපා :oo:

    goood
    mala wade ban awuruddata...

    එක අතකට ඒක නම් හොදයි :yes: කනක් ඇහිලා ඉන්න නෑ. බල්ලෝ පූසන්ව හොයන්න දුවන්න ඕන ඊට පස්සෙ උන් ගම් දාලා දුවන්නෙ :confused:
    හැබැයි දැන් කියයිද දන්නෑ රතිඤ්ඤා වලින් ශබ්ද දූෂණය වන නිසා රසායන ද්‍රව්‍ය වල මිල ඉහල දැම්මා කියල
    :rofl:
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mewain jeewathwena duppath minissunta thama kela wenne, 99% wage me wiyapare wada karana un hena duppath, paw un.

    habai eka athakata mamanam oya ginikeli karmanthetanam echchara kamaththak naa minissu karanawata. rachinna, malwedi gahagena boruwata sadde dala salli winasa karanawa. anith eka owa nisa godak saththu duk widinawa e welawata. ballo ehema duwanawa unge sound sensitivity godak wadi nisa sadde daraganna baruwa puduma dukak widinawa, kurullo ehema marenawa, mahama moda wadak oka.

    hodama wisaduma me sulu mattamen wiyapara karana ayata wisesa badhu sahanayak ekka hoda wedi beheth ikmanata import karala dila unta udaw karana eka me welawe, passe awurudu kipayaka project ekak widiyata start karala e ayata wena business, wurthiya puhunu patamala nomile dila e gollonta wena rakiya awastha hadala dena eka.