රතිඤ්ඤා හිඟයක් රට පුරා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රතිඤ්ඤා හිඟයක් රට පුරා

    අවුරුද්දට රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් - රතිඤ්ඤා මිල සීග්‍රෙයන් ඉහළට - ගිනිකෙළි කර්මාන්ත ශාලාවලින් 90% වඩා වසා දමයි


    rathindhakkakslalldldla__1522154589_219.79.112.86.jpg

    මෙවර රජයෙන් ගෙන්වා ඇති 'වෙඩි ලුණු' ලෙස හඳුන්වනු ලබන 'පොටෑසියම් නයිට්රේට්' නම්, රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියෙන් බාල වීම නිසා දැනට මාස දෙකකට වැඩි කාලයක් ගිනිකෙළි කර්මාන්ත ශාලාවලින් සියයට අනූවකට වඩා වසා ඇති බවත්, දහස් ගණනක් සේවකයන්ට රැකියා සම්බන්ධෙයන් ගැටලු මතුව ඇති බවත් ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කළා.

    මේ හේතුවෙන් සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේදී රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් ඇති වන බවත්, මේ අනුව මිල ඉහළ යෑමක් සිදුවන බවත් රතිඤ්ඤා නිෂ්පාදකයෝ තවදුරටත් කියා සිටියා.


    මෙලෙස ආනයනය කර ඇති බාල වෙඩි ලුණු පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත ශාලාවලට ලබා දුන්නද, එම රසායන ද්‍රව්‍ය අනෙකුත් රසායන ද්‍රව්‍ය සමග මිශ්‍ර වීමේදී රත් වීම මෙම කර්මාන්තය තුළ අනතුරුදායක බැවින් එම රසායන ද්‍රව්‍ය භාවිත කිරීම නවතා දමා ඇති බවත්, ඒ හේතුවෙන් කර්මාන්ත ශාලාවලින් සියයට අනූවක්ම වසා දැමීමට සිදුව ඇති බවත් ඔහුන් කියා සිටියා.


    එමෙන්ම ඇතැම් රසායන ද්‍රව්‍යවල මිල රජය මගින් සියයට 50කට වඩා වැඩිකර තිබීම නිසාත් මෙලෙස රතිඤ්ඤා මිල ඉහළ යෑමටත්, හිඟයක් ඇති වීමටත් බලපා ඇතැයි විශ්වාස කරනවා.


    150402190214_fire_crackers_sri_lanka_976x549_epa.jpg


    150402192618_fire_crackers_sri_lanka_439x549_epa.jpg


    150402195528_fire_crackers_sri_lanka_976x549_epa.jpg


    image_3a9d9aa6bd__1522154756_219.79.112.86.jpg
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,737
    2,862
    113
    colombo
    මුන්ට එක වැඩක් වත් හරියට කරන්න බැරිද ? මුන්ට බදු ගහන්න විතරය් දන්නේ සක්කිලි හැත්ත
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ජනතාව මූදල් අනවශ්‍ය ලෙස භාවිත කිරීම නවත්වන්න වෙන්න ඇති:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කිසි තේරුමක් නැති දෙයක්. අපේ සංස්කෘතියට ගැලපෙන්නෙත් නෑ

    සිරාවට....රනිල් කියන්නේ නළුවෙක් නෙවෙයි.. මොළයක් :lol::lol:
    මාර දැක්මක් තියෙන්නේ :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රතිඤ්ඤ දාල මොනාද බං ඕකෙ සතුටු වෙන්න තියෙන්නෙ