රතු ග්‍රහයා මත ජලය

sweets

Banned
Jul 2, 2011
297
160
0
රතු ග්‍රහයා මත ජලය

රතු ග්‍රහයා මත නිල් දිය දහර ගැන නව බලාපොරොත්තුවක්

Friday, 05 August 2011 09:03



Mars0034.jpg
අඟහරු ග්‍රහයා මතුපිට ද්‍රව ජලය පැවතීමේ ඉඩක් පවතින බවට නාසා ආයතනයේ විද්‍යාඥයෝ පවසති.
වසර 15කට අධික කාලයක් තිස්සේ නාසා ආයතනයේ විද්‍යාඥ‍යෝ මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා තිබූ අතර මේ වනවිට එය තහවුරු කළ හැකි සාක්ෂි ලැබෙමින් පවතින බවද ඔවුහූ වැඩිදුරටත් පවසති.
නාසා ආයතනයේ අඟහරු නිරීක්ෂණය පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියෙකු වන මයිකල් මේයර් මහතා පවසන්නේ එහි ජලය තිබේ නම් ජීවයද පැවතිය හැකි බවයි.
ඇරිසෝනා සරසවියේ ග්‍රහ‍ලෝක භූ විද්‍යාවේදියෙකු වන ඇල්ෆ්‍රඩ් මැක්එවන් විසින් දැනට ලැබී ඇති අඟහරු ග්‍රහයාගේ ඡායාරූප පදනම් කරගනිමින් පවසන්නේ රතු ග්‍රහ‍යා‍ගේ ගිම්හාන සෘතුවේදී ජලය ගලාගිය 'ඇල' මාර්ග වැනි සළකුණු දක්නට ඇති බවත් ඒවා ශීත සෘතුවේදී නොපෙනී යන බවත්ය. එබඳු 'ඇල' මාර්ග දහසකට වඩා අඟහරු මතින් සොයාගත හැකි බවද ඔහු වැඩිදුරටත් පවසයි.
එබැවින් තමා අඟහරු මත ලුණු ලවණ මිශ්‍රිත ජලය ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. ලුණු මඟින් එම ජලයේ අයිස් සෑදෙන උෂ්ණත්වය තවත් පහළ හෙළන බවද මැක්එවන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි. කෙසේවුවද මෙය තවමත් කල්පිතයක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
අඟහරු ග්‍රහයා මතුපිට ඝන අවස්ථාවේ පවතින ජලය (අයිස්) ඇති බව විද්‍යාඥයින් විසින් මෙයට පෙර අනාවරණය කරගෙන තිබිණි.