රතු මරණය සහ අවසන් බාල් නැටුම - 10 (The End)

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 10 (The End)

    ..ප්‍රොස්පොරෝ කුමරැ එවිටය, තම හදිසි භීතිය ගැන ලැජ්ජාවට පත්වෙමින්, ආගාර සය හරහා අමුත්තා පසු පස කෝපයෙන් පුපුරමින් යන්නට පටන් ගත්තේ. භීතියෙන් ඇලලී ගිය එකකුදු ඔහු පසුපසින් යාමට නිර්භය වූයේ නැත. ඔහු ඇදගත් කිරිච්චියකින්ද (පිහිය) සන්නද්ධව අමුත්තාට පියවර තුන හතරකින් ලංවූයේ ය. අමුත්තා මේ වන වන විට සිටියේ වෙල්වට් ආගාරයේ වූ අතර, ඔහු හදිසියේම අනෙක් අතට හැරී, තමා පසු පසින් ලුහුබදින්නාගේ මුහුණට මුහුණ දුන්නේ ය. එහිදී තියුණු කෑ ගෑමක් නැගිනි. කිරිච්චිය දිලිසුම් දෙමින් සේබල් බුමුතුරැණ මත ඇද වැටුනි. ඒ සමගම, ප්‍රොස්පෙරෝ කුමරැද උඩු බැලි අතට ඇද වැටිනි. ඔහු මිය ගොස් සිටියේ ය. මෙහිදී, වික්ෂිප්ත බව නිසාම හටගත් ධෛර්ය්‍යයකින් යුතුව, පිරිසෙන් එක් කල්ලියක් කාලවර්ණ කුටියට කඩා වැදුනේ ය. එහෙක් කළුවර ඔරලෝසුවෙහි ජායාව යට නිශ්චලව සිටගෙන සිටි, මළ මිනී වෙස් මුහුණක් ඇදගත් රෑපය දැකීමෙන්, විස්තර කළ නොහැකි භීතියකින් යුතුව ඔවුහු හුස්ම ඉහළ‍ට ඇදගත්හ.

    රතු මරණය මාළිගය තුළට පැමිණ ඇති බවට රාවට පැතිර ගියේ ය. ඔහු පැමින තිබුනේ රාත්‍රිවේ සොරෙකු පැමිනෙන්නාක් බදුව ය. විනෝදකාමීහු එකිනෙකා, රැධිරය ඉසුනු අගාර භූමි මත, විවිධ බියකරැ ඉරියවු විලින් ඇද විට මිය යන්න‍ට පටන් ගත් හ. කළුවර ඔරලෝසුවෙහි ජීවයද, අවසන් පුද්ගලයාගේ මරණයද සමගම අවසන් වී ගියේ ය. ත්‍රිපාදිකයන් මත ඇවිළුණු ගිනි දළු නිවී ගියේ ය. අදුරද, විනාශය සහ දිරාපක් බවද, රතු මරණයද, සියල්ල මතින් තම නිම කළ නොහැකි බලය පැතිරවූයේ ය.

    The End.