රතු මරණය සහ අවසන් බාල් නැටුම - 5

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    රතු මරණය සහ අවසන් බාල් නැටුම - 5

    ..සත් වෙනි ආගාරය කාලවර්ණ වෙල්වට් රෙද්දෙන් සීලිමෙහි සිට බිත්ති දිගේ පහළට මුළු මනින්ම ආවරණය කර තිබුනේය. එය බරැති රැළි නංවමින් ගලා හැලුනේ ඊට සමාන ම කාලවර්ණ රෙද්දකින්ම නිමවා තිබූ බුමුතුරැනත් මතටය. එහෙත් මෙම කාමරයෙහි පමණක්, එහි ජනේලය, එහි අලංකරණයන්ගේ පැහැය සහ හැඩය ගන්නට අසමත් විය. මෙහි ජනේල පේනූ රක්ත වර්ණ වූයේය -- ඝන ලේ වැනි රතුවන් විය.

    MasqueOfTheRedDeath_Black_Room_by_pimpdaddyhetzer.jpg


    masque_of_the_red_death_grand_hall_bac.jpg


    Masque_of_the_Red_Death.jpg


    දැන්, මේ ආගාර සතෙන් කිසිම එකක එකදු ආලෝකයක්, ලාම්පුවක්, හෝ ලාම්පු රදවනයක් තිබුනේ නැත. වහළය මත එල්වා තුබූ හෝ ආගාරය තුළ ඒ මේ අත විසිරැවා තිබූ නා නා විධ රත්‍රන් අලංකරණ හා ආබරණ ආලෝකමත් කෙරැමට ආගාරය තුළ ආලෝකයක් තිබුනේ නැත. එහෙත්, අනෙක් පස තුබූ කොරිඩෝරයට (සියළු ආගාර වලට යත හැකි) මුහුණ ලා පැවති සෑම ජනේලයකටම එහා පසින්, ඉටි පන්දම් රදවන බරැති ත්‍රිපාදිකයක් සිටුවා තිබුනි. මෙම ත්‍රිපාදිකය මත මහත් ගිනි අගුරැ කබලක් තබා තිබුනු අතර, මෙයින් නිකුත් වූ ගිනි දළු, අර වර්ණැති ජනේල වලින් පෙරී විත් කාමරය දිලිසුම් දෙන තරම් ආලෝකවත් කළේ ය. මෙහෙයින් මෙම ආලෝකයෙන් කාමරය තුළ ඇති දෑ මත පතිත වීමෙන්, දිලිසෙන්නාවූත්, දකින්නා විශ්මයට පමුණුවන්නාවූත් දර්ශණයන් මැවුනේය.

    christmas-corner-brazier.jpg


    red-room.jpg


    මෙසේ, බටහිරින්ම වූ කාලවර්ණ ආගාරයේ ජනේලය කුළින් පෙරී පැමිනි ලේ රක්තවර්ණ ආලෝකය නිසා ඇතිවුනු භාවයන් අනෙක් ආගාර වල බියකරැ අස්වාභාවික අලංකාරය පරදවා දැමීමට සමත් විය. එම රතුවන් ආලෝකය ඉහළ සිට එල්ලා වැටෙන කළුවන් තිර රෙදි මත පතිත වී තිබින.

    124516-stock-photo-room-background-picture-ghosts-spectres--phenomenon-visual-spectacle-spooky.jpg


    මෙම කළුවන් ආගාරයට කෙනෙකු පැමිනියහොත්, ඔහුගේ මුහුනේ ඇදී යන්නේ උමතු ස්‍යෙයාවකි. ඇත්තෙන්ම කිවහොත්, මෙම බිත්ති සතර තුළට පය ගැසුවේ, එහි සිටියවුන්ගෙන් නිර්භයම අතලොස්සක් පමණකි...


    මතුවට..
     
    Nov 26, 2013
    10
    1
    0
    really it will make u made if u get in to it in a reality, becoz the picture it self made me unconcious with thad blood red colored stuff......
    super doober translation yoo;):sorry::yes: