තුන (a crime story)

haritha_kh

Active member
  • Jun 16, 2018
    245
    108
    43
    මං ඉංග්‍රීසි පුරුදු වෙන්න පොඩි ඉංග්‍රීසි කතාවක් පරිවර්තනේ කරා.:Dඑක අනිත් අයටත් කියවන්න කිරියට දාන්නම්.ගෑණියෙක්ව මරන්ඩ හදන සිද්දියක් තියෙන්න:shocked:.කතාව එච්චර දිග නෑ.මුළු කතාවම දාන්නම්.කියවලා බලලා කියන්ඩකෝ කොහොමද කියලා.මේක කලින් පරිවර්තනේ කරලා තිබ්බ එකක් නම් සොරි හොඳේ :sorry:

    ***

    සැප්ත්ම්බර් මාසයේ එක්තරා දිනයක සවස 5ට පමණ, රොනල්ඩ් ටොර්බේ ඔහුගේ තුන් වන මිනීමැරුම සදහා සුදානම් වෙමින් සිටියේය.ඔහු ඉතාම සුපරික්ෂාකාරී විය.මිනීමැරීම නිතර නිතර කරන විට එය ඉතාම භයානක කටයුත්තක් බවට පත් වන බව ඔහු මේ වන විට අවබෝධ කරගෙන සිටියේය.

    ඔහු සිටියේ ඔහු මෑතකදී කුළියට ගත් නිවසේ නාන කාමරය තුළයි.සුළු වෙලාවකට නතර වී ඔහු කණ්ණාඩිය දෙස බැලුවේය. කැහැටු අවපැහැ ගැන්වුණු මැදි වයස් මුහුණක් ඔහු දෙස බලා සිටියේය.කළු පැහැ කොන්ඩයකින්,උස් වූ නළලකින් හා නිල් පැහැ ඇස් වලින් යුක්ත වූ එහි මුව පමණක් අසමාන්‍ය ලෙස පටු හා ඍජුවිය. අඩුම තරමේ රොනල්ඩ් ටොර්බේවත් සිය මුවට කැමැත්තක් දැක්වුවේ නැත.

    පහත කුස්සියෙන් ඇසුණු හඩත් සමග ඔහුගේ අවධානය බිදී ගියේය.එඩිත් නාන්නට සුදානමින් ඉහළට පැමිණෙනවාවත්ද?ඔහු ඇයට නෑමට නාන කාමරය සුදානම් කරමිනුයි සිටියේ.තවම එම කටයුත්තද අවසන් නැත.ගැටළුවක් නැත,ඇය පිටුපස දොරෙන් ඉවතට ගියාය.ඇය නිවසේ කවාකාර පෙදෙසේ සිට කුඩා හතරැස් ගෙවත්ත තුළට ගොස් නොපෙනී යනු ඔහු ජනේලයෙන් බලා සිටියේය.එම ගෙවත්ත දිගු මාවතේ වූ අනෙක් සියලුම ගෙවතුවලට සැම අතින්ම සමාන විය.ඇය එහි තනිව සිටීම ගැන ඔහුගේ මනාපයක් නොවිණි.වැටෙන් එහා පස වූ අසල්වැසි නිවසටද මැතකදී අලුතින් යුවලක් පදිංචියට පැමිණියහ.ඇය තරමක් කුලෑටි කාන්තාවකි,නමුත් කව්රුන් හෝ අසල්වැසි මෝඩ ගැහැණියක් පැමිණ ඇය සමග කුළුපග විය හැක.දැන් නම් එය සිදුවනු දැකීමට ඔහුට කිසිසේත්ම අවශ්‍ය නොවිණි.

    ***
    ඔහුගේ විවාහයන් තුනම එකම ආකාරයකට සිදු විය.ඔහු ව්‍යාජ නමක් භාවිතා කරමින් ඔහුව කිසිවෙකු නොහදුනන ප්‍රදේශයකට නිවාඩුවක් සදහා යයි.එහිදී මැදි වයසේ වූ එතරම් ආකර්ශනීය නොවන,තරමක් වත්කම් ඇති තනිකඩ,කිසිම නෑදෑයෙකු හෝ පව්ලේ කිසිවෙක් නොමැති කාන්තාවක් සොයා මුණගැසී, ඇයට විවාහ යෝජනාවක් කිරීම ඔහුගේ ක්‍රමයයි.එසේ හමු වූ ඔහුගේ අනෙක් බිරින්දෑවරු දෙදෙනාද තරමක් කුලෑටි අයවලුන් වුහ.අලුත් පදිංචි ස්ථාන වලට ගිය පසු ඉක්මනින් මිතුරන් ඇතිකර නොගන්නා ආකාරයේ කාන්තාවන් තොරා ගැනීමට ඔහු සෑම විටම ඉතා ප්‍රවේශම් විය.

    මේරි,ඔවුන්ගෙන් පළමුවැන්නා,ඔහු විසින් කුළියට ගන්නට යෙදුණු මේහා සමාන වූ නිවසේ නාන කාමරය තුළ මාරාන්තික අනතුරකට ලක්ව ඇත.එය සිදුවී ඇත්තේ උතුරු එංගලන්තයේය,ඔහු දැන් සිටිනුයේ දකුණු එංගලන්තයේයි.පොලිසියට මෙම සිද්දියේ කිසිදු වැරැද්දක් හමු වී නොමැත.මේ ගැන උනන්දුවක් දක්වා ඇත්තේ ප්‍රාදේශීය පුවත්පතක එකතරා තරුණ පුවත්පත් වාර්තාකරුවෙක් පමණි.විවාහ වී සති තුනකට පසුව සිදු වූ මෙම මරණය ගැන තරමක් උපහාසාත්මක ලෙස,මේරිගේ විවාහයේ සහ මලගෙදර චායාරූප පල කරමින් ඔහු විසින් යමක් ලියා තිබිණි.

    දෙවැන්නිය ,ඩොරති විසින් ඔහුට තරමක් ගැටළු ඇති කර තිබිණි.ඇයට මෙලොව කිසිවෙකු නොමැති බව ඇය පවසා තිබුණත් එය සත්‍යක් නොවුණි.ඇගේ සහෝදරයා මළගෙදරට පැමිණ ඇගේ මුදල්,වත්කම් ගැන ප්‍රශ්නකොට ඇත.ඒ පිලිබදව අධිකරණයටද ගොස් ඇති අතර, රොනල්ඩ් ඉන් ජයග්‍රහනය කොට ,එම සියලු වත්කම් ඔහුට හිමි වී ඇත.

    ***
    ඒ සියල්ල සිදු වුයේ දැනට වසර හතරකට පෙරයි.දැන් අලුත් නමක්,අලුත් චරිතයක් සහ අලුත් රාජකාරි පසුබිමක් සමග ඔහුට යම් ආරක්ෂාකාරී බවක් දැනුණි.

    මුහුද ආසන්නයේ තිබුණු අවන්හලෙහි කොනක වූ කුඩා මේසයක ඇය තනියම අසුන්ගෙන සිටියාය.මේ සිටින්නේ ඔහුගේ ඊලග ගොදුර බව ඇය දුටු සැණින් ඔහුට ඉවෙන් මෙන් වැටහිණි.ඇය නොසතුටින් සිටින බව හා ඉතා වටිනා මුදුවක් පැළද සිදී බවද ඔහු නිරීක්ෂණය කර තිබිණි.

    ආහාරයෙන් පසු ඔහු ඇයට කතා කළේය.මුලදී ඇයට කතා කිරීමට අවශ්‍ය නැති බවක් පෙන්වුවද අවසානයේ ඔහු ඇයව කතාවට අල්ලාගත්තේය.ඉන් පසු සියල්ලක්ම ඔහු අපේක්ෂා කළ පරිදිම සිදු විය.එම සතිය අවසන් වන විට ඔවුන් දෙදෙනා ආදරවන්තයෝ වුහ.

    රෝනල්ඩ්ගේ අරමුණ සදහා ඇගේ පවුල් පසුබිම බෙහෙවින් යෝග්‍ය විය.වසර දහයක් බාලිකා පාසලක ඉගැන්වීමෙන් අනතුරුව ඇය ඇගේ අසනිප පියා රැකබලා ගැනීමට නිවසේ නැවතී ඇති අතර පියා මියයන තෙක්ම ඈ ඔහු අසලින්ම සිට ඇත.දැන් ඇයට වයස හතළිස් තුනක් වන අතර විශාල මුදල් වත්කම්ද සහිතව තනිකඩ දිවියක් ගත කරන්නීය.ඇයටද කිසිවෙක් නොසිටි අතර ඇගේ අනාගතය ගැන ඇයට පැහැදිලි අදහසක් නොතිබිණි.

    හමු වීමෙන් සති පහකට පසුව ඔවුන් දෙදෙනා මුණ ගැසුණු නගරයේදීම රොනල්ඩ් ඇයව විවාහ කරගත්තේය.ඉන් පසු ඔවුන් දෙදෙනා මෙම කුලී නිවසට පැමිණියෝය.නිවාඩු සමය අවසානයට ලගා වීම නිසා රොනල්ඩ් විසින් එය ඉතා ලාබෙට ලබා ගන්න ලද්දකි.ඔහුගේ විවාහයන්ගෙන් සුන්දරම විවාහය මෙය විය.ඇය උද්‍යෝගීමත් මෙන්ම තරමක් සංවේදී අයෙක් බව ඔහුට දැනුණි.නමුත් පිරිමියෙකුට ඈ වැනි මැදි වයස් කාන්තාවක් දුටු පළමු බැල්මෙන්ම ආදරයක් ඇති වේයයි විස්වාස කිරීමද මෝඩ ක්‍රියාවකි.ඒ නිසා ඇයට කිසිම සැකයක් ඇති නොවන පරිදි කටයුතු කළ යුතු බව ඔහු දැන සිටියේය.පසුව ඔහු ඇගේ අනාගතය තීරණය කිරීමට අවශ්‍ය සැලසුම් සෑදීමට පටන් ගත්තේය.

    ඔහු බලාපොරොත්තු වුණු කාලයටත් පෙර මෙම කටයුත්ත අරඹන්නට හේතු දෙකක් තිබුණි.එකක් නම් ඇයට ඇගේ මුදල් ගැන කතා කිරීමට තිබූ අකමැත්තයි.ඇය ඇගේ සියලුම ව්‍යාපාරික ලිපි ගොනු ආදිය ලාච්චුවක අගුලු දමා තිබුණු අතර ඒවා ගැන කතා කිරීමට අකමැත්තක් දැක්වූවාය.අනෙක් හේතුවනම් ඇය ඔහුගේ රැකියාව ගැන අනවශ්‍ය ලෙස සෙවීමයි.තමන් ඉංජිනේරු සමාගමක කොටස් කරුවෙක් බවත්,දැනට ඉන් දිගු නිවාඩුවක් ලබාගෙන සිටින බවත් රොනල්ඩ් එඩිත්ට පවසා තිබුණි.එඩිත් එය පිළිගත්තද ඒ ගැන නිතර නිතර නොයෙක් දේ විමසා සිටි අතර,ඔහුගේ කාර්යාලයට සහ කර්මාන්ත ශාලාවට යාමටද ඈට අවශ්‍ය විය.

    එම නිසා කටයුත්ත ඇරඹීමට සුදුසුම කාලය මෙය බව ඔහු තීරණය කර තිබුණි
    ඔහු ජනේලයෙන් ඉවත් වී නාන බේසමට වතුර පිරවීමට පටන් ගත්තේය.ඔහුගේ හද ගැස්ම ඉතා වැඩි වී තිබෙන බව ඔහුට දැනුණි.ඔහු එයට අකමැති විය.සන්සුන්ව සිටීමට ඔහුට අවශ්‍ය විය.

    ඔවුන් පින්තාරු කරන ලද එකම කාමරය නාන කාමරය පමණි.ඔවුන් එහි පැමිණ ටික දවසකින් රොනල්ඩ් එය පින්තාරු කළේය.තවද නාන බේසමට ඉහළින් ඔවුන්ගේ විවිධ බෝතල්,ක්‍රිම් සහ විදුලි ජල හීටරය තැබීමට කුඩා රාක්කයක්ද තැනුවේය.එය වැඩිය වැඩ නොමැති,තට්ටු දෙකකින් යුත් ,බිත්තිය මෙන් සුදු පැහැ සරල රාක්කයකි.කාමරය තුළ විදුලි ස්ථානයක් නොමැත නිසා කාමරයේ දොර අසල ඉවතින් ඇති විදුලි ස්ථානයකට විදුලි ජල හීටරය සවි කිරීමට ඔහුට හැකි විය.

    ඔහු දැන් හීටරය දෙස හැරි, එහි ඇති කම්බි තීරු රතු පැහැ වී උණුසුම් වන අයුරු බලා සිටියේය.ඉන් පසු ඔහු කාමරයෙන් පිටතට පැමිණියේය.නිවස තුළ සියලු විදුලි සබදතා වල පාලක පුවරුව පඩි පෙළෙහි මුදුනට වන්නට පිහිටා තිබුණි.ඔහු එහි තිබුණු ප්‍රධාන ස්විච්චය විසන්ධි කර නිවස තුළ විදුලිය කපා හැරියේය.ඇගිලි සලකුණු නොපිහිටිමට ඔහු රෙදි කැබැල්ලක් අතේ ඔතාගෙන සිටියේය.
    නැවත පැමිණෙන විට නාන කාමරයෙහි තුබුණු හීටරයේ කම්බි නැවත කළු පැහැ වී තිබුණි.අතේ තිබුණු රෙදි කැබැල්ලෙන් ඔහු හීටරය අල්ලා එය රාක්කයෙන් ගෙන නාන බේසමේ කෙලවර පතුලේ ඇති ජලයට දැම්මේ,එය ඉබේම බේසමට පතිත වූ ලෙස පෙනෙන පරිදිය.ජලය උණුසුම් කරන කම්බි කොටසද සමග මුළු උපකරණයම ජලයේ ගිලුණි. එඩිත් නැවත ගෙවත්තේ සිට නැවත එමින් සිටියාය.ඇය කුස්සියට එපිටින් වූ යමක් සොලවනු ඔහුට ඇසිණ.එය ගනනකට නොගෙන ඔහු සිය සාක්කුවෙහි වූ කුඩා බෝතලයක් පිටතට ගෙන එහි වූ උපදෙස් නැවත කියවන්නට පටන් ගත්තේය.

    පිටිපසින් නැගුණු කුඩා හඩක් හේතුවෙන් ඔහු එක්වරම පිටුපස හැරුනේය.මීටර දෙකක් පමණ දුරකින් ඔහුට දිස් වුයේ එඩිත්ගේ හිසයි,නාන කාමරයේ ජනේලයට පහළින් ඇති කුස්සියේ පැතලි වහළය ආසන්නයේ සිට ඇය වහළය මත තිබුණු වියළි කොළ අතු ඉවත් කරන්නට පටන් ගත්තාය.අනිවාරෙන් ඇය කුස්සියේ දොර අසල ඉනිමගක් තබා එයට නැග සිටිනවා විය යුතුය.
    ඔහු සන්සුන්ව සිටිමින් මෙසේ ඇසුවේය. “ඔයා ඔතන මොනවද කරන්නේ පැටියෝ?”

    එඩිත් එක්වරම තිගැස්සිණි.“අනේ ඔයා මාව බය කළානේ,මන් නාන්න එන්න කලින් මේ පුංචි වැඩේ කරලා එන්න ගියේ.” “එත් මන් ඔයාට නාගන්න මේ කාමරේ ලෑස්ති කරලා ඉවරයිනේ”

    “කමක් නෑ ,නැත්නම් ඔයාටම මේ ඔක්කොම කරන්න වෙනවනේ රොනල්ඩ්”

    “එක නෙවෙයි,මන් අද ඔයාව රෑ කෑමකට එලියට එක්කන් යන්න ඉන්නේ ඉතින් අද ඔයා ලස්සනට ඉන්න එපැයි. කෝ ඉක්මන් කරන්න.ඔය රෙදි මාරු කරගෙන ඉක්මනට එන්න.මන් බේසමට සබන් දාන්න යන්නේ.මේ සබන් පෙනත් වැඩි වෙලාවක් තියන එකක් නෑ”

    “හොදයි පැටියෝ”ඇය ඉනිමගින් බැසීමට පටන් ගත්තාය.

    රොනල්ඩ් කුඩා බෝතලය විවෘත කර එහි ඇති දියරය නාන බේසමට හැලුවේය.ඉන් පසු නැවත බේසම ජලයෙන් පුරවන්නට පටන් ගත්තේය.

    සුළු මොහොතකින් රෝස සුවදකින් යුතු පෙණ වලින් බේසම වසා ගන්නා ලදී.පෙන නිසා හීටරය සහ නාන බෙසමේ බිත්තිද සම්පුර්ණයෙන්ම පාහේ ආවරණය විය.එඩිත් දොර අසලට පැමිණ, “අනේ රොනල්ඩ්,පෙණ හැම තැනම විසිරිලානේ,බිමටත් වැටිලා”

    “එකට කමක් නෑ,ඉක්මනට නා ගන්න පෙණ ටික නැති වෙන්න කලින්.මම ගිහින් ලෑස්ති වෙන්නම්”
    ඔහු පිටතට පැමිණ නැවතී සවන් යොමුකරගෙන සිටියේය,ඔහු බලාපොරොත්තු වූ පරිදි ඇය දොර වසාගත්තාය.ඔහු සෙමෙන් විදුලි පාලක පුවරුව වෙත ගමන් කර, තවත් මිනිත්තුවක් රැදී සිටියේය.

    “කොහොමද වතුර ටික”ඔහු උස හඩින් ඇසුවේය.

    “ටිකක් ඉන්නකෝ,තාම මන් බේසමට බැස්සා විතරයි.හොද සුවදක් නම් එනවා”
    ඔහු රෙදි කැබැල්ලක් ඔතාගෙන සිටි සිය අත පාලනය කරගෙන සිටියේය.

    “එකායි,දෙකායි...තුනායි” යැයි තමන්ටම පවසාගනිමින් ඔහු ප්‍රධාන ස්විච්චය ක්‍රියාත්මක කළේය.කුඩා පිපිරීමක් සමග විදුලි පුලිගුවක් එම ප්‍රධාන විදුලි පුවරුව පිටුපසින් නැගුණු අතර මුළු නිවසේම විදුලිය ඇන හිටිණි.නාන කාමරය තුළ ඔහුට අවශ්‍ය දේ සිදු වුදු බව ඉන් ඔහු වටහා ගත්තේය.ඉන් පසු සියල්ල නිහඩ විය.

    සුළු වෙලාවකින් ඔහු නාන කාමරය අසලට ගොස් දොරට තට්ටු කළේය. “එඩිත්?”එපිටින් පිළිතුරක් නොලැබිණි,කිසිදු හඩක් නැත.

    දැන් ඔහුට ඔහුගේ දෙවන අදියරය ක්‍රියාත්මක කිරීමට සිදු වේ.ඔහු දන්නා පරිදි, තරමක් අපහසු කටයුත්ත මෙයයි.දැන් මල සිරුර සොයා ගන්නා කොටස රගපෑ යුතුයි,එත් දැන්ම නෙවෙයි.ඔහු එම අත්වැරැද්ද ඩොරති ගේ ‘අනතුර’ සිදු වුණු අවස්ථාවේ සිදු කළේය,පොලිසිය ඔහුගෙන් අසා සිටියේ මෙතරම් ඉක්මනට කලබල උනේ ඇයි දැයි යන්නයි.එමනිසා මෙම අවස්ථාවේදී නාන කාමරයේ දොරට වේගයෙන් ගැසීමට පෙර පැය බාගයක් රැදී සිටීමට ඔහු තීරණය කළේය.ඉන් පසු අසල්වැසියෙකුට කතා කර අවසානයේ දොර කැඩීමට ඔහු ඉටා ගත්තේය.
    දැන් ඔහුට යමක් කිරීමට ඇත.එඩිත් ඇගේ සියලුම පුද්ගලික ලිපි ගොනු ඇතුලත් පෙට්ටගම ඇගේ ඇදුම් දමා ඇති ලාච්චුවට තබා ඇති බව ඔහු පෙර සොයාගෙන තිබුණි.ඔහු සීරුවෙන් කාමරයට ගොස් ලාච්චුව විවෘත කළේය.පෙට්ටගම එහි තිබිණි.ඔහු බලාපොරොත්තු වුවාට වඩා එහි අගුල විවෘත කර ගැනීම අපහසු විය.ඒ තුළ යම් මුල්‍යමය කටයුතු සම්බන්ද ලිපිගොනු,ලියුම් කවර කීපයක් හා ඊට ඉහළින්ම ඇගේ ඉතිරි කිරීමේ ගිණුමද තිබුණි.

    වෙවුලන දෑතින් යුක්තව ඔහු එය විවෘත කළේය.එහි මුදල් තැම්පත් කර ඇති පිළිවෙල මෙසේය,යුරෝ 17 000...18 600...21 940...! නමුත් ඊලග පිටුව වෙත යොමු වූ ඔහු පුදුමයට පත් විය,ඇය සැප්තැම්බර් 4 වන දින ගිණුමේ තිබුණු මුදල් සියල්ල ඉවත් කරගෙන තිබිණි!! ඇය ඒ මුදල් මෙහිම තබා තිබෙනවා වෙන්නත් පුළුවන්,මේ ලියුම් කවරවලට දැමුවාවත්ද?ඔහු ඉන් එකක් විවෘත කළේය.කොල කැබලි,ලිපි ආදිය ඉන් බිම වැටිණි. විගස ඔහු එඩිත්ගේ අත් අකුරින් ලියූ ඔහුගේ නම සහිත ලියුම් කවරයක්ද පෙට්ටගමේ තිබෙනු දුටුවේය! ඔහු එය ඇද විවෘත කර දුටු දෙයින් පුදුමයට පත් විය.එය ලියා තිබුනේ මිට දින දෙකකට පෙරයි!

    ආදරණිය රොනල්ඩ්,

    ඔයා කවදා හරි මේ ලියුම කියවනවා නම්,මම දන්නවා ඔයා ගොඩක් කම්පා වෙයි.දැන්ම මේ ලියුම ලියන්න වේයි කියලා මම හිතුවේ නැහැ,එත් දින කීපයක සිට ඔයාගේ හැසිරීම මේ ලිවුම ලියන තැනට මාව පත් කළා.

    මම වගේ මැදි වයසේ ඉන්න ගෑණු කෙනෙක්ව අදුරන්නේවත් නැති එක්කෙනෙක් ඇවිල්ලා ඉක්මනින් විවාහ කරගන්න හදනකොට ඒ ඇයි කියලා මට හිතෙන්නෙවත් නැති වෙයි කියලද ඔයා හිතාගෙන හිටියේ? මුලදී මම හිතුවේ ඔයා මට ආදරෙයි කියලා.එත් මුල ඉදන්ම ඔයා මගේ දේපල ගැන නිතරම හොයා බලද්දී මට අමුත්තක් දැනුණා.ඔයා ගැන මන් අහන සමහර දේවල්වලට ඔයා දෙන පිළිතුරු ගැනත් මට සැක හිතුණා.ඉතින් අපි මේ ගෙදරට ඇවිත් ටික දවසකින් මම ගියා පොලිසියට.

    ඔයාට දැනුනේ නැද්ද අල්ලපු ගෙදරට මේ ලගදි ආපු මිනිස්සු ඔයාට එක පාරක්වත් කතා කළේ නෑ කියලා.මේකයි,ඒ දෙන්නා සැමියයි බිරිදයි නෙවෙයි.ඒ පොලිස් පරීක්ෂකයෝ.පොලිස් කාන්තාව මට පරණ පත්තර කොටස් දෙකක් පෙන්වූවා.ඒ දෙකේම තිබුනේ අලුත විවාහ වුණු කාන්තාවක් නාන කාමරේදී අනතුරට පත් වෙලා මැරිලා තිබුණු.හැටි.ඒවා ගොඩක් පරණ උනත් ඒ දෙකේම මලගෙදරදී අරන් තිබුණු චායාරුපවල හිටපු ඔයාව අදුරගන්න එක මට ගොඩක් අමාරු උනේ නෑ.

    ඉතින් එකෙන් මම තේරුම් ගත්තා පොලිසිය කියන විදිහට වැඩ කරන එක තමයි දැන් මගේ යුතුකම කියලා.ඔයාගේ දෙවැනි බිරිදගේ සහෝදරයා ඒ චායාරුප දෙක පොලිසියට දුන්නු දවසේ සිට පොලිසියෙනුත් ඔයාව හොයමින් තමයි ඉදලා තියෙන්නේ.
    ඔයා තමයි නියම අපරාද කාරයා කියලා හරියටම තහවුරු කරගන්න අවශ්‍ය නිසා ඔයාට ආපහු අපරාදය කරන්න අවස්ථාව ලබා දෙන්න අවශ්‍ය බව පොලිසියෙන් මට දැනුම් දුන්නා.අන්න ඒ නිසයි මම මගේ බය පැත්තකට දාලා මේ රගපෑම කළේ.

    මට ඔයාට කියන්න දෙයක් තියනවා රොනල්ඩ්,ලගදීම දවසක ඔයාට මාව නාන කාමරේදී නැති වේවි,මම ගිහින් තියේවි,හැබැයි ඒ ඔයා හිතන විදිහට නම් නෙවෙයි.ඔයා පස්සේ දැන ගනියි මම කුස්සියේ වහලෙට නැගලා පැනලා ගිහින් කියලා.ඔයා එක්ක විවාහ වෙන්න තරම් මන් ගොඩක් මෝඩයි,හැබැයි ඔයා හිතන තරම් මන් මෝඩ නෑ.

    ඔයාගෙම,

    එඩිත්.

    එය කියවා අවසන් වන විට රෝනල්ඩ්ගේ තොල කට සිදී ගොස් තිබිණි.නිවස තවමත් නිහඩය.නමුත් ඒ නිහඩතාවය බිදගෙන නිවසේ පිටුපස දොර විවෘත වනු ඇසිණි.බරැති පා හඩවල් නගමින් පිරිසක් පඩිපෙළ නැගගෙන ඔහු වෙත ලගාවනු ඔහුට ශ්‍රවනය විය.
    නිමි
    .
    ***

    Here is the original English story>https://docs.google.com/document/d/1Xw5nbjtkepp6aeQR7iT_zq_pjsayO3E0HcFfMRh957A/edit?usp=sharing

    ‘Margery Allingham’ නම් බ්‍රිතාන්‍ය ලේඛිකාවගේ
    ‘Three Is a Lucky Number’ නම් කතාවේ සිංහල පරිවර්තනයයි.
     
    Last edited:

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15

    Supiri macho...
    Rep+ dunna
     
    • Like
    Reactions: haritha_kh

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    Patta mchn...

    Meka aye English karanna qwoth tama mata Amaru wenne

    ow ow:sorry:.me kathawa nam sarala english walin thibe.e hinda amaru une na pariwarthane karanda:D

    patta.. english eka nam kiyola naa. eth sinhala eka hodata liyala thiyanawa. thawa hodata wadi diyunu karala pothak kaloth mokada?????
    man me kathawa gaththa pothe thawa me wage karha thibba.issarahatath dannam thawa:D

    හොද උත්සාහයක්...දිගටම ලියන්න :)
    hodai machan :)

    Supiri macho...
    Rep+ dunna

    ඔක්කොටම ගොඩක් ස්තුතියි:D:love::love: