රතු මරණය සහ අවසන් බාල් නැටුම - 6
..ඔරලෝසුවෙහි හඩ බාලව යද්දී, පිරිසෙහි සිටි ඉක්මනින් කළබලයට පත් වන්නෝ සුදු මැලිව ගිය අතර, වඩාත් වයෝවෘධවූද සන්සුන්වූද අයවළුන් තම අත් වලින් නළල් පස දමාගත්තෝය -- වික්ෂිප්ත බවින් යුතුව කල්පනාවෙහි යෙදෙන්නාක් මෙන්.
එහෙත් ඔරලෝසු හඩ මැකී ගිය විගස. පහත් සිනා හඩක් සියල්ලෝ කෙරෙහිම පැතිර ගියේ ය. සංගීතඥයෝද එකිනෙකා දෙස බලා සිනාසුනේ තමන්ගේ ම මුග්ධකමට සිනාසෙන්නාක් මෙනි. මීළගට ඔවුහු, මීළග ඔරලෝසු හඩට නම් තමන් එසේ බිය නොවන බවට එකිනෙකා වෙත මතුරාගත්හ. එහෙත් නැවතත් විනාඩි 60 ක් ගිය තැන නැවතත් කනිසම් හඩ නැගී එද්දී, සියළු දෙනා මත පතිත වූයේ පෙර ඔවුන් වෙත පැමිනි බියජනක භාවය, කළබලය සහ කල්පනාකාරී භාවය යි.
එහෙත් මෙම එක් කාරණාව හැරැණුකොට, එය සතුටුකාමී සහ විශිෂ්ට උත්සවයක් වූයේ ය.
ආදිපාදවරයාගේ රසඥතාවය අසාමාන්‍ය එකක් බව පෙරදීද මම කීවෙමි. ඔහුගේ වර්ණයන් සහ අලංකරණයන් පිළිබද ඇස තියුණු එකක් වූයේ ය. ඔහු සාමාන්‍ය සාම්ප්‍රධායික අලංකරණයක් පිළිකුල් කලේ ය. ඔහුගේ සැළසුම් නිර්භය සහ "ගිනි පිටකරන" ඒවා විය. ඔහුගේ සංකල්පනාවන් ම්ලේච්ඡ ගින්නකින් දැවුනේ ය. සමහරැන් සිතුවේ ඔහු උම්මත්කයෙක් බවය. එහෙත් ඔහු ට සහය දක්වන්නන් එසේ සිතුවේ නැත. ඔහු උමතු නැතැයි දැන ගැනීමට නම් ඔහුව හොදින් ආශ්‍රය කොට, ඔහුට හොදින් සවන් දී ඔහුව හොදින් දැකබලා ගත යුතුය...
To be continued...

Last edited: